By kathika

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම – නිර්මාල් රංජිත් දේවසිරි 1994 අගෝස්තු මාසයේ ඉතාම තීරණාත්මක මහා මැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය දියත් වෙමින් පැවැතියදී TNL රූපවාහිනිය ප‍්‍රධාන මැතිවරණ කඳවුරු දෙකේ ප‍්‍රකාශකයින් සහභාගී කරවාගෙන රූපවාහිනී විවාද මාලාවක් පැවැත්වී ය. එයින් එකක් පැවැතියේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු වූ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා හා පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රබලයකු වූ අමරසිරි දොඩංගොඩ අතරය. එවකට එජාප ආණ්ඩුවට විරුද්ධ විපක්ෂ කතිකාවේ ප‍්‍රධාන පෙළඹුම් පදය (catch word) වූ ‘‘දාහත් වසරක ශාපයේ’’ ප‍්‍රධාන අංගයක් ලෙස දොඩංගොඩ මහතා හඳුනාගත්තේ දේශීය නිෂ්පාදන භාවිත කිරීම වෙනුවට බටහිරින් එන භාණ්ඩ පරිහරණය කිරීමේ…

ලංකාවේ මිනිසුන් ලෙඩ කරවන TV, Radio සහ Cellphone කුළුණු ………………

ලංකාවේ මිනිසුන් ලෙඩ කරවන TV, Radio සහ Cellphone කුළුණු ……………… ඔබ ලංකාවේ කොහේ ගියත් TV,Radio සහ Cellphone කුළුණු දැක ඇතිවාට සැක නැත,බහුලව කුළුණු සවිකර ඇති තැන මෙසේය කදු මුදුනුවල මහල් නිවාස වල ඉහලම මහලේ මහල් වියාපාර ආයතන වල ඉහලම මහලේ; තට්ටු නිවාස වල මහලේ තරු හෝටල් වල ඉහලම මහලේ ඉහත සදහන් ස්ථානවල බහුලව කිසිම ප්‍රමතියකින් හෝ පාරසරික සහ සමාජීය නියමයන්ට පටහැනිව සහ මිනිස් ජීවිත සතුන් මෙන් සලකා, බහුජාතික සමාගම් ලංකාවේ ඉදිකර ඇති ඉහත කුළුණු නිසා අහිමිවන ජීවිත ගණන ඔබ දන්නවද ?????????, ලොව විවිද රටවල් සහ ලංකාවේ පරේෂණ කණ්ඩායම් වල සොයාගැනීම්වලට අනුව TV,Radio සහ Cellphone කුළුණු ආශ්‍රිත ජීවත්වන ජනතාවට පහත දැක්වෙන…

සිංහබාහු තුළින් බිහි වූ විකල්ප මහා සම්ප්‍රදාය

සිංහබාහු, සංස්‌කෘතික ප්‍රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය – 2 සිංහබාහු තුළින් බිහි වූ විකල්ප මහා සම්ප්‍රදාය මහාචාර්ය ගාමිණී කීරවැල්ල ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන්ගෙන් දේශපාලන බලය පැවරෙන්නේ 1948 වුවද සංස්‌කෘතික විජිතහරණ ක්‍රියාදාමයේ නව නැම්මක්‌ සලකුණු වන්නේ 1950 දශකයේ මැද භාගයේය. එය එකවර හදිසියේ වූ සිදුවීමක්‌ නොව කාලයක්‌ තිස්‌සේ හිමිහිට වැඩුණු ඓතිහාසික බලවේගයන් මුහුකුරායැමේ ප්‍රතිඵලයකි. 1956 මහජන එක්‌සත් පෙරමුණ බලයට පත්වීම මෙම ක්‍රියාවලියේ එක්‌ සිදු වීමක්‌ පමණි. එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක නායකත්වය දුන් මහජන එක්‌සත් පෙරමුණ මේ වන තෙක්‌ පාලක පක්‍ෂය ලෙස සිටි එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය කොට මහජන රජයක්‌ ඇති කිරීම සමග මෙතෙක්‌ දේශපාලන බලයේ අද්දර සිටි නමුත් බලය හසුරුවන තීරණ ගැනීම…

