From කුමුදුගේ තීරුව

මිනිසාගේ දෙවැනි මරණය: අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාව– (6)

මිනිසාගේ දෙවැනි මරණය “මිනිසා තව දුරටත් තම භූගෝලීය සහ ඓතිහාසික සත්තාවේ එක් ආකාරයකට – එනම් වියුක්ත මානවවාදය මත පදනම් වූ යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය ට – පමණක් සහමුලින් පළායන්නේ යැයි අපට කිව හැකිද? ශීතල යුද්ධයේ අවසානයත් සමග ඉතිහාසය අවසන් විණැයි ෆුකුයාමා ලිබරල්වාදී දේශපාලන ව්‍යාපෘතිය ලොව දේශපාලන විකාශනයේ අවසානය යැයි යෝජනා කළද අද වන විට යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය බටහිරමත්…

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ: භින්නෝන්මාදය ජනතාවටද? රෙජීමයටද? – කුමුදු කුසුම් කුමාර

රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති වියරුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා වන පුළුල් පොදු ජන සටනක් බවට වත්මන් ජනාධිපතිවරණය හැරී තිබේ. මේ අවස්ථාව මඟ හැරුණහොත් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය දිගු කලකට අපට අහිමි වනු ඇතැයි දැඩි විශ්වාසයට මැදහත් බොහෝ දෙනා ස්වාධීනව එළඹ සිටිති. පසුගිය සමයේ රෙජීමයට එළිපිට සහයෝගය දුන් බොහෝ දෙනා මේ අතර වෙති. ඔවුන්ගෙන් සමහරු රෙජීමයට සහයෝගය පළනොකොට නිශ්ශබ්ද වීමෙන් රෙජීමය පරාජය කිරීමට අනියමින් කැමැත්ත දක්වා සිටිති. මේ ජනරැල්ල දැක රජය සහ අනුගාමිකයන් කුපිත වී වියරුවෙන් ක්‍රියා කරන්නට පටන් ගෙන ඇත. රජයේ මැරයන් දේශපාලනයේ යෙදෙන ජනයාට පහර දෙද්දී, වේදිකා ගිනි තබද්දී, වෙඩි තියද්දී පොලීසිය එක්කෝ මඟහැර යති, නැතහොත් නීතිය හකුලා…

පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස

පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස කුමුදු කුසුම් කුමාර අද ලාංකේය ජනයා හමුවේ ඇති හදිසිම සහ වැදගත්ම දේශපාලන අභියෝගය කුමක් ද? එය ජනවාර්ගික යුද්ධයට පෙර සමයේ මෙරට ජනයා භුක්ති විඳිමින් සිටි නමුත් යුද්ධය සමයේ අහිමිව ගිය සහ යුද්ධය අවසන් වීමෙන් පසු ඉතිහාසයේ වඩාත්ම බරපතළ තර්ජනයට මුහුණ දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යලි දිනා ගැනීමට යොමු වීම නොවේද? මෙම අභියෝගය ජය ගැනීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙසින් රෙජීමයෙන් පිටත දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන බොහොමයක් පිළි ගෙන ඇත්තේ පවත්නා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවයි. 1978ට පෙර මෙරට පැවති, ජනයාගේ ඡන්දයෙන් බලයට පත්වන කොට්ඨාශ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ගන්නා පාර්ලිමේන්තුවක බහුතරයේ විශ්වාසය දිනා ගන්නා පක්ෂයක…

