පරමාදර්ශීයවාදයේ ආදි කතෘවරයා වන ජර්මන් දාර්ශනික ෆ්‍රෙඩ්‍රික් විල්හෙල්ම් හේගල්ගේ “ආත්මයේ ප්‍රපංචවේදය” කෘතියේ ඇතුළත් ස්ව ස්විඥානිකත්වයේ ස්වාධීනත්වය හා පරාධීනත්වය යන වහලා සහ ස්වාමියා පිළිබඳ උපමා කතාව වශයෙන් ප්‍රකට රචනාව පසුකාලීන බොහෝ දාර්ශනිකයන් හා විචාරකයන් මෙන්ම නවකතාකරුවන්ගේ සංකල්පනාවන්ට සහ ලේඛනවලට බලපෑමක් වී ඇති බව නොකිවමනාය. මාක්ස්වාදයේ සිට ව්‍යුහවාදය, මනෝ විශ්ලේෂණය, පශ්චාත් ව්‍යුහවාදය,සහ ලිබරල්වාදයේ විජයග්‍රහණය ප්‍රකාශ කළ ඇමරිකානු…
'kathika' social, cultural and political review
By kathika
ජාන සහ සමාජය – චාම් ඩි‘නාරා
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. කැනඩාවේ ප්‍රසිද්ධ පුවත්පත් ලේඛිකාවක වන මාග්‍රට් වෙන්ට් සහ ඇමරිකාවේ The Chronicle for Higher Education පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ලේඛකයකු වූ ක්‍රිස්ටොෆර් ශියා සිය ලිපිවල ගොනු කර ඇති කරුණු ඔස්සේ ජාන හා සමාජය පිළිබඳව කෙටි සාකච්ඡාවක යෙදෙමු. මාග්‍රට් වෙන්ට් (2009) සිය “Darwin, DNA and Destiny”’ යන ලිපියේ, පරිණාමය පිළිබඳව දැනට පවතින අදහස් කෙරෙහි…
ස්ටීවන් බර්කොෆ් සමග BBC Hard Talk හි සාරා මොන්ටගියු – සම්මුඛ සාකච්ඡාව
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නාට්‍ය රචකයෙක් වන ස්ටීවන් බර්කොෆ් (1937-) එංගලන්තයට සංක්‍රමණය වූ රුසියානු යුදෙව් ජාතික යුවළකගෙන් පැවත එන්නෙක් වන අතර ඔහු දැනට ලන්ඩන්වල පදිංචි වී සිටී. හැක්නිවල පාසල් කටයුතුවලින් පසුව, කලක් ඔහු භෝජනාගාරයක සේවකයෙකු වශයෙන් ද වෙළඳ සේවකයකු වශයෙන් ද කටයුතු කළේ ය. ඔහු ලන්ඩන්වල නළුවකු වශයෙන් පුහුණු වූ අතර පැරීසියේ…
සත්‍යය ගවේෂණයේ ලා කාව්‍යයේ දායකත්වය – හාන්ස් ජෝර්ජ් ගැඩමර්
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. හාන්ස් ජෝර්ජ් ගැඩමර් (1900-2002) දාර්ශනික අර්ථකතනවේදයේ පුරෝගාමියාය. විවාදපාත්‍ර ජර්මන් දාර්ශනික මාර්ටීන් හෛඩගර්ගේ ශිෂ්‍යයෙකු මෙන්ම සමීපතමයෙකු වූ ඔහු හෛඩගර් නාගරීකරණය කළ පුද්ගලයා වශයෙන් වරක් යුගර්න් හබර්මාස් පැවසීය.“සත්‍යය සහ ක්‍රමය” වශයෙන් පළවු ඔහුගේ විශිෂ්ට කෘතිය සත්‍යය ගවේෂණයේ ලා නුතන විද්‍යාත්මක ක්‍රමය සතු වු අනගිභවනීය කියපෑම අභියෝගයට ලක් කලේය. එමෙන්ම කලාව පිළිබඳ ඔහුගේ…
බටහිර සම්භාව්‍ය සංගීතය සහ එහි ඉතිහාසය, සත්‍යජිත් විජේරත්න අන්ද්‍රාදි ගේ කෘති ඇසුරින් – චමත්කා දේවසිරි
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. “බටහිර සංගීතය යනු න්‍යායික පදනමක් මත ගොඩනැගුණ සූක්ෂ්ම කලාවකි. එය අපරදිග සභ්‍යත්වයේ කිසිසේත් අමතක කළ නොහැකි විශිෂ්ට අංගයකි.” – සත්‍යජිත් අන්ද්‍රාදි බටහිර සම්භාව්‍ය සංගීතයට අප බොහෝ දෙන ඇලුම් කළ ද ඉහත උද්ධෘතයෙන් ඇඟවෙන එහි න්‍යායික ගොඩනැංම පිළිබඳව සිංහලෙන් ලියැවී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. සංගීතය සම්බන්ධ සාහිත්‍යයේ මෙම අඩුව පිරීමට සත්‍යජිත්…
ඩුෂාම්ප්ගේ කැසිකිළි බඳුන කලාව සෝදා හැරියේ ද? – රෝයි ටර්නර්
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළවූවකි. රෝයි ටර්නර් ඩුෂාම්ප් ට පසුව කලාව නිශ්චය කිරීමේ එකම නිශ්චායකය ‘නම් කරනු ලැබීම’ බවට පත් කරමින් විචාරකයන් ‘සම්ප්‍රදායික’ කලාවේ තරාතිරම ප්‍රශ්න කර තිබීම අවඥාවට ලක් කරයි. තරුණ මෝට්සාට්ගේ සංගීතය අසා දහඅටවන සියවසේ අප්‍රකට, සංගීත රචකයකු මෙසේ පැවසූ බව වාර්තා වී ඇත: “මේ තරුණයා අප සියලුදෙනා අමතක කරවීමට සලසනු ඇත”. පීඨිකාවක් මත…





