“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – අවසන් කොටස

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස

–   අවසන් කොටස

“බෞද්ධ වීම යනු ස්වයංසිද්ධ අනන්‍යතාවක් වූයේ බෞද්ධ නොවූ දඩයම්කාර වැද්දන්ගෙන් බෞද්ධ වූ සිංහලයන් වෙන් කරන මූලභූත [structural ව්‍යුහාත්මක] ප්‍රතිවිරුද්ධතාව පදනම් කරගෙනය. අද වැද්දන් [as small dispossessed groups labeled as “aborigines” “ආදිවාසීන්“ ලෙස ලේබල් ඇලවූ බැහැර කළ ] ඉතා කුඩා පිරිසක් බවට පත්ව සිටිතත් මගේ තර්කය නම් ඓතිහාසික සාධක අනුව බස්නාහිර, සබරගමුව, ඌව හා උඩරට පළාත්වල විශාල ප්‍රදේශයක පැතිරී සිටි වැද්දන් 15 වන සියවසෙන් පසු එම පෙදෙස්හි බෞද්ධ රාජධානි පහළ වීම හා සමඟ කෘෂිකර්ම‍ය භාවිතා කර ගනිමින් සිංහල – බෞද්ධභාවයට පත් වූවා කියාය.”

ගණනාථ ඔබේසේකර

ගණනාථ ඔබේසේකර

සමාප්තිය
මෙම ලිපියේදී මා වෑයම් කළේ යටත්විජිත යුගයට පෙර ශ්‍රී ලංකාවේ බෞද්ධ “ජාතිකත්වයක්” [a “nation” ජාතියක්] තිබුණු අයුරු නිරූපණය කිරීමටය. එම යුගයේ බොහෝ විටදී තමන් බුදුන්ගේ සාසනයට අයත්ය යන්න සිංහලයන් එකහෙළා පිළිගෙන තිබුණක් විය. [even though there was no indigenous term designating such an identity එබඳු අනන්‍යතාවක් පනවන ස්වදේශික පදයක් නොතිබුණු නමුදු] මෙය “බෞද්ධ” අනන්‍යතාවක්ව තිබුණි [implied ඇඟවීය] . බෞද්ධ වීම යනු ස්වයංසිද්ධ අනන්‍යතාවක් වූයේ බෞද්ධ නොවූ දඩයම්කාර වැද්දන්ගෙන් බෞද්ධ වූ සිංහලයන් වෙන් කරන මූලභූත [structural ව්‍යුහාත්මක] ප්‍රතිවිරුද්ධතාව පදනම් කරගෙනය. අද වැද්දන් [as small dispossessed groups labeled as “aborigines” “ආදිවාසීන්“ ලෙස ලේබල් ඇලවූ බැහැර කළ ] ඉතා කුඩා පිරිසක් බවට පත්ව සිටිතත් මගේ තර්කය නම් ඓතිහාසික සාධක අනුව බස්නාහිර, සබරගමුව, ඌව හා උඩරට පළාත්වල විශාල ප්‍රදේශයක පැතිරී සිටි වැද්දන් 15 වන සියවසෙන් පසු එම පෙදෙස්හි බෞද්ධ රාජධානි පහළ වීම හා සමඟ කෘෂිකර්ම‍ය භාවිතා කර ගනිමින් සිංහල – බෞද්ධභාවයට පත් වූවා කියාය. මීට අමතරව මවිසින් පෙන්වා දෙන ලද කරුණක් වූයේ යුද්ධ කාල වලදී උත්සන්න වූ දමිළ – සිංහල ප්‍රතිරෝධයේ [ structural opposition ව්‍යුහාත්මක ප්‍රතිවිරුද්ධතාවයේ] ස්වභාවයය . මේ ප්‍රතිරෝධාත්මක සැලැස්ම [this oppositional structure මෙම ප්‍රතිපක්ෂමය ව්‍යුහය] මහාවංශය හා පූජාවලිය වැනි ඓතිහාසික පාඨග්‍රන්ථයන්හි ලා ඝනීභූත කරනු ලැබීය. එය මේ ලිපියේ පෙන්වා දුන් වෙනත් ක්‍රම මඟින් විඝණීභූත කරන ලදී.‍ සාමාන්‍ය ජනතාවට මුහුණපෑමට සිදුවූවක් නම් දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණි නා නා විධ වූ සංක්‍රමණිකයන් හා ගනුදෙනු කිරීමය. එම සංක්‍රමණිකයන් මුළු මහත් සංස්කෘතික සැලැස්මට ඇතුළු කරගනිමින් සිදු වූ “සාසනකරණය” ම විසින් සැකෙවින් විස්තර කරන ලදී. යුරෝපීයයන්ගේ ආගමනයෙන් පසු සිංලයන් බහුතරයට සාසනයේ සතුරන් ලෙස පෙනුනේ පෘතුගීසීන්, ලන්දේසීන්, හා බ්‍රිතාන්‍යයන්ය‍. සිංහලයන්ගෙන් සෑහෙන පිරිසක් කිතු සමය වැළඳගත් නමුත් යුරෝපීයයන්ගෙන් ඉතා ස්වල්පයකි (වැඩිපුරම පෘතුගීසි) සිංහලයන් හා විවාහ වී බෞද්ධභාවය ලබා ගත්තේ.

