පසුගිය ජනාධිපතිවරණය තවත් එක් මැතිවරණයක් ද? නැතිනම් සමාජ විද්‍යාත්මකව දක්වන විශේෂත්‍වයන් මොනවා ද? පැහැදිලි හේතු කීපයක් නිසා විශේෂ මැතිවරණයක්. පැවැතිච්ච පාලනය පරාජය කරන්න මිනිසුන් තුළ තිබුණු බලවත් අවශ්‍යතාවක් ප‍්‍රකාශයට පත් වුණ මැතිවරණයක් ඒක. මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ යුද්ධය අවසන් කළ පසු සහ එයට පෙර කරපුවත් මීට සම්බන්ධයි. ලංකාවේ බුද්ධිමතුන්, පුරවැසි සංවිධාන, සිවිල් සමාජය පමණක් නොවෙයි,…
'kathika' social, cultural and political review
Tagged 2015 ජනාධිපතිවරණය
ජනාධිපතිවරණයට පෙර සහ පසු: නිදහසේ නාදය මියුරුතම ය – කුමුදු කුසුම් කුමාර
2015 ජනවාරි 8 වැනිදා රැය පහන් වී 9 වැනිදා හිමිදරිය එළඹෙද්දී ‘අපට යලි නිදහස ලැබුණි’ යන හැඟීමෙන් අප සිත ඉපිල ගියේය. “අන්තිමේදී දැන් අපට මේ රට තුළ අනාගතයක් ගැන සිතිය හැකිය” යි මා තරුණ පුතු කීයේ “මා අඬන්නට කිට්ටු යි” ද කියමිනි. ඒ වන තුරු ඔහු සිටියේ ‘මේ නිදහසක් නැති රට හැර දා යුතුය’ යන සිතිවිල්ලේය. ‘අපි අපේ දරුවන්ට නිදහස් රටක් නැවත ලබා දුන්නෙමු’ යනුවෙන් ඇතිවූ ගර්වය ‘මර්ධනයේ බියෙන් නිදහස් වුණෙමු’ යි ඇති වූ දැඩි සහනයත්, අන්තිමේදී ඒකාධිපති නැඹුරුව පරදා පුරවැසි දේශපාලනය ජයගත්තේය යන උද්දාමයත් සමග එක්ව ඇති වූ සතුටින් මටද වාවා ගත නොහැකිව ඉකි ගසා හැඬුණු බව කියන්නට මම…
වෙනසක් සඳහා ඡන්දය දිය යුත්තේ ඇයි? සාධාරණ සමාජයක් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය
වත්මන් ජනාධිපති තව දුරටත් බලයේ තියාගතයුතුයැයි කියන පිරිස් ඒ සඳහා ඉදිරිපත් කරන තර්ක දෙස මුළින්ම තරමක් අවධානය යොමුකර බලමු. මේ සඳහා මෙවැනි පිරිස් ඉදිරිපත්කරන ඊනියා තර්ක කීපයක් දැකිය හැකිය. ඒ මෙසේය: 1 වෙනි මිත්‍යාව : ජනාධිපතිතුමාට කළ ගුණ දැක්වීම සඳහා: මෙය අතිශයින්ම අමනෝඥ තර්කයකි. රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් පත්කරනු ලබන්නේ ‘කෘතගුණ දැක්වීම’ සඳහා නොවේ. මහජනයාට තම පොදු අවශ්‍යතා ඉහළ මට්ටමින් සහ කාර්යක්ෂම ලෙස ඉෂ්ට කරවා ගැනීම සඳහාය. ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීම මගින් ලංකාවේ ජනයාට සේවයක් කළා නම් සහ එයට කෘතගුණ දැකවිය යුතු යැයි මහජනයා සිතන්නේ නම් ඒ සඳහා වෙනත් ක‍්‍රම සොයාගත යුතුය. ඒ සඳහා ඇති ක‍්‍රමය වන්නේ එතුමාට…
අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස වෙනසකට ක‍්‍රියාකාරී වෙමු
