From සුචරිත ගම්ලත්

කාව්‍ය හේතු – සුචරිත ගම්ලත්

කාව්‍ය හේතු – සුචරිත ගම්ලත් කාව්‍යය නිර්මාණය කරන්නට සැමදෙනාට ම බැරි ය. කාව්‍යය, සාහිත්‍යය නිර්මාණය කරන්නට සැමදෙනාට ම බැරි ය. එයට හැකියාව තිබෙන්නේ ඇතැම් විශේෂ පුද්ගලයන්ට ය. කිවි පද බැඳුම් ගුණ දොස් කිවිඳුන් ම මිස නැණ මඳ කුකවි දැන ගත හැකි කවර ලෙස කියා අලගියවන්නයන් කියු කීම සැබැවින් ම සත්‍යයකි. පුරාණ ඉන්දියාවේ මෙවැනි සුභාෂිතයක් (ප්‍රඥාවන්ත කියමනක්) විය. ශාතේෂු ජා‍යතේ ශූර : සහස්‍රේෂු චපණ්ඩිත : චක්තා ශතසහස්‍රේෂු : කවිස්තත්‍ර සුදුර්ලභ : (ශූරයෙකු උපදින්නේ සිය ගණනකට එකෙකි. පණ්ඩිතයෙකු උපදින්නේ දහස් ගණනකට එකෙකි. කථිකයෙකු උපදින්නේ ලක්ෂ ගණනකට එකෙකි. කවියෙකුගේ ඉපදීම නම් ඊටත් වඩා දුර්ලභ ය). කිසියම් පුද්ගලයෙකු හදිසියේ උපන් ප්‍රබල හැ‍ඟීමක් ප්‍රකාශ කිරීම්…

” ඕනෑම සාහිත්‍යකරුවකු සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ”

පහත උපුටා ගැනීම්, 2009 සැප්තැම්බර් 16, දිවයින, සරසවි උයන අතිරේකයෙනි. ” ඕනෑම සාහිත්‍යකරුවකු සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ” මහාචාර්ය සුචරිත ගම්ලත් සාකච්ඡා කළේ රවීන්ද්‍ර විඡේවර්ධන සාහිත්‍යය කියන එක ක්‍රමයෙන් වර්ධනය වෙමින් යන දෙයක්‌. කිසියම් කාලයක සාහිත්‍යය මූලාරම්භය වුණාද එතැන් සිට විවිධ සාහිත්‍යකරුවන් හා ගුරුකුල එය පෝෂණය කළා. සම්ප්‍රදානයන් කළා. අද සාහිත්‍යය දෙස හොඳට බැලුවාම එහි පුරාණ සාහිත්‍යයක්‌ තිබෙනවා පෙනෙනවා. නමුත් අද එය ක්‍රමයෙන් වෙනස්‌ වී සංවර්ධනය වී තිබෙනවා. මේ සංවර්ධනය, විකාශය දැන ගැනීම තමයි සම්ප්‍රදාය දැන ගැනීම කියන්නෙ. ඕනෑම සාහිත්‍යකරුවකු මේ සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ. අපේ සාහිත්‍ය සම්ප්‍රදාය විතරක්‌ නෙවෙයි. බටහිර නවකතා, රුසියානු නවකතා, භාරතීය නවකතා යන…