Tagged ලිබරල්වාදය

Featured

අරගලය පාවා දෙනු ලැබීද ?: ජනතාවාදී යුගයක බුද්ධිමතුන්ගේ ‘ද්‍රෝහීත්වය’ 

දේශපාලන න්‍යායවේදිනී වෙන්ඩි බ්‍රවුන් ඇගේ  ‘ශුන්‍යතාවාදී යුගය’ ( Nihilistic Times, 2023) නමැති පොතේ තර්ක කරන්නේ අප ජීවත් වන්නේ දැඩි ශුන්‍යතාවාදී යුගයක බවයි. මෙම ශුන්‍යතාවාදයේ නැගීම අපගේ වත්මන් දේශපාලන අර්බුදයේ කේන්ද්‍රස්ථානය ලෙස තබමින් ඇය අනතුරු අඟවන්නේ, එය දේශපාලන මෙන්ම ශාස්ත්‍රාලීය ජීවිතයද පිරිහීමට හා ව්‍යාකූලත්වයට පත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාකාරීව විනාශ කරන බවයි. බ්‍රවුන්ගේ දැක්මට අනුව, ශුන්‍යතාවාදය දැනුම සහ දේශපාලන වගකීම යන දෙකෙහිම අගය බිඳවැටීමට හේතු වේ. මෙම අර්බුදය විශේෂයෙන්ම ශාස්ත්‍රීය ක්ෂේත්‍රය තුළ පැහැදිලිව දක්නට ලැබේ.

Featured

ගෝලීය උතුරේ හීනවන-වර්ධනය සහ ගෝලීය යුක්තියේ අවශ්‍යතාවය – සමුද්‍රන් විසිනි

ජනතාවගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන ප්‍රතිසංස්කරණ සඳහා අනෙකුත් වාමාංශිකයන් සමඟ මාක්ස්වාදීන් ද එක්ව සටන් කරති. නමුත් ඔවුන් ප්‍රතිසංස්කරණවාදය ප්‍රතික්ෂේප කරති. ධනවාදයට වඩා හොඳ විකල්ප ක්‍රමයක් උදා කළ නොහැකි ය යන ධනපති පන්තියේ මතවාදයට ප්‍රතිසංස්කරණවාදය සහාය වේ. ධනේශ්වර ක්‍රමය තුළ අරගල කර දිනාගත් අයිතිවාසිකම් පවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම ප්‍රාග්ධනයේ ප්‍රධාන පන්තිමය අවශ්‍යතාවලට යටත් ය යන්න ඉතිහාසය දෙන පාඩමයි.

Featured

පාරිසරික සමාජවාදී-කොමියුනිස්ට්වාදී අනාගතය පිළිබඳ දිවෙන කතිකාවන්

“‘දේශගුණික විපර්යාස ගැටලුව නොසලකා හැරීම වාමාංශික සමාජවාදීන්ගේ පොදු ප්‍රවණතාවකි. නමුත් මෙය බලවත් වරදකි. විසි එක්වන සියවසේදී, පොදුවේ පාරිසරික අර්බුදයේ (සහ විශේෂයෙන් දේශගුණික අර්බුදයේ) ප්‍රධාන ප්‍රශ්නයට පිළිතුරු සෙවීම, කම්කරු පන්තීන්ගේ සහ දිළින්දන්ගේ අරගලයට අතිශයින් වැදගත් බව අපි අවධාරණය කරමු.  ඇලෙක්සැන්ඩ්‍රේ කොස්තා (2014)…. විවිධාකාර පාරිසරික ක්‍රියාකාරී සංවිධාන බොහොමයක් රජය සමඟ හෝ බහුජාතික සමාගම් සමඟ එක්ව ක්‍රියාත්මක වේ.…

ශ්‍රී ලංකාව බංකොලොත් බව හෝ ගැළවීම අබියස

අහිලන් කදිර්ගාමර්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  (ජා.මූ.අ.) සමග ගිවිසුම  සහ එහි විපාක  ප්‍රභූන් සහ වැඩකරන ජනයා අතර ගැටුමේ  නාභියයි. “….ශ්‍රී ලංකාවේ ප්‍රභූන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට වුවද අද  වන විට ජනයාගේ එදා වේල සපයා ගැනීමට රට සිඟමන් යදින තත්වයකට පත්ව තිබේ. මෙය පාලක ස්ථාපිතය සසල කරන ජාතික නින්දාවකි. එසේ තිබියදී, අසීමිත ආනයන සහ තව තවත් අතමාරු කරගෙන…

දේශපාලනයේ හේතුවාදය – මයිකල් ඕක්ෂොට්

“යුරෝපයේ නූතන ඉතිහාසය හේතුවාදයේ දේශපාලනයේ ව්‍යාපෘතීන් ගෙන් හැඩිවී ඇත. මේවායින් ඉතාමත් උත්කෘෂ්ට වනුයේ ඇතැම් විට, ‘අඥානභාවය, දිළිඳු බව, භේදය, පාපය හා දුක්ඛිත බවින් මානව සංහතිය මුක්ත කර වීමේ ලෝක සමුළුවක්’ සඳහා වූ රොබට් ඕවන්ගේ ව්‍යාපෘතිය විය හැක – කොතරම් උත්කෘෂ්ට ද යත් හේතුවාදියකු පවා, (නමුත් එතරම් යුක්ති සහගත බවකින් තොර ව) එය විකාරයකැයි සිතීමට ඉඩ…

දේශපාලනය ලිබරල් “ක්‍රීඩාවෙන්” ඔබ්බට – චමීර පෙරේරා

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම හුදු ලිබරල්වාදී කාර්යයක් යන්න වමට සම්බන්ධ සහෝදරයන්ගෙන් වුවද බොහෝ විට එල්ලවන විවේචනයකි. වමේ ව්‍යාපාරයේ ඉතිහාසය තුළද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රමුඛ දේශපාලන කාර්යයක් ලෙස සැලකූ සහෝදරවරුන් සම්බන්ධයෙන් බරපතල විවේචනයන් එල්ල විය. ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා එකී විවේචනයට හසුවූ ප‍්‍රධාන චරිතයයි. කම්කරු පන්ති දේශපාලනය මුල්කරගත් දෘඩතර පන්ති සංවිධානයක් වෙනුවට සම සමාජය, මහජනතාව මුල්කරගත් මහජන ව්‍යාපාරයක්…