මා ඉහත ඉදිරිපත් කළ තර්ක වත්මන් ජනවාර්ගික ඝට්ටනයට අදාළ වන්නේ කෙසේදැයි මෙහිදී විස්තර කළ නොහැක. එය අන්‍යන් විසින් කරනු ඇතැයි අපේක්ෂා කරමි. මගේ ප්‍රධාන තර්කය වන්නේ බ්‍රිතාන්‍යයන් සිය ආධිපත්‍ය පිහිටුවා ගත්තායින් පසුව, විශේෂයෙන් 19 වන සියවසෙන් අග අවධියෙන් පසුව සිංහල අනන්‍යතාව බෞද්ධ අනන්‍යතාව අභිබවා යාමට පටන් ගත් බවයි. මෙය පුදුමයට කරුණක් නොවේ. මන්ද යත් යටත්විජිත පාලනයේ ප්‍රතිඵල වශයෙන් බෞද්ධ නොවූ සිංහල [ many බොහෝ ]පිරිසක් පැන නැඟී සිටි බැවිනි. [even for some Buddhist monks සමහර බෞද්ධ භික්ෂූන්ට පවා] , සිංහල අනන්‍යතාව මූලභූතකරණය වූ නමුදු එයින් ප්‍රචන්ඩත්වය උසි ගැන්වීමක් සිදු වූවයි කිව යුතු නැත. උදාහරණ වශයෙන් 1983 දමිළයන්ට එරෙහිව යෙදී ජනවාර්ගික ඝට්ටනය උත්සන්න කර වූ ප්‍රචන්ඩ ක්‍රියා එදා පැවැති ජයවර්ධන රජයේ ක්‍රියාවක් මෙන්ම සම්පූර්ණයෙන්ම දේශපාලන අරමුණු ගත්තේ ද විය. මගේ පූර්විකාව කෙසේ වෙතත් අපට බලාපොරොත්තු තැබිය හැකි ලකුණු ද පහළ වී තිබේ. 1983 කෝලාහලයෙන් පසු සාමාන්‍ය දමිළ ජනතාවට එරෙහි සිංහල ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වීමේ ප්‍රබල ප්‍රවණතාවක් තිබේ‍. එල්.ටී.ටී.ඊ සංවිධානයේ උත්සන්න උසිගැන්වීම් මධ්‍යයේ වුවද තතත්ත්වය එසේම පැවතුණි. එහෙත් සෘණාත්මකව බලන කල දෙපැත්තේම සිටින අන්තවාදීන්ගේ චපලභාවය නිසා වත්මන් සාම ක්‍රියාවලිය සංකීර්ණ වූ ද අන්තරායභරිත වූ ද කාර්යයක් බවට පත් කරනු ඇත. ප්‍රශ්නයේ එක් කොටසක් ව සිටින්නේ තම ආගමේ ආරම්භකයාණන්ගේ උගැන්වීම් අමතක වූ නොහොත් නොසලකා හරින්නාවූ තමන් බෞද්ධයන් ය කියා ගන්නා උදවිය ය. මෙයට භික්ෂූහුද අයත් වෙති‍.

(පරිවර්තනය: මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාය)

පාදක සටහන්

1. මෙය “Buddhism, Ethnicity and Identity: A Problem of Buddhist History” නම් වූ ලිපියේ පරිවර්තනයකි.

