‘කතිකා’ ප්‍රාරම්භක කලාපයට ලැබුණු ඉමහත් සාධනීය පාඨක ප්‍රතිචාරයෙන් දිරිගන්වනු ලැබ අපි මෙම ‘කතිකා’ මංගල කලාපය ඉදිරිපත් කරන්නෙමු. මෙම කලාපයට අප පෙළගස්වා ඇති ලිපි මාලාව පහත පරිදි වේ. සංස්කාරක වැකිය ලාංකේය දේශපාලන, සමාජය සහ සංස්කෘතිය අතර ඇති සම්බන්ධය විග්‍රහයක් ඉදිරිපත් කිරීමට 2005 සිට අප දරා ඇති උත්සාහය ඉදිරියට ගෙන යමින්, පශ්චාත් යුද ලංකාවේ 2013 වසර ඇරඹෙන…
'kathika' social, cultural and political review
By kathika
අප ගැන
සියලු සම්ප්‍රදායික දේ මියගොස් නොවැදගත් වී ඇතැයි, චිරන්තන සම්ප්‍රදාය, පැරණි මූලයන්, මූල ග්‍රන්ථ, සම්භාව්‍ය චින්තනය පලක් නැතැයි ඉඳුරා ප්‍රතික්ෂේප කළයුතු යැයි, ඒ පිළිබඳව ගවේෂණය කිරීම පලක් නැතැයි තරුණ තරුණියන් අතර පිළිගැනී තිබුණු යුගයක, අපි සම්භාව්‍ය චින්තනය අධ්‍යයනය සඳහා අධ්‍යයන කව සංවිධානය කරමින් අපේ කටයුතු ආරම්භ කළෙමු. අරුත් සුන් වූ නූතනයක, වසඟයෙන් මිදුණු ලෝකයක, සම්භාව්‍ය සාහිත්‍යයට,…
ගෝලීයකරණයේ දේශපාලනය – ලින් ඔකර්ස්
Politics of Globalization, Edited by; Samir Dasgupta and Jan Nederveen Pieterse, SAGE Publications (India) වත්මන් නිදහස් ව්‍යවසාය මඟින් මෙහෙයවනු ලබන ලෝක ආර්ථික පර්යායට ආවේණික වූ අස්ථාවර ස්වභාවය දැන් බිය උපදවන සුලු වේගයකින් අප වෙත ළඟා වෙමින් පවතී. මෙම සත්‍යය ඔප්පු කිරීම සඳහා වර්තමාන ලෝක ආර්ථික අර්බුදයට වඩා හොඳ සාක්ෂියක් තවත් නැත; මෙම අර්බුදය ‘ස්වර්ගයට යටින්…
ස්ව-සවිඥානිකත්වයේ ස්වාධීනත්වය සහ පරාධීනත්වය – ජෝර්ජ් විල්හෙල්ම් ප්‍රෙඩ්රික් හේගල්
පරමාදර්ශීයවාදයේ ආදි කතෘවරයා වන ජර්මන් දාර්ශනික ෆ්‍රෙඩ්‍රික් විල්හෙල්ම් හේගල්ගේ “ආත්මයේ ප්‍රපංචවේදය” කෘතියේ ඇතුළත් ස්ව ස්විඥානිකත්වයේ ස්වාධීනත්වය හා පරාධීනත්වය යන වහලා සහ ස්වාමියා පිළිබඳ උපමා කතාව වශයෙන් ප්‍රකට රචනාව පසුකාලීන බොහෝ දාර්ශනිකයන් හා විචාරකයන් මෙන්ම නවකතාකරුවන්ගේ සංකල්පනාවන්ට සහ ලේඛනවලට බලපෑමක් වී ඇති බව නොකිවමනාය. මාක්ස්වාදයේ සිට ව්‍යුහවාදය, මනෝ විශ්ලේෂණය, පශ්චාත් ව්‍යුහවාදය,සහ ලිබරල්වාදයේ විජයග්‍රහණය ප්‍රකාශ කළ ඇමරිකානු…
ජාන සහ සමාජය – චාම් ඩි‘නාරා
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. කැනඩාවේ ප්‍රසිද්ධ පුවත්පත් ලේඛිකාවක වන මාග්‍රට් වෙන්ට් සහ ඇමරිකාවේ The Chronicle for Higher Education පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ලේඛකයකු වූ ක්‍රිස්ටොෆර් ශියා සිය ලිපිවල ගොනු කර ඇති කරුණු ඔස්සේ ජාන හා සමාජය පිළිබඳව කෙටි සාකච්ඡාවක යෙදෙමු. මාග්‍රට් වෙන්ට් (2009) සිය “Darwin, DNA and Destiny”’ යන ලිපියේ, පරිණාමය පිළිබඳව දැනට පවතින අදහස් කෙරෙහි…
ස්ටීවන් බර්කොෆ් සමග BBC Hard Talk හි සාරා මොන්ටගියු – සම්මුඛ සාකච්ඡාව
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නාට්‍ය රචකයෙක් වන ස්ටීවන් බර්කොෆ් (1937-) එංගලන්තයට සංක්‍රමණය වූ රුසියානු යුදෙව් ජාතික යුවළකගෙන් පැවත එන්නෙක් වන අතර ඔහු දැනට ලන්ඩන්වල පදිංචි වී සිටී. හැක්නිවල පාසල් කටයුතුවලින් පසුව, කලක් ඔහු භෝජනාගාරයක සේවකයෙකු වශයෙන් ද වෙළඳ සේවකයකු වශයෙන් ද කටයුතු කළේ ය. ඔහු ලන්ඩන්වල නළුවකු වශයෙන් පුහුණු වූ අතර පැරීසියේ…