ගම්ලත්, රනිල් සහ සංස්කෘතිය

ගම්ලත්, රනිල් සහ සංස්කෘතිය කුමුදු කුසුම් කුමාර රනිල් වික්‍රමසිංහ සුචරිත ගම්ලත් ශූරීන් පිළිබඳ ලියූ ලිපිය (රාවය, 2013 අප්‍රේල් 14) සාකච්ඡාව සඳහා වැදගත් කරුණු ගණනාවක් මතුකරයි. ජාතික අනන්‍යතාවක් ගොඩ නැංවීමෙහි ලා භාෂාවට හිමිවන ප්‍රමුඛත්වය පිළිබඳ අදහස මෙහි ලා ප්‍රධාන ය. රනිල් වික්‍රමසිංහ ගම්ලතුන්ගේ දායකත්වය අගය කරන්නේ ඔහු සිංහල භාෂා පුනර්ජීවනයට උර දුන් මුල් විද්වතුන් ගේ පරපුරේ විප්ලවීය යුග පුරුෂයෙකු ලෙසිනි. යටත් විජිත සමයේ මෙරට ඇරඹුණු සිංහල හා දෙමළ භාෂා පුනර්ජීවන ව්‍යාපාර යටත් විජිත විරෝධයේ ආරම්භය සටහන් කළ බෞද්ධ සහ හින්දු ආගමික පුනර්ජීවන ව්‍යාපාරවල දිගුවකි. අප ජාතියක් වශයෙන් නැඟී සිටීමේදී සහ සිංහල භාෂාව පෝෂණයේදී ඉංග්‍රීසි භාෂාව දේශීය භාෂාවක් වශයෙන් උගැන්මේ ඇති වැදගත්කම…

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභියෝගයක් වන සරසවි නවක වධය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභියෝගයක් වන සරසවි නවක වධය ජනතා විමුක්ති පෙරමුණෙ (ජවිපෙ) න් කැඩී ‘ජන අරගල කණ්ඩායම‘ ලෙස මෙතෙක් කටයුතු කළ පිරිස පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් මෙම සතියේ මහජන දේශපාලනයට පිවිසීම පිළිබඳ මෙරට වාමාංශික ජනයාගේ සුභාශිංසන හිමිවනු නිසැකය. සමාජයට අලුත්, සාධනීය දේශපාලන හඬක් එකතුවීම හැම විටමත් යහපත් දෙයකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලංකාවේ අප පසු කරමින් සිටින මෙම අවස්ථාව ට කළ හැකි දායකත්වය පිළිබඳ ලංකාවේ වාමාංශික ජනයා, විශේෂයෙන්ම තරුණ කොටස් බලාපොරොත්තු සහගතව සිටිති. ’71 ජීව ගුණය යළි පුබුදු කිරීම පැරණි වාමාංශික පක්ෂ ගිය පාරේම යමින් ජවිපෙ ත් තවත් එක් සම්ප්‍රදායික පාර්ලිමේන්තුවාදී දේශපාලන පක්‍ෂයක් බවට විපරිණාමය වී ඇති අවස්ථාවෙක ’71 ජීව ගුණය…

ජිනීවා වියවුල: ජාතිය එක්සත් කිරීමට නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අවශ්‍යයි

ජාතිය එක්සත් කිරීමට නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අවශ්‍යයි ජිනීවා යෝජනාව සම්මත වීමෙන් පසු රජයේ රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අසන ලද “මෙම කාරණයේදී රටේ ජනතාව රජය සමග සිටින්නේද?” යන ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර වූයේ ‘ජනතාවගේ දේශපාලන පක්ෂපාතීකම් කුමක් වුවත් ඔවුන් මේ මොහොතේ රට වෙනුවෙන් පැහැදිළිව එකට සිටින’ බව සහ ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතා කැමැත්ත ඇති බවයි. තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජන මාධ්‍යයන්ට කළ ප්‍රකාශ වලින් කියා සිටියේ ජිනීවා පරාජයෙන් උදාවන තත්වයට ‘අප ජාතියක් වශයෙන් එක්ව මුහුණ දිය යුතු’ බවයි. අමාත්‍ය වරයා තව දුරටත් කියා සිටියේ ජනතාවට ආණ්ඩුව සමඟ විවිධ ප‍්‍රශ්න, විවේචන තිබිය හැකි…