අපි මෙහිදී ආරම්භක පුරාණ කථාවේ එන වැද්දන්ගේ ප්‍රභව ප්‍රවෘත්තිය දෙසට හැරෙමු. ඒ අනුව වැදි ජනයා විජයගේ හා කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන්නෝය. ඒ අනුව [ විජය මගින් through Vijaya] සිංහලයන් හා ඥාතිත්වයක් ඇතත් [විජය කුවේණි විවාහ කොට ගෙන එම විවාහයෙන් ලද දරුවන් දෙදෙන Vijaya married Kuveni and …… his two children by that marriage] වනයට පිටුවහල් කරන ලදුව දඩයමින්, එනම් [ඉතා] අබෞද්ධ වූ දිවිපෙවෙතකින් ඔවුන් වෙසෙන නිසා දෙපිරිස එකිනෙකාගෙන් ඈත් වෙති. [සහෝදරයා සහ සහෝදරිය අතර ඇතිවූ මෙම සංගමයෙන් “පුලින්දන්“ (“දඩයක්කරුවන්“, එනම්, වැද්දන්) පැණ නැඟුණු බව අපි දුටුවෙමු. We noted that out of this union of brother and sister sprang the Pulindas…
'kathika' social, cultural and political review
By kathika
ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – දෙවැනි කොටස
ආචාර්ය නලීන් සවාරිස් පරීක්ෂාකාරීව හෙළා දැකීම වෙනුවට ස්ත්‍රියව විචාර බුද්ධියෙන් දුර්වල හැඟීමෙන් පිරුණු (emotional being) හැටියට පිළිඹිඹු කිරීම. හැඟීම් පාලනය කරගන්න බැරි මොර ගැසීමේ මානසික රෝගය ඔහු හැඳින්වූයේ හිස්ටීරියා (hysteria) කියලා – කුසයේ රෝගයක් හැටියට එය වැඩියෙන්ම ගැහැණුනගේ රෝගයක් හැටියට. මේවා ඉතා අපූරුවට ඩෙරීඩා නිරාකරණය කරනවා. ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – දෙවැනි කොටස ආචාර්ය නලීන් ස්වාරිස් මෙසේ සාහිත්‍යය සහ ශාස්ත්‍රීය කෘතීන් – ඩෙරීඩා මෙන් හදාරන වැදගත් ගුරුකුලයක් සාහිත්‍යය ලෝකයේ ඉන්දියාවේ බිහි වී තියෙනව “නිර්ප්‍රභූ අධ්‍යයන ගුරුකුලය” යනුවෙන්. මෙහි වැදගත් නම් ගයත්‍රි ස්පිවැක්, රනජිත් ගුහා. මොවුන් ඩෙරීඩා අනුගාමිකයින් හැටියට හඳුන්වා දෙනවා. නමුත් මෙතැනත් ඇත්තේ සමානවත් අදහසක්. ශාස්ත්‍රීය පොතක්, ඉතිහාස පොතක්…
ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම
ආචාර්ය නලීන් සවාරිස් භාෂාව – සංඥාව සියල්ලම වැළඳ ගන්නා නිසා, ඩෙරීඩාගේ විසංකරණය භාෂාවටත් සාහිත්‍යටත් සීමා වෙන්නේ නැහැ. හැම දෙයක්ම text එකක් (වියමනක්), ප්‍රතිමාවක්, ඡායාරූපයක්, චිත්‍රපටියක්, නාට්‍යයක්, “ටෙක්ස්ට් එකක්” හැටියට හැදෑරුව හැකියි. දේවල් මතු කරනා අතර – ඒවාට අවධානය යොමු කරන අතර දේවල් ආවරණය වෙනව. එතෙන කර්තෘ object (විෂය වස්තුව) කරපු දේවල් පෙනෙනව. මැජික් කරන්නෙත් මෙහෙමයි. ඒ නිසා වියමන (text) කියවනකොට බලන්න ඕනෙ “වියමනෙන්” කියවන මතුපිට තියෙන අර්ථය පමණක් නොවෙයි – මෙතන “යටවෙන වියමන”, “ගිලුනු වියමන” කුමක්ද? මෙතන යම් දෙයක් මාතෘකාව කරගෙන එය එය විෂය වස්තුව (objectify) බවට පත් කරනා කර්තෘ කවුද? එවිට කර්තෘකයා (subject) වෙන – යටවෙන විෂය වස්තුව කවුද?…
