Tagged අපරාධ

අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි

අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි මානව ලෝකයේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය තේරුම් ගැනීමට සමාජීය විද්‍යාවන් දරා ඇති උත්සාහයන් විවිධ කතිකාවන් බිහිකොට ඇත. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන හොබ්සියානු කතිකාව මෙන්ම ‘මානවයා ස්වභාවයෙන්ම අහිංසකය’ යන රූසෝවියානු කතිකාවද මානව‍යා පිළිබඳ පරම සත්‍යයන්ට වඩා සංස්කෘතික නිර්මිතයන් බව ‘ස්වභාවය සහ සංස්කෘතිය පිළිබඳ’ න්‍යායාත්මක විවාදය පිරික්සන්නෙකු නිගමනය කරන්නට ඉඩ තිබේ. මේ සමඟ සංසන්දනය කළ හැකි තවත් අදහසක් නම් ‘මානවයා යනු දේශපාලන සත්ත්වයෙකි’ යන ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණයයි. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන මතය අප පිළිගතහොත් එම ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඉහලින් පාලනය පැණවිය යුතුය යන අදහසට එළඹෙන්නට අපට සිදුවෙයි. මීට වෙනස්ව, ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණය හා සම්බන්ධ අදහසක් නම් මානවයා යනු තමන්ට තමන් හසුරුවා ගත…