From ආර්ථිකය

Featured

මැතිවරණ අපේක්ෂාවන් ශ්‍රී ලංකාවේ අවවරප්‍රසාදිතයන්  සඳහා ශුභවාදී හැඟීම් දල්වයි – චරිත් ගුණවර්ධන

“මහ මැතිවරණයක් පිලිබඳ අපේක්ෂාව බල කොරිඩෝව හරහා කම්පන තරංග යවා ඇත්තේ, මූලික වශයෙන් එය තෝරාගත් කිහිප දෙනෙකු විසින් භුක්ති විඳින මුල් බැසගත් වරප්‍රසාද බිඳ දැමීමට තර්ජනය කරන නිසාය. පවතින ආර්ථික හා ණය අර්බුදයන් ජාතිය පීඩාවට පත් කරමින් තිබියදීත්, සමාජයේ සැලකිය යුතු කොටසක් දූෂණයෙන්, වැරදි කළමනාකරණයෙන් සහ දුර්වල පාලනයෙන් පිරී ඇති පද්ධතියකින් දිගටම ප්‍රතිලාභ ලබති.” මහා…

Featured

ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගතකිරීම මගින් විශ්‍රාම අරමුදල් අසන්තක කිරීම

අහිලන් කදිර්ගාමර් විසිනි පසුගිය බදාදා ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ සෙනසුරාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉලක්ක කර ඇත්තේ එක් සැලකිය යුතු දේශීය මූල්‍ය වත්කමක් වන විශ්‍රාම අරමුදල් පමණි. වැඩකරන ජනතාවගේ ජීවිතවල අනාගතයට බරපතළ විපාක දෙන වෙනස්කම් කිරීම කිසිවිටෙක අවසන් වශයෙන් තීන්දු කළ දෙයක් නොවන අතර, ආණ්ඩුවේ සැලැස්ම සහ…

Featured

‘ ඔවුහු කාන්තාරයක් සාදා එයට ස්ථායීභාවයැයි කීහ. ’

– ග්‍රීසිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ ඵලවිපාක වලින් ඉගෙන ගත හැකි පාඩමක් ‘ ඔවුහු කාන්තාරයක් සාදා එයට සාමය යැයි කීහ.’ – යානිස් වරූපාකිස් ( යානිස් වරූපාකිස් ග්‍රීසියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ, IMF ) ට යාමට යුරෝපීය සංගමය විසින් බලකරනු ලැබූ විට එරට රජයේ මුදල් ඇමතිව සිටියේ ය. ග්‍රීසිය වෙනුවෙන් ජාමූඅ සමග සාකච්ඡාවල නායකයා ලෙස කටයුතු කළ…

Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අයවැය සහ මහා ආර්ථික විනාශය

අහිලන් කදිර්ගාමර් විසිනි  ජාතික අයවැය ඊළඟ වසර සඳහා ආර්ථික ප්‍රතිපත්ති හෙළිදරව් කරන අතර,  ඓතිහාසික අවස්ථාවන්හිදී වසර ගනනාවක් සඳහා ආර්ථික ප්‍රතිපත්ති ගමන් පථයේ තැන් මාරුව හෙළිදරව් කරයි.  මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද  2023  අයවැය පැමිණෙන්නේ නිදහසින් පසු රට තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වන අතර, එහි කරන  දේ  සහ අතපසු කරන  දේ පිළිබඳ ප්‍රවේශමෙන්…

Featured

කාන්තාවන් සහ වැඩ කරන ජනතාව පෙළන බොරු පොරොන්දු!

ශ‍්‍රී ලංකාවේ 2023 සඳහා යෝජිත ජාතික අයවැය පිළිබඳව ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත‍්‍රීවාදී සාමූහිකයේ ප‍්‍රකාශය 2022 නොවැම්බර් 14 වන දින ඉදිරිපත් කරන ලද රජයේ අයවැය ඇදහිය නොහැකි තරම් නිර්දය ය. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන් විඳදරාගන්නා දුක් වේදනා පිළිගැනීමට එය අපොහොසත් වේ. වත්මන් තත්ත්වය තුළ ආර්ථිකයේ ඉදිරි මාවත ලෙස යථාර්ථවාදී නොවන ’වේගවත් ආර්ථික වර්ධනය’ සහ ’ආර්ථික නවීකරණය’ පිළිබඳව අයවැය…

Featured

කම්පන  ප්‍රතිපත්ති සහ වැටුප් මර්දනය

මිනිසුන් හාමතේ ගැඹුරටම තල්ලු කිරීම පවා කළ හැකි ධනවාදයේ මෙම තර්කයට මුහුණ දිය හැකි දෙය නම් වැඩකරන ජනතා බලය සහ සංවිධානාත්මක ප්‍රතිරෝධයයි. වැඩකරන ජනතාවගේ දෛනික ජීවිත ප්‍රතිනිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍යම අවශ්‍යතා සමන්විත වන ආහාර, බලශක්තිය සහ ප්‍රවාහනය අහිමි කෙරෙමින් පවතින නමුත් අපගේ ප්‍රගතිශීලී බුද්ධිමතුන්, අපගේ වෘත්තීය සමිති සහ අපගේ සමාජ ව්‍යාපාර සියල්ල නිදා සිටින බවක් පෙනේ. ප්‍රගතිශීලී බලවේග විසින් අතීතයේ දී අතහැර දමනු ලදුව,  වැඩකරන ජනතාව මිලියන ගණනින් ප්‍රත්‍යන්ත ප්‍රදේශවලින් අවදි වී කොළඹ මායාව පුපුරවා හැර ඇත. අපේ තරුණ පරපුරු විනාශ කරනු ඇති දිග ඇරෙමින් පවතින ව්‍යසනය ගැන බියෙන් වෙව්ලමින් මම අතිමහත් වැඩකරන ජනයා සැදුම් ගන්නා අපේ ගොවීන්, අපේ ධීවර ජනතාව, අපේ වතු ප්‍රජාවන් සහ අවිධිමත් අංශයේ සහ කර්මාන්තශාලාවල වෙහෙසෙන ජනතාව, යළිත් අභියෝගය භාර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.