2. මෙම භික්ෂුව ගැන හා “නව බුදුසමය” ගැන අගනා විස්තරයක් H.L. Seneviratne ගේ The Work of Kings 1999) නම් පොතෙහි ඇත.
3. Tambiah (1976).
4. මහාවංශයේ කියන පරිදි බුදුහු තම ප්‍රථම ලංකාගමනයේදී සමන් දෙවි ඇරයුමෙන් ලබා දුන් කේශධාතු මෙම දාගබේ නිදන්ව ඇත. පරිනිර්වාණයෙන් පසුව අකුධාතුව (collarbone, ගයිගර් මතය අනුව) නොහොත් කණ්ඨ ධාතුව (Adam’s apple, ජී.සී. මැන්දිස් මතය අනුව) මෙහි නිදන් විය. Geiger, Mahavamsa, p.5 and p. 303, note by G.C. Mendis and pp. 1–13.
5. එම pp. 51-61.
6. “කඩයිම් පොත්” යන්නෙන් අදහස් වන්නේ දේශ සීමා හා ප්‍රදේශ සීමා දැක්වෙන් ග්‍රන්ථය යන්නයි.
7. උතුම් බුදුරුවනේ – ලොව් දෙසු දහම් සරණේ
සමඟ සඟ සරණේ – සදා වඳිනෙමු මෙතුන් සරණේ
8. දීපවංශයෙහි මෙසේ කියවේ: “ලංකා දිවයින සිංහයා අන්වයෙන් සිංහල නම් විය”. (9.1) ඉංග්‍රීසි පරිවර්තනය Oldenberg (1982: 160)
9. Mahavamsa (Geiger) p. 55. ආරම්භක කතා පුරාණයට අනුව බුදුහු ලක් සසුන සුරැකීම ශක්‍ර දෙවිඳුට භාර කලහ. ශක්‍ර විසින් එය විෂ්ණු වෙත පවරන ලදී.
10. ජනවාර්ගිකත්වයේ උත්ප්‍රාසජනක සිද්ධි නම් දමිළයන් ඊළාමයක් (නිරුක්තිය අනුව “සිංහලයක්”) ඉල්ලීමක්, අනෙක් අතට සිංහලයන් ලංකාව යන්නෙහි (එනම් දමිළ බසින් “දිවයින” යන ඉලංකෙයි යන්නෙන් බිඳුණක්) කෙරේ එල්බී සිටීමත්ය.
11. John Clifford Holt, the Buddha in the Crown (1991), p.79 උපුටා දැක්වී ඇත.
12. සවිස්තර සටහනක් හෝල්ට්ගේ පූර්වොක්ත කෘතියේ 48-51 පිටුවල ඇත. මේ පුරාණොක්තියේ තවත් මනහර ප්‍රකාශනයක් හා ඊට අනුබද්ධ තවත් පුවතක් පහත සඳහන් 7 වන සිය වසට අයත් කෘතියේ තිබේ: the Great Tang Dynasty Record of the Western Regions, Fascile xi, entitles Simhala, Trans Li Ronxi, Berkeley, The Numta Centre, 1996” 323-33
13. Dayal (1978-382)
14. ලක්දිව පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව බලන්න: S.U. Deraniyagala, The Prehistory of Sri Lanka, Parts 1 and 2 (Colombo, Archaeological Survey Memoir, Vol. 8, 1992).
15. මෙහිදී තවත් සඳහන් කළ යුත්තක් නම් යටත් විජිත අවධියේදී මුහුදුබඩ පළාත්වල ජනයා ඌව හා සබරගමුව ප්‍රදේශයන් “සිංහලේ” යනුවෙන් හැඳින්වූ බවයි. “මම සිංහලේ යනවා” යැයි ඒ පළාත්වලට යාම ගැන පවසනු මගේ ළමා අවධියේ සිදුවනු අසා ඇත්තෙමි. මේ ව්‍යවහාරය ද පැරණි සිංහලද්වීප සංකල්පයෙන් ඉතිරි වී ඇත්තකි. මේ අවධිය වන විට පිට රැටියන්ට එරෙහි අරගලයෙහි යෙදී සිටියේ යට කී පළාත්වල ජනයා වූ හෙයින් ඒ යෙදුම අර්ථාන්විතය. විසිවන සිය වස වන විට “සිංහලේ” යන්නට “පරණ තාලේ” “දුරබැහැර” වැනි අරුත ද එක් වී යුරෝපීයයන් ගේ primitive (ප්‍රාකෘතික) යන්නට අසමාන නොවූ අරුත් ද එක් වුණි.
16. Benedict Anderson, Imagined Communities: Reflections on the Origin and Spread of Nationalism, (London & New York, Verso, 1983). p.74
17. Emile Durkheim, Elementary Forms of The Religious Life, Trans Joseph Ward Swain, (London, George Allen & Unwin, 1954), pp. 205-234
