Tagged 2015 ජනාධිපතිවරණය

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ: භින්නෝන්මාදය ජනතාවටද? රෙජීමයටද? – කුමුදු කුසුම් කුමාර

රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති වියරුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා වන පුළුල් පොදු ජන සටනක් බවට වත්මන් ජනාධිපතිවරණය හැරී තිබේ. මේ අවස්ථාව මඟ හැරුණහොත් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය දිගු කලකට අපට අහිමි වනු ඇතැයි දැඩි විශ්වාසයට මැදහත් බොහෝ දෙනා ස්වාධීනව එළඹ සිටිති. පසුගිය සමයේ රෙජීමයට එළිපිට සහයෝගය දුන් බොහෝ දෙනා මේ අතර වෙති. ඔවුන්ගෙන් සමහරු රෙජීමයට සහයෝගය පළනොකොට නිශ්ශබ්ද වීමෙන් රෙජීමය පරාජය කිරීමට අනියමින් කැමැත්ත දක්වා සිටිති. මේ ජනරැල්ල දැක රජය සහ අනුගාමිකයන් කුපිත වී වියරුවෙන් ක්‍රියා කරන්නට පටන් ගෙන ඇත. රජයේ මැරයන් දේශපාලනයේ යෙදෙන ජනයාට පහර දෙද්දී, වේදිකා ගිනි තබද්දී, වෙඩි තියද්දී පොලීසිය එක්කෝ මඟහැර යති, නැතහොත් නීතිය හකුලා…

ජාතික ආරක්ෂක රාජ්‍යයක් ගොඩ නැංවීම නවතාලිය යුතුය – කුමුදු කුසුම් කුමාර

විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ වැඩ පිළිවෙල තුලින් මතුවන ගැටලු දෙකක් කෙටියෙන් මතු කරමින් මෙම ලිපිය අරඹමි. පළමුව, විපක්ෂය විසින් අත්සන් කළ පොදු මහජන න්‍යාය පත්‍ර යේ සඳහන් වන වසර දෙකකට නොඅඩු කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව රාජපක්ෂ රෙජීමය යටතේ පැවතියාක් මෙන් විපක්ෂ දේශපාලනය මර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් නොවන්නේ කෙසේද යන්න පොදු අපේක්ෂක ව්‍යාපාරය විසින් පැහැදිළි කළ යුතුය. ජාතික ඒකාබද්ධතාව ගොඩ නැංවීමේ යහපත් අරමුණ වෙනුවෙන් හෝ වුව දේශපාලනය විසම්මුතිය, විවේචනය සහ විරෝධය යටපත් කිරීම සිදු නොවිය යුතුය. එසේ වුව හොත් එය පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මූලික අරමුණ වන බහු පක්ෂ දේශපාලනය අත්‍යවශ්‍ය අංගයක් වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ අපේක්ෂාවට එරෙහිව…

අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස ක‍්‍රියාකාරී වෙමු – 2015 ජනාධිපතිවරණය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රකාශය

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 8 වැනි දා මැතිවරණයේදී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බවය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් රැයකින් හෝ හුදෙක් ආණ්ඩු මාරුවකින් දිනාගත හැකියයි විස්වාස නොකරන අපි මෙම එළඹෙන ජනාධිපතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතියේ පාලනය යහපාලනය සහ සමාජ සාධාරණය සම්බන්ධ ගැටලූ ආමන්ත‍්‍රණයට කුඩා අවකාශයක් උදා කර ඇතැයිද සිතමු. පසුගිය දශකය තුළ නීතියේ පාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය පිළිබඳ ප‍්‍රමිතීන් සහ ප‍්‍රතිමානවල බිඳ වැටීමක් සිදු…

සංවර්ධනයෙහි ආශ්චර්යය – ජයතිලක ද සිල්වා

අප රට දැන් සංවර්ධනය වෙලා. මෙය ආණ්ඩුව හැම වේදිකාවක ම ගයන ගීතයක්. සාක්කි හැටියට පෙන්වන්නේ කොළඹ නගරය, අධිවේගී මාර්ග, නගර අලංකරණය, අහස සිඹින මහල් නිවාස, සුවිසල් සාප්පු සංකීර්ණ. ඒ හැර දීකිරට බළල්ලූත් සාක්කි කිව්වා සේ සංඛ්‍යාලේඛනත් ගෙන හැරැ පානවා – දළ ජාතික නිෂ්පාදනය, ඒකජනක ආදායම, ආර්ථික සංවර්ධන අනුපාතික ආදිය. ඇත්ත නේන්නම්! ආවඩා, ආයු බෝ වේවා! ආවඩන්නෝ එමට. එහෙත් සංවර්ධනය කියන්නේ කුමක් ද? ඉහත පෙන්වන දැයින් (දර්ශකවලින්) සංවර්ධනය පැහැදිලි කළ හැකි ද? ඇත්තට ම එයින් පෙන්වන්නේ එක් පැත්තක් පමණයි. වඩා වැදැගත් සංවර්ධනයෙහි හරය හෝ අරුත හෝ වටහා ගන්නට වෙනස් මඟක් ගත යුතු යි. ඉන්දියාවෙහි හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාව 2020…

ඇත්තෙන් ”ඉදිරිය”ට

කතුවැකිය මෙරට ප‍්‍රගතිශීලී මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී කාර්යයක් ඉටු කළ ”ඇත්ත” පුවත්පත ”ඉදිරිය” පුවත්පතෙහි ජන්ම භූමිය මෙන්ම ආදර්ශය ද වේ. 2013 ජූලි මස 3 දින සිට 2014 නොවැම්බර් 9 දින දක්වා ඇත්තේ කර්තෘවරුන් වූ අපි ඇත්ත 21 වන සියවසෙහි පුවත්පතක් බවට පත් කළෙමු. ඒ අවධිය තුළ ඇත්ත මෙරට පරිණතම සිංහල දේශපාලන පුවත්පත බවට පත් කිරිමට අපට හැකි විය. අප විසින් සංස්කරණය කරන ලද අවසාන ඇත්ත පුවත්පත එහි ප‍්‍රකාශකයන් වන ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වර්තමාන නිල නායකත්වය විසින් තහනම් කරනු ලැබූ පසු අපි එහි කර්තෘ මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කළෙමු. එසේ වුව ද කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් ද ඇතුළුව ඇත්තේ පාඨක බහුතරය තවමත්…

සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත‍්‍රයක්

ශ‍්‍රී ලාංකිකයින් ලෙස අපි බැරෑරුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස පිළිගෙන තිබූ ශ‍්‍රී ලංකාව වර්තමානය වන විට ශීඝ‍්‍රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්ෂිත ලෙස වාසය කළ නොහැකි තැනක් බවට පත්වී තිබේ. මෙම ඛේදජනක තත්වයේ ඉතාමත්ම පැහැදිළි මතුපිට ප‍්‍රකාශන වන්නේ: x නීතියේ පාලනය මුළුමනින්ම බිඳ වැටීම x ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන පද්ධතිය ඛාදනය වී තිබීම x සමාජ විෂමතාවය පෙර නොවූ විරූ ආකාරයෙන් පුළුල් වී සමාජ අසාධාරණය සමාජ පද්ධතියේ මූලික ලක්ෂණයක් බවට පත්වී තිබීම x විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය බිඳවැටී අසමගිය සහ අවිශ්වාසය ව්‍යාප්තවීම…