තම ජනතාවට සැබවින්ම සේවය කරන සමාජයක් ගොඩනැගීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොව, වරප්‍රසාද ලත් ස්වල්ප දෙනෙකුට වඩා බොහෝ දෙනා වෙනුවෙන් සටන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන සැබෑ ජීවන රටාවක් ලෙස තේරුම් ගන්නා දිගු කලක් තිස්සේ පැවති ආන්තික සම්ප්‍රදායක් නැවත ලබා ගැනීම අවශ්‍ය වේ. (නිව් යෝර්ක් නගරයේ පුරපති ධුරය සඳහා වන මැතිවරණය 2025 නොවැම්බර්…
'kathika' social, cultural and political review
Tagged සමාජවාදය
ගෝලීය උතුරේ හීනවන-වර්ධනය සහ ගෝලීය යුක්තියේ අවශ්‍යතාවය – සමුද්‍රන් විසිනි
ජනතාවගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන ප්‍රතිසංස්කරණ සඳහා අනෙකුත් වාමාංශිකයන් සමඟ මාක්ස්වාදීන් ද එක්ව සටන් කරති. නමුත් ඔවුන් ප්‍රතිසංස්කරණවාදය ප්‍රතික්ෂේප කරති. ධනවාදයට වඩා හොඳ විකල්ප ක්‍රමයක් උදා කළ නොහැකි ය යන ධනපති පන්තියේ මතවාදයට ප්‍රතිසංස්කරණවාදය සහාය වේ. ධනේශ්වර ක්‍රමය තුළ අරගල කර දිනාගත් අයිතිවාසිකම් පවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම ප්‍රාග්ධනයේ ප්‍රධාන පන්තිමය අවශ්‍යතාවලට යටත් ය යන්න ඉතිහාසය දෙන පාඩමයි.
පාරිසරික සමාජවාදී-කොමියුනිස්ට්වාදී අනාගතය පිළිබඳ දිවෙන කතිකාවන්
“‘දේශගුණික විපර්යාස ගැටලුව නොසලකා හැරීම වාමාංශික සමාජවාදීන්ගේ පොදු ප්‍රවණතාවකි. නමුත් මෙය බලවත් වරදකි. විසි එක්වන සියවසේදී, පොදුවේ පාරිසරික අර්බුදයේ (සහ විශේෂයෙන් දේශගුණික අර්බුදයේ) ප්‍රධාන ප්‍රශ්නයට පිළිතුරු සෙවීම, කම්කරු පන්තීන්ගේ සහ දිළින්දන්ගේ අරගලයට අතිශයින් වැදගත් බව අපි අවධාරණය කරමු. ඇලෙක්සැන්ඩ්‍රේ කොස්තා (2014)…. විවිධාකාර පාරිසරික ක්‍රියාකාරී සංවිධාන බොහොමයක් රජය සමඟ හෝ බහුජාතික සමාගම් සමඟ එක්ව ක්‍රියාත්මක වේ.…
සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය පිළිබඳ පුනර්කල්පනය – තිරසාර මානව සංවර්ධනය සහ මානව විමුක්තිය
පාරිසරික සමාජවාදී පර්යාලෝකයට අනුව, මනුෂ්‍ය වර්ගයා සහ පෘථිවිය අතර සමතුලිත සම්බන්ධතාවක් නැවත ගොඩනැගීමේ අරගලය, සොබාදහම සහ සමාජය අතර පරිවෘත්තීය සමතුලිතතාවය විඛණ්ඩනයට පෙර තිබූ තත්වයට ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන අරගලයයි. ….
මාක්ස්ගේ සමහර ලේඛනවල, නිෂ්පාදන බලවේගවල අඛණ්ඩ වර්ධනයට නිෂ්පාදන සබඳතා බාධාවක් වන විට සමාජ විප්ලවයේ යුගය උදා වන බවට වන නියතිවාදී (determinist) මතයක් දැකිය හැකිය. …….
සමාජ විප්ලවය ඉතිහාස ගමනේ නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් ලෙස දකින මෙම ස්ථාවරය තුළ හේගලියානු බලපෑමක් ඇති බවට සමහරු විවේචනය කර ඇත. ‘…….
විප්ලවවාදී සමාජ වෙනස පිළිබඳ මාක්ස්ගේ ලේඛනවල ප්‍රවණතා දෙකක් හඳුනාගත හැකිය. එකක්, සමාජ විප්ලවය යනු ඓතිහාසික නියතිවාදයක නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් යන අදහස ඉදිරිපත් කරයි. අනෙක, ‘දාර්ශනිකයන් ලෝකය විවිධාකාරයෙන් විග්‍රහ කර ඇත, නමුත් වැදගත් කරුණ වන්නේ එය වෙනස් කිරීමයි’ යනුවෙන් 1845 දී තරුණයෙකු ලෙස ඔහු සටහන් කළ අදහසට අනුව, ඉතිහාසය නිර්මාණය කරන සහ වෙනස් කරන බලවේගය ජනතාවමය යන චින්තනය ලේඛනවල මෙන්ම ප්‍රායෝගිකව ද පෙන්වන ප්‍රවණතාවයි.
ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය පිළිබඳ ලිපියක සමාප්ති සටහන් – සමුද්‍රන්
අධිරාජ්‍යවාදී ලෝකය විසින් උපත දෙන ලද පළමු විප්ලවය උදා වී ඇත. පළමු විප්ලවයයි, නමුත් නිසැකවම අවසන් එක නම් නොවේ. – ස්විට්සර්ලන්තයේ සූරිච් හි විප්‍රවාසීව සිටියදී 1917 පෙබරවාරි විප්ලවය පිළිබඳ පුවත ලැබුණු විගස ලියූ ලිපියකින් ‘සියලු බලය කම්කරුවන්ගේ, සෙබළුන්ගේ සහ ගොවීන් ගේ සෝවියට් සභා වලට.’ සාමය! පාන්! ඉඩම්! – 1917 බෝල්ෂේවික්වරුන්ගේ සටන් පාඨ ‘1917 රැසියානු විප්ලවය…
ජේආර් : අසංගත දේශපාලන අලංකාරිකයක දාර්ශනිකකරණය – කුමුදු
ජේආර් : අසංගත දේශපාලන අලංකාරිකයක දාර්ශනික කරණය ( හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ රැස්වීමේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ කතාව පිළිබඳ සටහනකි.) “ ජේ.ආර්. ඇරඹූ මගෙහි අපි ඉදිරියට යමු! – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ” යනුවෙන් පළ කොට ඇති ලිපිය අගමැතිවරයා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ රැස්වීමක දී කළ කතාවකි (බලන්න, http://www.samabima.com/?p=15616 ) මෙම කතාවේ…



