දේශපාලන න්‍යායවේදිනී වෙන්ඩි බ්‍රවුන් ඇගේ ‘ශුන්‍යතාවාදී යුගය’ ( Nihilistic Times, 2023) නමැති පොතේ තර්ක කරන්නේ අප ජීවත් වන්නේ දැඩි ශුන්‍යතාවාදී යුගයක බවයි. මෙම ශුන්‍යතාවාදයේ නැගීම අපගේ වත්මන් දේශපාලන අර්බුදයේ කේන්ද්‍රස්ථානය ලෙස තබමින් ඇය අනතුරු අඟවන්නේ, එය දේශපාලන මෙන්ම ශාස්ත්‍රාලීය ජීවිතයද පිරිහීමට හා ව්‍යාකූලත්වයට පත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාකාරීව විනාශ කරන බවයි. බ්‍රවුන්ගේ දැක්මට අනුව, ශුන්‍යතාවාදය දැනුම සහ දේශපාලන වගකීම යන දෙකෙහිම අගය බිඳවැටීමට හේතු වේ. මෙම අර්බුදය විශේෂයෙන්ම ශාස්ත්‍රීය ක්ෂේත්‍රය තුළ පැහැදිලිව දක්නට ලැබේ.
'kathika' social, cultural and political review
Tagged දේශපාලනය
අරගලයෙන් ඉදිරියට – 21 වැනි සියවසේ දෙවැනි කාර්තුවේ ලංකේය වාම දේශපාලනයේ ඉදිරි දිශානතිය කුමක් වනු ඇතිද?
මෙම සේදීමේ කටයුත්තේ හරය වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ වත්මන් ආණ්ඩුව පිළිබඳ වාම දේශපාලන දෘෂ්ඨියෙන් විවේචන කිරීමේදී පළමුව,ඉන් වාසි සැළසන්නේ කාටද? යන්න සිතා බැලිය යුතු බවට නයායික සූත්‍රගත කිරීමක ස්වරූපයෙන් ඉදිරිපත් වී තිබෙන අදහස යි. මෙයින් කියැවෙන අදහස නම් වත්මන් ආණ්ඩුව වාම දෘෂ්ඨියෙන් විවේචනය කළහොත් එහි ප්‍රථිඵලය විය හැක්කේ එය දෙවැනි අරගලයකට හේතු විය හැකි බවයි,දැනට බලයෙන් පහ කොට සිටින පිරිස් යළි බලයට ඒමට ඉන් මඟ පෑදිය හැකි බවයි.
සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය : ඇමරිකානු වමේ ඉතිහාසය පුනර්ජීවනය කිරීම – එරික් රොස් විසිනි
තම ජනතාවට සැබවින්ම සේවය කරන සමාජයක් ගොඩනැගීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොව, වරප්‍රසාද ලත් ස්වල්ප දෙනෙකුට වඩා බොහෝ දෙනා වෙනුවෙන් සටන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන සැබෑ ජීවන රටාවක් ලෙස තේරුම් ගන්නා දිගු කලක් තිස්සේ පැවති ආන්තික සම්ප්‍රදායක් නැවත ලබා ගැනීම අවශ්‍ය වේ. (නිව් යෝර්ක් නගරයේ පුරපති ධුරය සඳහා වන මැතිවරණය 2025 නොවැම්බර්…
බිම් අඟලක් බලයෙන් අල්ලා ගැනීමේ සිට පූර්ණ අයිතිය දක්වා: සියොන්වාදී ආක්‍රමණික උපායමාර්ග-සීමාරහිතයි
බිෂොප් දුලිප් ද චිකේරා විසිනි එය පලස්තීන නිවාස කඩා බිඳ දමමින් ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගනී, හිතුමතේට රඳවා තබාගෙන ඝාතනය කරයි; ඉන්පසු තම මිත්‍ර පාක්ෂිකයින් සමඟ එක්ව, ඊට විරුද්ධ වන්නන්ට යුදෙව්-විරෝධී යැයි චෝදනා කරයි. ගාසා තීරය ඊශ්‍රායලය විසින් මහා විනාශයකට ලක් කිරීමට විසඳුමක් ලෙස, ගාසා ජනගහනය අසල්වැසි අරාබි රාජ්‍යයන් විසින් ගාසා තීරයේ ජනගහනය අවශෝෂණය කර ගත යුතු යැයි…
ගෝලීය උතුරේ හීනවන-වර්ධනය සහ ගෝලීය යුක්තියේ අවශ්‍යතාවය – සමුද්‍රන් විසිනි
ජනතාවගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන ප්‍රතිසංස්කරණ සඳහා අනෙකුත් වාමාංශිකයන් සමඟ මාක්ස්වාදීන් ද එක්ව සටන් කරති. නමුත් ඔවුන් ප්‍රතිසංස්කරණවාදය ප්‍රතික්ෂේප කරති. ධනවාදයට වඩා හොඳ විකල්ප ක්‍රමයක් උදා කළ නොහැකි ය යන ධනපති පන්තියේ මතවාදයට ප්‍රතිසංස්කරණවාදය සහාය වේ. ධනේශ්වර ක්‍රමය තුළ අරගල කර දිනාගත් අයිතිවාසිකම් පවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම ප්‍රාග්ධනයේ ප්‍රධාන පන්තිමය අවශ්‍යතාවලට යටත් ය යන්න ඉතිහාසය දෙන පාඩමයි.
රාජ්‍යය ද නැතහොත් වෙළඳ පොළ ද? දෙකම !
වෙළඳපොළට සෑම ගැටලුවක්ම විසඳිය හැකි යැයි අවධාරනය කරන නව-ලිබරල් මිථ්‍යාවේ අනෙක් පැත්ත නම්, ජනතාවගේ ජීවිතය දුෂ්කර කිරීම හැර රජයට කළ හැකි දෙය ස්වල්පයකි යන විශ්වාසයයි. නව-ලිබරල්වාදය සාමූහික යහපත පිළිබඳ අදහස නිදහස් වෙළඳපොළ ආර්ථිකය සහ රජය අතර ප්‍රශ්නයක් බවට පත් කරයි. පෞද්ගලික ධනේශ්වර අංශය සහ සාමූහික ජීවිතයේ දේශපාලන මෙවලම වන රජය අතර තෝරා ගැනීමක් ලෙස ප්‍රශ්නය මතු කිරීම, නොමඟ යවන සුළු ය……ආර්ථිකයේ තීරණාත්මක මූලධර්මය ලෙස වෙළඳපොළ ගැනීම යටතේ පවතින විශ්වාසය නම්, වෙළඳපොළේ හුවමාරුවේදී පුද්ගලයන් තමන්ට යහපත් දේ නිදහසේ තීරණය කරන බවයි. මෙහිදී, සාමූහික ජීවිතයේ යහපත, ප්‍රජාව සෑදෙන පුද්ගලයන්ගේ තනි තනි යහපත් දේවල එකතුව ලෙස සංකල්පනය කෙරේ. ‘පොදු යහපත’ පිළිබඳ එවැනි අවබෝධයක ප්‍රධාන සැලකිල්ල වන්නේ, පුද්ගල භාණ්ඩ සැපයීම තුළින් තනි තනි පුද්ගලයන්ගේ ‘සුබසාධනය’ යි. එබැවින්, පොදු යහපතේ මඟ පෙන්වන මූලධර්මය ලෙස අප වෙළඳපොළ ආර්ථිකය යෝජනා කරන විට, යටින් පවතින අදහස වන්නේ පුද්ගල යහපත උත්තරීතර වන අතර, පොදු යහපත එසේ නොවන බවයි.