18. මෙහිදී මා උපුටා දක්වන්නේ මගේ පහත සඳහන් ලිපියේ ඇති තොරතුරුය. “The Buddhist Pantheon and its Extensions” in Manning Nash ed. Anthropological Studies of Theravada Buddhism, Cultural Report Series, No.13. (Detroit, Michigan, 1966), pp. 1-26. ආවශ්‍ය වන්දනා ගමන” පිළිබඳ සංකල්පය මා ගත්තේ Gustave E. von Grunebaum, Mahamedan Festivals, (New York, Schuman, 1951), pp. 15-51 කෘතියෙනි.
19. Emile Durkheim, Elementary Forms of the Religious Life, pp. 209-219
20. Wilhelm Geiger, Culture of Ceylon in Medieval Times, (Wiesbaden, Otto Harassowitz, 1960), p.207
21. ආවශ්‍යක වන්දනා ගමන දේශපාලන කාර්යයක් ද ඉෂ්ට කරයි. එමගින් මුළු මහත් බෞද්ධ සමාජය ගැන පොදු හැඟීමක් ස්ථාපනය වේ. චෝසර්ගේ යුගයේ එංගලන්තයේ මෙබඳු හැඟීමක් ජනිත කළ ආකාරය ඔහුගේ කැන්ටබරි කථා (Canterbury Tales) කෘතියෙන් පෙනේ. තදනන්තරව ඉංග්‍රීසි ජාතික හැඟීම ප්‍රබල කිරීම‍ට එය හේතු කාරක වන්නට ඇත.
22. එච්.ඒ.පී. අභයවර්ධන, කඩයිම් පොත් විමර්ශනය, කොළඹ, සංස්කෘතික අමාත්‍යාංශය 1978, 223-31 පිටු.
23. මේ විපර්යාශය පිළිබඳ පැහැදිළි උදාහරණයක් උඩුපිහිල්ලේ කුලතුංග මුදියන්සේ පිළිබඳ සඳහනෙහි ඇත.මාතලේ නගරයේ යාබද කොටසක් ලෙස අද පවතින උඩුපිහිල්ල පිහිටුවන ලද්දේ වැද්දන් විසින් වන අතර අද එහි සිටින ගොවිගම උදවිය ඔවුන්ගෙන් පැවත එන බව ලෝරි තම ග්‍රසටියර් ග්‍රන්ථයේ 2 වෙළුමේ 858 පිටුවේ සඳහන් කර ඇත. කුලතුංග මුදියන්සේ නම් රදළයා වැද්දන්ගෙන් පැවත එන්නෙකි.
24. අන්‍ය ස්ථාන නම් මැදමහනුවර, හඟුරන්කෙත (ජයතිලක පුර) සහ නිල්ලඹේ ය. යුද සමයේ මහනුවර රජවරු මේ විකල්ප ස්ථාන වලට ගියහ.
25. එම විස්තරයට අනුව “එය විශාල වූ වීථි රාශියක් ද මනහර ගොඩනැගිලි ද අගනා පන්සල් හෙවත් මිත්‍යාදෘෂ්ටිකයන්ගේ පූජ්‍යස්ථාන ද (මින් එකක පදනම වර්ග අඩි 130 ක් වට ප්‍රමාණ ඇත්තේ ඉතා උස් වූ හා අතිශය චිත්තාකර්ෂණීය වේ) තිබෙන හෙයින් මහළු අධිරාජයා එහි තම රාජසභාව පැවැත්වීමට පුරුදුව සි‍ටියේ ය. එහි මනහර ගොඩනැගිලි වලින් සමන්විත අධිරාජයාගේ ශෝභමාන වූ ද විශාල වූ ද රජමාළිගයක් ද තිබේ. මෙහි අධිරාජයාගේ අගනාම නෞකා හා යාත්‍රා නිෂ්පාදනය කෙරේ. මෙහි වෙළඳසල් රාශියක් ද ඇති මුත් වෙළඳ මධ්‍යස්ථානයක් (market) නැත. ගලින් නිම වූ තාපසාරාම සහ උණ ලීයෙන් කළ ගෙවල් රාශියක් ද ගංගා ඉවුර දිගේ සැතපුමක් දෙකක් පමණ දුරට විහිදී තිබේ. (Francois Valentijn’s Description of Ceylon, Trans. By S. Arasaratnam, (London, Hakluyt Society, 1978), pp 152-53 මෙය “මුළු දිවයිනේ ම තිබෙන්නාවූ අති මනෝහරම නගරයන්ගෙන් එකක් වන අතර නමන් රිසි ඕනෑම දෙයක් ඉන් ලැබිය හැකියැ”යි ද තවත් දුරට පැවසී ඇත.
26. කුවේණිය කපු කැටීම පිළිබඳ පුරාවෘත්තය අර්ථකථනයේදී කෙතරම් දුර යා හැකි දැයි මට නිශ්චිත නැත. මෙය විශාල ප්‍රදේශයක පැතිරී පැවති ඉන්දු-යුරෝපීය පුරාණොක්තියකින් ලබා ගැනුණක් බව පෙනේ. මේ අදහස ම ග්‍රීකයන්ගේ ඔඩිසි කාව්‍යයේ කැලිප්සෝ අරඹයා කියැවේ. එම වීර කාව්‍යයේ බොහෝ කාන්තාවන් නූල් කටින චක්‍රයෙහි නිරතව සිටිනු සඳහන් වෙතත් කතුන් එසේ සඳහන් කිරීම සිංහල ඉතිහාසයේ අසාමාන්‍ය සිද්ධියකි.
