සදාචාරත්මක මිනිසා, පරිපූර්ණ මිනිසා, නොදැනුවත්ව මෙන් වාණිජමය මිනිසාට, සීමිත පරමාර්ථ සහිත මිනිසාට වඩ වඩාත් ඉඩ දෙමින් ඉවත් වන අවධියකට ඉතිහාසය අවතීර්ණ වී ඇත. විද්‍යාවේ පුදුම සහගත ප්‍රගතියත් සමඟ, මෙම ක්‍රියාවලිය විශාල සහ බලවත් ස්වරූපයක් ගනිමින් පවතින අතර, මෙය මිනිසාගේ සදාචාරමය තුලනය අවුල් වීමටත්, ඔහුගේ මිනිසත් බව ආත්මයක් නැති සංවිධානයක සෙවණැල්ල පිටුපස සැඟවීයාමටත් හේතු වේ.- රබින්ද්‍රනාත්…
'kathika' social, cultural and political review
By kathika
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමට යෝජනා – ‘කතිකා‘ අධ්‍යයන කවය
පාසලේ කෘත්‍යය ලෝකය කෙබඳු ද යන්න දරුවන්ට ඉගැන්වීමයි, නොඑසේව ජීවත්වීමේ කලාව පිළිබඳ ඔවුනට උපදෙස්දීම නොවේ. හනා ආරන්ඩ්ට් නූතන අධ්‍යාපනය සැලසුම් කොට ඇත්තේ ගණකාධිකරණ කාර්යාලයේ සහ කර්මාන්තශාලාවේ අපේ තැන ගන්නට අප ගළප්පන පරිද්දෙනි; සැබෑ සංස්කෘතියක් ‘කරන්නට තරම් වටින්නේ කුමන ආකාරයේ වැඩද? ‘ (යනුවෙන්) අසන්නට සමත් මිනිසුන් වර්ගයක් බෝ කරයි. ආනන්ද කුමාරස්වාමි (පණ්ඩුක කරුණානායක ලියූ “The University…
නිදහස සහ අවශ්‍යතාව: අධ්‍යාපනය සහ සංවර්ධනය – ‘කතිකා‘ අධ්‍යයන කවය
2005 ජනාධිපතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තන මතවාදය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අප කියා සිටියේ මෙම ගැටුමේ දෙපාර්ශ්වයට හවුල් වන ජනතාව නියෝජනය කරන අපේක්ෂාවන් වන පිළිවෙලින් පුද්ගලවාදයත්, ප්‍රජාවත් අතර ගැටුම අප සමාජයේ අධිකාරවාදී ප්‍රවණතාවන් ශක්තිමත් කරන්නට තර්ජනය කරන බවත්, මෙම ගැටුම සංහිඳියාවට ගෙන ඒමේ මඟක් ලෙස සක්‍රීය පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ අදහස පරිකල්පනය…
මෙම කලාපයේ
‘කතිකා’ ප්‍රාරම්භක කලාපයට ලැබුණු ඉමහත් සාධනීය පාඨක ප්‍රතිචාරයෙන් දිරිගන්වනු ලැබ අපි මෙම ‘කතිකා’ මංගල කලාපය ඉදිරිපත් කරන්නෙමු. මෙම කලාපයට අප පෙළගස්වා ඇති ලිපි මාලාව පහත පරිදි වේ. සංස්කාරක වැකිය ලාංකේය දේශපාලන, සමාජය සහ සංස්කෘතිය අතර ඇති සම්බන්ධය විග්‍රහයක් ඉදිරිපත් කිරීමට 2005 සිට අප දරා ඇති උත්සාහය ඉදිරියට ගෙන යමින්, පශ්චාත් යුද ලංකාවේ 2013 වසර ඇරඹෙන…
අප ගැන
සියලු සම්ප්‍රදායික දේ මියගොස් නොවැදගත් වී ඇතැයි, චිරන්තන සම්ප්‍රදාය, පැරණි මූලයන්, මූල ග්‍රන්ථ, සම්භාව්‍ය චින්තනය පලක් නැතැයි ඉඳුරා ප්‍රතික්ෂේප කළයුතු යැයි, ඒ පිළිබඳව ගවේෂණය කිරීම පලක් නැතැයි තරුණ තරුණියන් අතර පිළිගැනී තිබුණු යුගයක, අපි සම්භාව්‍ය චින්තනය අධ්‍යයනය සඳහා අධ්‍යයන කව සංවිධානය කරමින් අපේ කටයුතු ආරම්භ කළෙමු. අරුත් සුන් වූ නූතනයක, වසඟයෙන් මිදුණු ලෝකයක, සම්භාව්‍ය සාහිත්‍යයට,…
ගෝලීයකරණයේ දේශපාලනය – ලින් ඔකර්ස්
Politics of Globalization, Edited by; Samir Dasgupta and Jan Nederveen Pieterse, SAGE Publications (India) වත්මන් නිදහස් ව්‍යවසාය මඟින් මෙහෙයවනු ලබන ලෝක ආර්ථික පර්යායට ආවේණික වූ අස්ථාවර ස්වභාවය දැන් බිය උපදවන සුලු වේගයකින් අප වෙත ළඟා වෙමින් පවතී. මෙම සත්‍යය ඔප්පු කිරීම සඳහා වර්තමාන ලෝක ආර්ථික අර්බුදයට වඩා හොඳ සාක්ෂියක් තවත් නැත; මෙම අර්බුදය ‘ස්වර්ගයට යටින්…



