මෙම සේදීමේ කටයුත්තේ හරය වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ වත්මන් ආණ්ඩුව පිළිබඳ වාම දේශපාලන දෘෂ්ඨියෙන් විවේචන කිරීමේදී පළමුව,ඉන් වාසි සැළසන්නේ කාටද? යන්න සිතා බැලිය යුතු බවට නයායික සූත්‍රගත කිරීමක ස්වරූපයෙන් ඉදිරිපත් වී තිබෙන අදහස යි. මෙයින් කියැවෙන අදහස නම් වත්මන් ආණ්ඩුව වාම දෘෂ්ඨියෙන් විවේචනය කළහොත් එහි ප්‍රථිඵලය විය හැක්කේ එය දෙවැනි අරගලයකට හේතු විය හැකි බවයි,දැනට බලයෙන් පහ කොට සිටින පිරිස් යළි බලයට ඒමට ඉන් මඟ පෑදිය හැකි බවයි.
'kathika' social, cultural and political review
From ලිබරල්වාදය
සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය : ඇමරිකානු වමේ ඉතිහාසය පුනර්ජීවනය කිරීම – එරික් රොස් විසිනි
තම ජනතාවට සැබවින්ම සේවය කරන සමාජයක් ගොඩනැගීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොව, වරප්‍රසාද ලත් ස්වල්ප දෙනෙකුට වඩා බොහෝ දෙනා වෙනුවෙන් සටන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන සැබෑ ජීවන රටාවක් ලෙස තේරුම් ගන්නා දිගු කලක් තිස්සේ පැවති ආන්තික සම්ප්‍රදායක් නැවත ලබා ගැනීම අවශ්‍ය වේ. (නිව් යෝර්ක් නගරයේ පුරපති ධුරය සඳහා වන මැතිවරණය 2025 නොවැම්බර්…
ගාසා ඛේදවාචකය සහ ආණ්ඩුවේ මුනිවත
“ජනාධිපති සහෝදරයා, ලැජ්ජයි! නින්දිතයි! තුච්ඡයි! දැන්වත් ඇහැරෙන්න!”
ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගතකිරීම මගින් විශ්‍රාම අරමුදල් අසන්තක කිරීම
අහිලන් කදිර්ගාමර් විසිනි පසුගිය බදාදා ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ සෙනසුරාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉලක්ක කර ඇත්තේ එක් සැලකිය යුතු දේශීය මූල්‍ය වත්කමක් වන විශ්‍රාම අරමුදල් පමණි. වැඩකරන ජනතාවගේ ජීවිතවල අනාගතයට බරපතළ විපාක දෙන වෙනස්කම් කිරීම කිසිවිටෙක අවසන් වශයෙන් තීන්දු කළ දෙයක් නොවන අතර, ආණ්ඩුවේ සැලැස්ම සහ…
අපි වෙමු ලෝකය, අපි වෙමු දරුවෝ
ධනවත් සමාජයන්හි නිදහසේ ආශාවන්හි ගැලෙන්නට ඉඩ සළස්වනු ලැබූ දරුවෝ, බටහිර විවේචනයට ලක්කරන්නන් හා එකට එකතුවී මෙසේ ප්‍රකාශ කර සිටිති. “සියලුම සංස්කෘතීන් එකහා සමානව සුජාතය; හැම දෙයම සංස්කෘතික වන්නේය.” නමුත් ඔවුන්ගේ තනි හඬ ඔවුන් බොහෝ වෙනස් ආස්ථාන දරන බව වසන් කරයි. දහනවවන සියවසේදී රුසියානු ජනතාවාදීන් විසින් ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද කලාවට හා චින්තනයට එරෙහි කෑ මොර ගැසීම නිර්-යටත් විජිතකරණයේ දර්ශනය විසින් භාරගෙන ඇත:”බූට්ස් සපත්තු කූට්ටමක් ශේක්ස්පියර්ගේ නාට්‍යයකට වඩා වටියි.” මෙම බූට් සපත්තු අවාසනාවන්තයන් සීතලෙන් ආරක්ෂා කිරීමෙහි ලා එලිසබෙතියානු නාට්‍ය වලට වඩා හොඳ පමණක් නොව, ඒවා සදාචාරාත්මකව ද උසස් ය: ඒවා බොරු නොකියයි. බූට්ස් සපත්තු තමන් කුමක්ද ඒ දෙය වෙයි: විශේෂිත සංස්කෘතියක නවීන නිෂ්පාදන. ඒවා තම සම්භවය භක්තිමත් ලෙස සඟවමින්, සෑම කෙනෙකුටම ඒවාට ගරු කිරීමට බල කරමින්, නිල කලා කෘති ලෙස ව්‍යාජව පෙනී නොසිටියි.ඉතින් ඔවුන්ගේ නිහතමානිකම පිළිබඳ හැඟීම ආදර්ශයක් ලෙස සේවය කළ යුතුය: කලාවට ප්‍රයෝගකරුවෙකු ලෙස ඉතිහාසගත වීමට අවශ්‍ය නැතිනම්, එය ෂේක්ස්පියර්ට පිටුපා බූට් සපත්තු ජෝඩුවට හැකි තරම් සමීප විය යුතුය.
කාන්තාවන් සහ වැඩ කරන ජනතාව පෙළන බොරු පොරොන්දු!
ශ‍්‍රී ලංකාවේ 2023 සඳහා යෝජිත ජාතික අයවැය පිළිබඳව ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත‍්‍රීවාදී සාමූහිකයේ ප‍්‍රකාශය 2022 නොවැම්බර් 14 වන දින ඉදිරිපත් කරන ලද රජයේ අයවැය ඇදහිය නොහැකි තරම් නිර්දය ය. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන් විඳදරාගන්නා දුක් වේදනා පිළිගැනීමට එය අපොහොසත් වේ. වත්මන් තත්ත්වය තුළ ආර්ථිකයේ ඉදිරි මාවත ලෙස යථාර්ථවාදී නොවන ’වේගවත් ආර්ථික වර්ධනය’ සහ ’ආර්ථික නවීකරණය’ පිළිබඳව අයවැය…