27. Sigmund Freud, Group Psychology and The Analysis of the Ego, vol. xviii, Standard Edition, (London, Hogarth Press, 1981), p.69
28. Eugene Weber, Peasants into Frenchmen: The Modernization of Rural France, 1870 – 1914, (Stanford, Stanford Univ Press, 1976)
29. බලන්න Blandine Kriger
30. ස්වයංසිද්ධ අනන්‍යතාවන් ගැනත් දමිළයන් නිරූපණය කිරීමෙ ස්වරූපය ගැනත් අප සඳහන් කළ කරුණු අනුව ඇතැම් සුප්‍රකට ලේඛකයන් විසින් ශ්‍රී ලාංකික පාඨ ග්‍රන්ථයන්හි දමිළයන් කෙරේ දැක්වී ඇති ආකල්පය පිළිබඳව ඉදිරිපත් කර ඇති අදහස් සමඟ එකඟ විය නොහැක. තම්බයියා විසින් ගුණවර්ධනගේ වැදගත් ලිපියක් අනුගමනය කරමින් පවසන්නේ යටත් විජිතවාදය හා අධිරාජ්‍යවාදී පාලනය ඇතිවන තාක් සිංහලයන් හා දමිළයන් අතර සබඳතා මිත්‍රශීලී වූ බවය. මීට ප්‍රතිවිරුද්ධව කේ.එන්.ඕ. ධර්මදාස වෙනත් ඓතිහාසික මූලාශ්‍ර සමූහයක් දෙස බලමින් ඊට හාත්පසින් වෙනස් අදහසක් ඉදිරිපත් කරයි. මෙසේ එක් එක් ලේඛකයා තමන්ට අභිමත අභ්‍යුපගමනය සනාත කරන ඓතිහාසික සාධක අනෙකකට ප්‍රතිවිරුද්ධව ඉදිරිපත් කර ඇත. මගේ අදහස නම් මේ ආකාරයේ “සාධක” පෙන්නුම් කරන්නේ සමාජයේ සිදුවෙමින් පැවති වාද විවාද ගැන බවය. ඒවා අතීතයේ කුමන යුගයක වුවද තිබෙන්නට ඇත. වෙනත් වචන වලින් කිවහොත් මිනිසුනට ඕනෑම අවස්ථාවක දමිළයන් දෙවිදියටම දකින්නට හැකිව තිබෙන්නට ඇත. අද වුවද ජනවාර්ගික අර්බුධය උත්සන්නව පවතිද්දීත් දමිළයන් ගැන වඩා ප්‍රභල අදහස “සතුරු අන්‍යා” ලෙස වන නමුදු තවත් අදහස් ද තිබෙන බව දනිමු. මගේ මතය නම් සිංහල බෞද්ධ අනන්‍යතාවක් සංවර්ධනය වීමේ දිනයක් ගැන හෝ එයට ඓතිහාසික අවස්ථාවක් හෝ නිශ්චය කිරීමට එරෙහිවන ගුණවර්ධනගේ අදහස මූලික වශයෙන් සත්‍යය කියාය.
31. පහතරට බොහෝ බලි යාගයන්හිදී යක්ෂයන් සඳහා කුකුළෙකු බිල්ලක් ලෙස දීම අවශ්‍යය. මෙය බොහෝ විට හුදු සංකේතයක් වන්නේ කුකුළා මරන්නේ නැතිව ලේ ටිකක් පමණක් බිලි ‍ලෙස ගන්නා බැවිනි. යාබද ගඟහේන්වල ගමේදී යකැදුරා නිතරම කුකුළු බිල්ල බෙල්ල කපා මරා ලේ බීවේය. මේ සිරිත “නීච කුල තීන්දුව” නම් යාතු කර්මයේ දී අසාමාන්‍ය නොවේ.
32. මෙබඳු අවස්ථා බොහෝය. දමිළයන් හා සිංහලයන් මුණ ගැසෙන සංස්කෘතික ප්‍රදේශ ඇත. ගිණිකොණ දිග පානම එබඳු තැනකි. උතුරෙන් දමිළ ජන ප්‍රදේශයත් දකුණෙන් සිංහල ජන ප්‍රදේශයත් අතර පිහිටි මෙහි එකම පවුලේ හීන්බණ්ඩා කෙනෙකු හා සුබ්‍රමනියම් කෙනෙකු සිටිය හැකි අතර සිංහල දමිළ අන්තර් විවාහ ද දැක්ක හැකිය.
33. Jone Helgerson, Forms of Nationhood: The Elizabethan Writing of England, (Chicago, Univ. of Chicago Press, 1992), p.3
34. එම, 263 පිටුව
35. එම, 277 පිටුව
