“දීර්ඝකාලීනව රට ණය උගුලේ හිරකරන සංවර්ධන මොඩලයන් සැබෑ ජාතික සංවර්ධන ක්‍රියාවලිය යටපත් කරනවා” – ගුණදාස අමරසේකර “ත්‍රස්තවාදය අවසන් වී වසර එකහමාරක් ගෙවී අවසන්. රජය පැහැදිලි දර්ශනයක් නැතිව අයාලේ යන බව පෙනෙනවා. දීර්ඝකාලීනව රට ණය උගුලේ හිරකරන නාගරික ඉදිකිරීම් මුල්කර ගත් සංවර්ධන මොඩලයන් දිරිගැන්වීම මඟින් සැබෑ ජාතික සංවර්ධන ක්‍රියාවලිය යටපත් වී රට ණය උගුලේ හිරවෙනවා. ඛනිජසෙම්පත් ජෛව සම්පත් සහ ජන සම්පත ඇතුළු සියලු ස්වාභාවික සම්පත් කොල්ලකෑමට තැත් කරන බටහිර සමාගම්වලට ඇති ඉඩකඩ අහුරා දැමිය යුතුයි. දේශීය කාෂිකර්මාන්තය බිඳ හෙළීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව අනතුරේ හෙලන රජයේ ප්‍රතිපත්ති හකුලා ගැනීමට රජය වහා පියවර ගතයුතුයි. ටයිටේනියම් ඇතුළුව රටවටා ඇති ඛනිජ සම්පත් රැක ගැනීමට…
'kathika' social, cultural and political review
Tagged සංවර්ධනය
ලෝක කුසලාන තරඟාවලිය දැනටම පටන් ගෙන!
ලෝක කුසලාන තරඟාවලිය දැනටම පටන් ගෙන! මෙන්න තවත් හයේ පහරක්!! 2011 පෙබරවාරි 06 sundaytimes පුවත් පතිනි.
“සංවර්ධනය” සහ දේශපාලනය
2011 පෙබරවාරි 05 The Isalnd පුවත් පතින් කාතඥ පූර්වකව උපුටා ගන්නා ලදී.
‘ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සංවර්ධන මාවතත් ලිබරල්වාදයමයි‘ ලයනල් අතුකෝර
‘ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සංවර්ධන මාවතත් ලිබරල්වාදයමයි‘ ලයනල් අතුකෝරල 2005 වර්ෂයේදී ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාද ජනතාවගේ සංවර්ධනය බලාපොරොත්තු වන්නේ ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදය තුළිනි. එයට වෙනස්‌වූ අන්දමේ ක්‍රමවේදයක් අත්හදා බැලීමට හෝ එතුමාට අදහසක් නැති බව පැහැදිලිය. තමාට බලයට පැමිණීමට අවශ්‍ය ජනතා මතවාදය නිර්මාණය කිරීම මෙන්ම, බලයට පැමිණීමට අවශ්‍ය සංවිධාන ජාලය ක්‍රියාත්මක කිරීමට උරදුන් ජ. වි. පෙ. ඉවත දැමීමට බලයට පත් ඇසිල්ලේම එතුමා කටයුතු කළේ එබැවිනි, ජ. වි. පෙ. යනු ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදය එකහෙළාම ප්‍රතික්‌ෂේප කරන දේශපාලන පක්‍ෂයකි. ආර්ථික ප්‍රතිපත්තිය කෙසේ වෙතත් රට තුළ පැවැති සිවිල් යුද තත්ත්වය, දේශපාලනය සමඟ මනා ලෙස කළමනාකරණය කිරීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමත් විය. තිස් වසරක…
රාජ්‍ය නොවන සංවිධාන ජන පැලැන්තිය හා සමාජ ව්‍යාපාර
රාජ්‍ය නොවන සංවිධාන ජන පැලැන්තිය හා සමාජ ව්‍යාපාර Colours of Ceylonism නිදහසින් පසුව යටත්විජිත රටවල් වල උවමනා ආකාරයට ලංකාවේ සියල්ල සකස් කර ඔවුන්ට ගැලපෙන අපට නොගැලපෙන පාලක පන්තියකට රට බාර දී ගියහ. මෙම පාලක පන්තිය පෙර රදල හෙවත් අධිරාජ්‍යවාදීන්ට උදව් කල සිංහල දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයෙන් හෙබි විය. කාලානුරූපව සකස් වූ මෙම මධ්‍යම පන්තිය විසින් රටේ බලතල බාරගන්නා ලදී. මෙම බාරගැනීම සාර්ථකව සිදු වුවද පාලනය කිරීම සිදු කරන ලද්දේ අසාර්ථකවය. එම නිසා අධිරාජ්‍යවාදයට භාවිතා කල නොහැති ආකාරයට ඔුවුන් විසින් සකස් කරන ලද ව්‍යුහයන් ජරාජීර්ණ විය. පාර්ලිමේන්තුව, අධිකරණය, රාජ්‍ය යාන්ත‍්‍රණය මෙම ව්‍යුහ අතර කැපීපෙනෙන අක‍්‍රමිකතාවයන් සිදු කරන ලද ආයතනය බවට පත්විය.…
“ලේ හෙළනු ඇති”
“ලේ හෙළනු ඇති” PDF මාදිලියෙන් කියවන්න Download pdf “ලේ හෙළනු ඇති, මේ පරිමාණයේ අර්බුදයක් දේශපාලනික මෙන්ම ආර්ථික ගැටුම් උත්සුක කිරීම අනිවාර්ය ය යන අර්ථයෙන්. එය සමහර රටවල් අස්ථායී කිරීම සිදුවීම නියතයි. යටපත්වී තිබුණ සිවිල් යුද්ධ ඇතිවීමට මෙය හේතු වනු ඇත. එය මධ්‍යස්ථ ආණ්ඩු පෙරළා දමා, අන්තවාදී ආණ්ඩු බලයට පත් කරනු ඇත. මේ දේවල් පහසුවෙන් කල් තබා කිව හැකිය.”