නූතන සංකල්ප භාවිතයෙන් තොරව බෞද්ධ “කුමක් හෝ” සංකල්පනය කර ගැනීම
අප ඉහත “කුමක් හෝ” (whatever) යනුවෙන් නම් නොකර සිටි දෙය හඳුනා ගැන්මට ආවශ්‍යක වන්දනා ගමන උපකාරී වේ. එය නම් “සාසනය” යන්නයි. සිංහල භාෂාවේ ඉංග්‍රීසි “nation” යන්නට සමාන වචනයක් නැත. එහි තැන සිංහලයේ ගැනෙන්නේ “සාසනය” යන්න විසිනි. බෞද්ධ සම්ප්‍රදාය තුළ සාසනය යනු ජන වාර්ගික හා අන්‍ය සීමා අභික්‍රමණය කරන විශ්වව්‍යාපී බෞද්ධ සමාජයය. ඒ සමඟ සාසනය යන්න බුදුන් විසින් ශුද්ධ භූමියක් බවට පත් කරන ලද දේශයේ භූගෝළීය සීමා තුළ පිහිටුවා ඇති බෞද්ධාගමික ආයතනය ද වේ. මෙසේ සාසනය යන්න අරුත් දෙකකින් යෙදේ. එහෙයින් ශ්‍රී ලංකාවේ සාසනය හෝ හුදෙක් සාසනය යන නම අපගේ විමර්ශනය සඳහා එම සුවිශේෂ අරුතින් යොදා ගත හැකිය. සුවිශේෂ අර්ථයෙන් ගත්…
බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්
මහාචාර්ය ගණනාථ ඔබේසේකර පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස මහාචාර්ය ගනනාථ ඔබේසේකර ලංකාව විසින් බිහි කල විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුන ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කල බවය.ගනනාථ ඔබේසේකර ඔහුගේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි(1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ…
විප්ලවවාදීන්ගේ ජාතිය සහ සම්ප්‍රදායවාදීන්ගේ ජාතිය: මානව සංස්කෘතිය සහ ජාතික සංස්කෘතිය
බදාදා සටහන අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – තෙවැනි කොටස ෆින්කල්ක්‍රෝත් ගේ රචනය සාකච්ඡා කරන්නේ මනසේ ජීවිතය මුල්කරගත් සංස්කෘතිය යන අදහස යටපත්කොට ගෙන එදිනෙදා ජීවිතය පදනම කරගත් සියලු දේ සංස්කෘතික ය යන අදහස ජයගැනීමේ සංසිද්ධිය යි. මෙහිදී නූතනත්වය තුළ ප්‍රංශය මුල් කොට ගෙන පැන නැඟුණු ප්‍රබුද්ධත්වයේ කතිකාව මත සංස්කෘතිය පිළිබඳ සංකල්පීකරණය පැණ නැඟෙන අතර ඊට එරෙහිව යමින් ජර්මනිය මුල් කොට ගෙන ජාතිකත්වය සහ ජාතිය පිළිබඳ සංකල්පීකරණය බිහිවීම ෆින්කල්ක්‍රෝත් සාකච්ඡා කරනු අපි මෙම සටහන් මාලාවේ පෙර කොටස් වලදී දුටුවෙමු. පහත ඉදිරිපත් කෙරෙන ඊළඟ කොටසේ කියවිය හැක්කේ ඉහත සිදුවීම් හා සමගාමීව ප්‍රංශය තුළ…