රාජ්‍ය නොවන සංවිධාන ජන පැලැන්තිය හා සමාජ ව්‍යාපාර Colours of Ceylonism නිදහසින් පසුව යටත්විජිත රටවල් වල උවමනා ආකාරයට ලංකාවේ සියල්ල සකස් කර ඔවුන්ට ගැලපෙන අපට නොගැලපෙන පාලක පන්තියකට රට බාර දී ගියහ. මෙම පාලක පන්තිය පෙර රදල හෙවත් අධිරාජ්‍යවාදීන්ට උදව් කල සිංහල දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයෙන් හෙබි විය. කාලානුරූපව සකස් වූ මෙම මධ්‍යම පන්තිය විසින් රටේ බලතල බාරගන්නා ලදී. මෙම බාරගැනීම සාර්ථකව සිදු වුවද පාලනය කිරීම සිදු කරන ලද්දේ අසාර්ථකවය. එම නිසා අධිරාජ්‍යවාදයට භාවිතා කල නොහැති ආකාරයට ඔුවුන් විසින් සකස් කරන ලද ව්‍යුහයන් ජරාජීර්ණ විය. පාර්ලිමේන්තුව, අධිකරණය, රාජ්‍ය යාන්ත‍්‍රණය මෙම ව්‍යුහ අතර කැපීපෙනෙන අක‍්‍රමිකතාවයන් සිදු කරන ලද ආයතනය බවට පත්විය.…
'kathika' social, cultural and political review
From සමාජ විචාර
ගාන්ධි පසුපස ගාන්ධි
ඡායාරූපය මුකේෂ් පර්පියානි අනුවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ ගාන්ධි වූ කලී යටත් විජිත සමයේ ආසියාවෙන් බටහිර නූතනත්වයට එල්ල වූ බරපතලම අභියෝගය යැයි කිවහැකිය. එහෙයින් ගාන්ධි ගේ ප්‍රතිරූපය ලොව දේශපාලන ප්‍රචණ්ඩත්වය පවත්නා සියළු තන්හි ජනයාගේ පරිකල්පනය තුළ නැවත නැවතත් ජීවමාන වනු දැකිය හැකිය. ලංකාවේ ද ගාන්ධි පිළිබඳ උනන්දුවක් විශේෂයෙන්ම පසුගිය යුද සමයේ අවදි වනු දක්නට ලැබුණි. ඉන්දියාවේ නම් ගාන්ධි හැමදාමත් ජීවමානය. ඒ ගාන්ධි ප්‍රභූ පවුලේ අතින් නොගිලිහෙන ජාතික දේශපාලන නායකත්වය නිසා ම නොවේ. ගාන්ධි ගේ ප්‍රතිරූපය කොතරම් සරු අරුත් දනවන්නේදැයි කියතහොත් ගාන්ධි ඉන්දියාවේ නම් විවිධ දේශපාලන අපේක්ෂා තුළ විවිධ වෙසින් ජීවමාන වන බව අෂීස් නන්දි ගේ අර්ථ විවරණයයි. ඔහු එබඳු ගාන්ධිවරු හතර…
අවලෝකන – මාර්ටින් හෛඩැගර්: දර්ශනයේ අවසානය
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. මාර්ටින් හෛඩැගර්: දර්ශනයේ අවසානය – දිමුතු සමන් වෙත්තසිංහ 1 අප ගත කරන නූතන ජීවිතය මුහුණ පා සිටින ව්‍යාධීන් හමුවේ සම්පාදනය කෙරෙන සංකල්ප ගත කිරීම්, විවේචන පිළිබඳ කෙරෙන ප්‍රත්‍යාවලෝකනයක් හුදෙක් ශාස්ත්‍රාලීය ශික්ෂණ මාර්ගයකට අනුබද්ධ වියුක්ත ව්‍යායාමයක්, එනම් ඊනියා සමාජීය විද්‍යාවන්ගේ සහ එහි විශේෂඥයන්ගේ කටයුත්තක් නැතහොත් දෘෂ්ටිවාදීමය අරුතකින් දාර්ශනික ප්‍රවේශයක් වශයෙන් නොසළකනතාක් දුරට ප්‍රායෝගික සහ දේශපාලන අරුතක් මතුකර ගතහැකි වැඩබිමක් බවට පත්කර ගත හැකි බව විශ්වාස කරමින් මෙම ලිපි පෙළ ඇරඹීමට කැමැත්තෙමි.