බදාදා සටහන අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – තෙවැනි කොටස ෆින්කල්ක්‍රෝත් ගේ රචනය සාකච්ඡා කරන්නේ මනසේ ජීවිතය මුල්කරගත් සංස්කෘතිය යන අදහස යටපත්කොට ගෙන එදිනෙදා ජීවිතය පදනම කරගත් සියලු දේ සංස්කෘතික ය යන අදහස ජයගැනීමේ සංසිද්ධිය යි. මෙහිදී නූතනත්වය තුළ ප්‍රංශය මුල් කොට ගෙන පැන නැඟුණු ප්‍රබුද්ධත්වයේ කතිකාව මත සංස්කෘතිය පිළිබඳ සංකල්පීකරණය පැණ නැඟෙන අතර ඊට එරෙහිව යමින් ජර්මනිය මුල් කොට ගෙන ජාතිකත්වය සහ ජාතිය පිළිබඳ සංකල්පීකරණය බිහිවීම ෆින්කල්ක්‍රෝත් සාකච්ඡා කරනු අපි මෙම සටහන් මාලාවේ පෙර කොටස් වලදී දුටුවෙමු. පහත ඉදිරිපත් කෙරෙන ඊළඟ කොටසේ කියවිය හැක්කේ ඉහත සිදුවීම් හා සමගාමීව ප්‍රංශය තුළ…
'kathika' social, cultural and political review
Tagged හනා ආරන්ඩ්ට්
සොක්‍රටීස් පාලක පෙළන්තියේ අධිපතිවාදය ප්‍රශ්න කිරීම සහ ඔහුගේ මරණය
‘ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….‘ යන මැයෙන් අභාවප්‍රාප්ත හේමරත්න ලියනආරච්චි ලියූ ලිපියක් (බලන්න, ‘ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….‘ ) පිළිබඳ මහාචාර්ය ඒ. එම්. නවරත්න බණ්ඩාර පහත අදහස් දැක්වීම මෑතදී කළේය. ” ප්ලෙටො සිය ඇපලොජියේ එක තැනක ලියනවා තමන් සොක්‍රටීස්ව ඔහුගේ මරණයට දින කීපයකට පෙර මුණ ගැසුනුවිට “සිදුවූ වරද කුමක් දැයි” ප්‍රශ්ණ කළ බව. එවිට ඔහුගෙන් ලැබුන පිළිතුර වුයේ “කෙලින්ම කිව යුතූ දේ කීම” බව. මෙය මම හඳුන්වන්නේ පාලක පෙළන්තියේ අධිපතිවාදය ප්‍රශ්න කිරීමේ සොක්රටිසියන් ක්‍රමය වශයෙන්. මෙම සොක්රටිසියන් ක්‍රමය මේ අප ජීවත් වන යුගයේ පවතින අධිපතිවදයන් ප්‍රශ්ණ කිරීමේ ක්‍රමය විය යුතු බව යනුවෙන් එදා ජෝජ් බුස්ගේ යුදවාදී පාලක මතවාදය ප්‍රශ්න කරමින් පොතක් ලීව්…
උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘!
උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘! – කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය යලිත් වරක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට තීරණය කොට තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඊට එරෙහිව සටන් ප්‍රකාශ කොට තිබේ. පසුගිය වසරේ විශ්ව විද්‍යාල ආචාර්යවරු දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සහ නොබෝදා අවසන් වූ අනධ්‍යන සේවකයන්ගේ ගේ වර්ජනය ද සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැක්වූ ප්‍රතිචාරය සළකා බලන කළ මෙවරද තම සටනට අමාත්‍යාංශය තෝරා ගන්නා මග වනු ඇත්තේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සදාචාරාත්මකභාවයක් නොමැති බව මහජනයා හමුවේ පෙන්වන අතර ඊට විසඳුමක් නොදී එය දිග්ගස්සා මෙම අරගලය කෙසේ හෝ පරාජය කිරීම ට…
සංස්කෘතියේ අර්බුදය: එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම -හනා ආරන්ඩ්ට්
සංස්කෘතියේ අර්බුදය: එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම -හනා ආරන්ඩ්ට් අප පහත පළකරන්නේ හනා ආරන්ඩ්ට් ගේ Between Past and Future නමැති කෘතියේ ඇතුලත් “The Crisis in Culture” නමැති ලිපියේ අංග සම්පූර්ණ පරිවර්තනයක පළමු කොටසයි. සාපේක්ෂ වශයෙන් නව ප‍්‍රපංචයක් වන බහුජන සංස්කෘතිය සම්බන්ධයෙන් බුද්ධිමතුන් අතර තවමත් වර්ධනය වෙමින් පවතින කනස්සල්ලක්, දැනට වසර දහයකට වැඩි කාලයක් තිස්සේ අපට දක්නට ලැබී ඇත. මෙම පදයම, පැහැදිලිව ම මතු වී එනුයේ, [ඊට වඩා] එතරම් ම පැරණි නොවන ”බහුජන සමාජය” යන පදයෙනි. මෙම කරුණ සම්බන්ධ සියලූ සාකච්ඡාාවන්ට පාදක වූ, නිහඬ පිළිගැන්ම වන්නේ, බහුජන සංස්කෘතිය, තර්කානුකූලව හා නොවැළැක්විය හැකි පරිදි, බහුජන සමාජයේ සංස්කෘතිය බවය. මෙම යෙදුම් දෙකේ…
අනන්‍යතාව
නූතනත්වය සහ සංස්කෘතික අනන්‍යතාව:”සාප්පු සංකීර්ණයන්ගේ ලිහිල් සන්ධානය” ට විකල්පයක් තිබේ ද ? – රෝයි ටර්නර් පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ යුද්ධය අවසන් ය. නමුත් අනන්‍යතාව පිළිබඳ කතාබහ නූතනත්වය තුළ දිගටම පවතිනු ඇත. කැනඩාව ප්‍රංශ සහ ඉංග්‍රීසි කතා කරන වශයෙන් වෙන්ව හඳුනා ගැනෙන ප්‍රධාන ජනකොටස් දෙකකින් සැදුණු ලෙස සළකමින් මෙම ජන දෙකොටස අතර සබඳතා ත්, කැනඩාවට හැම අතින්ම ඉමහත් බලපෑම් කරන බලවත් ඇමෙරිකාව කැනඩාවේ අසල්වැසියා වීමත් මතුකරන දේශපාලන ගැටළු හමුවේ කැනේඩියානු අනන්‍යතාව රැකගැනීම පිළිබඳ නිමානොවන විවාදයක් කැනේඩියානු සමාජයේ පැවත විත් ඇත. පහත පරිවර්තනයෙන් පළවන ලිපිය ලියන රෝයි ටර්නර් ගේ මතය සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ කරුණ වටහා ගන්නට නම් අප නූතනත්වය තේරුම් ගත යුතු…