36. සීගිරි කුරුටු ගී එහි කැටපත් පවුරේ ලියැවී තිබේ. සීගිරි බලකොටුව පළමුවන කාශ්‍යප (ක්‍රි.ව. 473-491) ගේ නිර්මාණයකි. බලන්න S. Paranavitana, Sigiri Graffiti, Vols. 1 and 2 (London, Oxford Univ. Press, 1956). පරණවිතානයන්ගෙන් අත හැරුණු තවත් කුරුටු ගී ගැන බලන්න. Sita Padmini Gooneratne, H.T. Basnayake and Senake Bandaranayake, “The Sigiri Graffiti” in Sigiriya Project: First Archaeological Excavation and Research Report, (Colombo, Ministry of Cultural Affairs, 1984), pp. 196-98: “Sigiri Graffiti: New Readings” Further Studies in the Settlement Archaeology of the Sigiriya – Dhambulla Region, (Colombo, PGIAR Publication, 1994), pp. 199-223
37. මා සිතන්නේ මයුරපාද හිමියන් මේ වචනය යෙදුවේ “ධර්මයෙහි හරය” යන අරුතින් මිස අභිධර්මය අරුතකින් නොවේ කියාය.
38. මයුරපාද ථෙර, පූජාවලිය, සංස්. පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල ථෙර, (කොළඹ, ගුණසේන සමාගම, 1986), 746 පිටුව.
39. එම 746 – 47 පිටු පූජාවලියේ මෙම කොටස මහාවංශයට සියවසකට පමණ පෙර ලියන ලද දීපවංශයෙන් ගැනුණ ද දීපවංශයේ දමිළ විරෝධී හැඟීමක් මහාවංශයේ හෝ පූජාවලියේ මෙන් නොමැති බව කිව යුතු වේ. දීපවංශයේ වීරයෝ වනාහි බුදුසමයේ ආදී කර්තෘ බුදුන් වහන්සේ, එහි අනුග්‍රාහක අශෝකාධිරාජයා හා දිවයිනේ එය පිහිටුවිමට උපස්තම්භක වූ දේවානම්පියතිස්ස රජ යන අයයි.
40. විස්තර සඳහා බලන්න. Obeyesekere, The Cult of Godess Pattini, pp. 306-312
41. එම, 521 – 528 පිටු
42. G. Obeyesekere “Buddhism, Nationhood and Cultural Identity: A Question of Fundamentals” in Fundamentalism Comprehended vol 5 of the Fundamentalisms Project, ed. Martin E. Marty and R. Scott Appleby, (Chicago, Univ of Chicago press, 1995), p. 231-56
43. ශ්‍රී විජය රාපසිංහගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ ( 1798-1815) තෙක් රජවරු දකුණු ඉන්දීය නායක්කරයෝ වූහ. L.S. Dewaraja, The Kandyan Kingdom, 1707-1760, (Colombo, The Lake House Press, 1972)
44. Da Silva Cosme, p. 78
45. Da Silva Cosme, pp. 79-80
46. Father Fernao de Queroz, The Temporal and Spiritual Conquest of Ceylon, Trans. S.G. Perera, (Colombo, Govt. Printer, 1930), PP 327-37
47. මේ විවාදය ගැන බලන්න. S.J. Tambiah, Buddhism Betrayed, (Chicago, Univ. of Chicago Press, 1992); R.A.L.H. Gunawardena, “The People of the Lion: The Sinhala Identity and Ideology in History and Historiography” in Jonathan Spencer ed. Sri Lanka: History and Roots of the Conflict, (London, Routledge, 1990), pp. 45-85 and K.N.O. Dharmadasa, “People of the Lion: Ethnic Identity, Ideology and Historical Revisionism in Contemporary Sri Lanka”, Ethnic Studies Report, 10, No 1, (Colombo, International Centre for Ethnic Studies, 1992), pp.27-59
48 ඔහුගේ මේ අගනා පොත් දෙක බලන්න: Tri Simhala: The Last Phase, 1796 – 1815, Colombo, The (Colombo Apothecaries Co., 1939); Sinhale and The Patriots, 1815 – 1818, ( New Delhi, Navrang, 1995) (1950)