2015 ජනාධිපතිවරණය පිළිබඳව පේරාදෙණිය, කොළඹ, රුහුණ, කැලණිය, විවෘත විශ්වවිද්‍යාලය, ශ‍්‍රී ජයවර්ධනපුර, මොරටුව, පේරාදෙණිය, සබරගමුව, නැගෙනහිර, යාපනය, වයඹ, සෞන්දර්ය කලා යන විශ්වවිද්‍යාලයන්හි ආචාර්යවරුන් විසින් ඉදිරිපත් කෙරෙන ප‍්‍රකාශය 2015 ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 08 වැනි දා මැතිවරණයේ දී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡුන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අද වන විට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බව ය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් රැුයකින් හෝ හුදෙක් ආණ්ඩු මාරුවකින් දිනාගත හැකියයි විශ්වාස නොකරන අපි මෙම එළඹෙන ජනාධිපතිවරණය…
සුවිශේෂ සටනක් – ආචාර්ය සුමති සිවමෝහන්
ආචාර්ය සුමති සිවමෝහන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරියේ එන ජනපතිවරණයේ සුවිශේෂත්වය නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ උද්ඝෝෂණය මහෝඝයක් බවට පත්ව තිබීමත් භීෂණය හා අසාධාරණය අවසන් කිරීම සඳහා වන වුවමනාව උච්ඡස්ථානයනට පත්ව තිබීමත්ය. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම උදෙසා දෝංකාර නංවන මහා හඬක් නැගෙමින් තිබේ. කිසිවකුටත් බලයෙන් වියරුව හිතුවක්කාර ලෙස කටයුතු කළ නොහැකි බවටත් එබඳු ප‍්‍රයත්නයන්ට එරෙහිව හාත්පසින්ම විරෝධයක් නැගෙන බවටත් පාලකයන් වෙත ඉතා පැහැදිලි පණිවිඩයක් නිකුත් වී ඇත. එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අවකාශය වඩා පුළුල් වී ඇත. ජනතාවෝ සිය අපේක්ෂාවන් ඉදිරිපත් කරමින් විවෘතව කතා කරති. විවෘතව ක‍්‍රියා කරති. මගේ අදහස අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදෙක් පුද්ගලයෙකු ලෙස අදහස් ප‍්‍රකාශ කිරීම හෝ ක‍්‍රියා කිරීම පමණක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය…
මග හොඳට තිබේ නම් යන්ට පාරත් පෙනේ නම්…. – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු
කලක් තිස්සේ ව්‍යාකූලව තිබූ තත්වයන් ඉතා ඉක්මනින් නිරවුල් වෙමින් පවතී. රජය හැම ක‍්‍රියාවක්ම සිදු කරන්නේ මෙරටේ මහජනතාව මෝඩ රැළක් සේ සලකමිනි. දූෂණය, භීෂණය මෙන්ම අවනීතිය හා අසාධාරණය ද වසා ගැනීමට යොදා ගන් ලබන්නේ රැවටිලි වදන්ය, රැවටිලි ක‍්‍රියාවන්ය. රජයේ නායකයින්ගේ ක‍්‍රියාවලින් පිළිබිඹු වන්නේ වංචාව, හිරිඔතප් නැති බව මෙන්ම පාදඩ බවයි. වෙනත් අයගේ ත‍්‍රස්තවාදයට රජයේ පිළිතුර ඊටත් වඩා දරුණු ත‍්‍රස්තවාදයයි. අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත‍්‍රණ පිළිබඳව කතා කරමින් සිදු කරන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන් අනුව කටයුතු කිරීමයි. මේ සියල්ල හළිදරව් වන විට දැන් අලූත් සින්දුවක් පටන් ගෙන තිබේ. ජාතික ආරක්ෂාව හා ස්ථාවරත්වය රැකීම සඳහා අධිකාරීවාදි ඒකාධිපතියෙකු අවශ්‍ය බව දැන් එළි පිටම පවසනු ලැබේ. කුලියට ගත් කලාකරුවන් හා…