බන්දුල ගුණවර්ධනගේ සාධාරණ අධ්‍යාපනය

බන්දුල ගුණවර්ධනගේ සාධාරණ අධ්‍යාපනය – නිර්මාල් රංජිත් දේවසිරි අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන විසින් ජාතික පාසැල් වල සිසු සිසුවියන්ට උසස් පෙළ සඳහා වෙනත් ජාතික පාසැලකට යාම අවහිර කිරීම සඳහා ගනුලැබූ පියවර පසුගිය දිනවල බෙහෙවින් ජන අප‍්‍රසාදයට පාත‍්‍ර විය. මේ පියවර ඒ මහතා විසින් හඳුන්වා දෙනු ලැබූවක් නොවන බවටත් දැනටමත් ඊට අදාල චක‍්‍රලේඛ පවතින බවටත් ගුණවර්ධන මහතා කරන ප‍්‍රකාශය සත්‍යයක් බවට සැකයක් නැත. නමුත් එම චක‍්‍රලේඛ නිසිලෙස ක‍්‍රියාත්මක වී නැති බව පැහැදිළිව පෙනේ. මේ නිසා මේ ගැටලූව දෙස ගුණවර්ධන මහතාට බැට දීමෙන් ඔබ්බට ගොස් සාකච්ඡුා කළ යුතුබව මගේ අදහසයි. බන්දුල ගුණවර්ධන මහතාගේ තර්කය වන්නේ එක් ජාතික පාසැලකින් තවත් ජාතික පාසැලකට උසස් පෙළ…

ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමෙන්ම පාලක රෙජීමය ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් නොවේ

ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමෙන්ම පාලක රෙජීමය ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් නොවේ – කුමුදු කුසුම් කුමාර දේශපාලන චින්තිකා හනා ආරන්ඩ්ට් ‘සමාවදීම‘ සහ ‘පොරොන්දුවීම‘ දේශපාලනයේ අත්‍යවශ්‍ය චිත්ත ශක්තීන් ලෙස සළකා කළ විග්‍රහය පිළිබඳ පවත්නා සාකච්ඡාවන්ට හැරීමෙන් අපට මේ පිළිබඳ අදහසක් සම්පාදනය කර ගත හැකිය. සමාව දීම ක්‍රියාවේ (action) සහ නිදහසේ ප්‍රධානම සාධකය යැයි හනා ආරන්ඩ්ට් ප්‍රකාශ කළාය. ඇය තර්ක කළ පරිදි මානව ක්‍රියාවන් හි ප්‍රථිඵල කලින් කියනොහැකි මෙන්ම එම ක්‍රියා නැවත හැරවිය නොහැකිද වන හෙයින් ක්‍රියාවේ නැතහොත් දේශපාලනයේ නිරත වන්නට නම් ක්‍රියාවටම අයිති චිත්ත ශක්තීන් දෙකක් වන සමාවදීම සහ පොරොන්දුවීම මත රඳාපවතින්නට මානවයාට සිදුවෙයි. “පොරොන්දු ඉටුකිරීමට බැඳෙනු ලැබීමෙන් තොරව, අපට කවරදාකවත් අපගේ අනන්‍යතාවන්…

සිංහබාහු, සංස්‌කෘතික ප්‍රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය

සිංහබාහු, සංස්‌කෘතික ප්‍රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය – මහාචාර්ය ගාමිණී කීරවැල්ල මා සිංහබාහු නාටකය මුලින්ම නැරඹූයේ පේරාදෙණිය සරසවියේ නවක සිසුවකු ලෙස 1968 දීය. ඉන්පසුව දිවයිනේ නොසිටි කාලපරිච්ඡේද හැර වසරකට හෝ දෙවරකට වරක්‌වත් නැවත නැවත මා සිංහබාහු නාටකය පේරාදෙණිය සරසවියේ එළිමහන් රඟහලේදී නරඹා ඇත. එම ඉතිහාසය දෙස නැවත හැරී බලා නූතන ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික – දේශපාලන වපසරියේ දැවැන්තයකු වූ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ඓතිහාසික භූමිකාව පිළිබඳ කෙරෙන සංකථනයට එකතුවක්‌ කිරීමට දරන ප්‍රයත්නයකි, මෙය. ප්‍රථම වරට මා සිංහබාහු නාටකය නැරඹූ කාලය වූකලී ඒ සරච්චන්ද්‍රයන්ගේ කීර්ති කදම්භය සරසවි බිම සිසාරා දිදුළමින් පැවති අවධියයි. ඒ වන විට එදිරිවීර සරච්චන්ද්‍රයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා විය. ඔහු…