කතිකා අධ්‍යයන කවයේ අවසරකින් තොරව මෙතැනින් උපුටා පල කිරීම තහනම්.

Comments

  1. ඉතාම වැදගත් මේ ලිපි පෙළ මෙසේ අන්තර්ජාල ගතකිරීම අගනා මෙහෙවරකි. ස්තුතිය පුදන්නෙමි.

  2. ආදිවාසීන් කියලා කිවුවත් ඒ අයත් වත්මන් සිංහල බෞද්ධයන්ගේම අතීත පරම්පරාවලින් පැවත එන එහෙත් බෞද්ධ නොවූ පිරිසක් කියලා හිතන්න පුලුවන්.

  3. මෙරටේ සිටිනා බුද්ධිමතුන් අපමණය. නමුත් එවැන්නන්ගේ ලිපි, අදහස් හා සංවාද ඉතාමත් දුර්ලබය. ඇත්නම් ඒ ද මුදලට හෝ ග්‍රන්ථයක පමණි. නමුත් කතිකා සංවාද මණ්ඩපය සමාජමය සත්කාර්‍යයක් ලෙස මෙම කටයුත්ත අරඹා තිබීම දැනුම පිපාසාව ඇත්තන්ගේ පැසසුමට මෙන්ම ඇස්වැසිල්ලට ද හේතුවක් වනු ඇතැයි සිතමි. මෙම ලිපිය සම්බන්ඳයෙන් මෙම අදහස මා තැබුවද, සත්‍ය වශයෙන්ම මේ පැසසුම සමස්ථ ලිපි මාලාවටම බව සිහිපත් කරණු කැමැත්තෙමි. අධ්‍යයන කටයුතු සඳහා මෙම අඩවියට පිවිසෙන තුරුත් මා සිතා සිටියේ බුද්ධිමය සංවාද ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බවයි. නමුත් දැන් එම මතය මා හට බැහැර කළ හැකිය. ඉදිරියටත් මෙවන් බුද්ධිමය සංවාද පැවැත්වීමට සුදුසු සියළු පසුබිම් සාර්ථක වේවා යන ප්‍රාර්ථනය සමඟින් මා මේ කාර්‍යය සඳහා බෙහෙවින් ස්තූතියි වන්ත වෙමි.

Leave a comment