පාරිභෝජනවාදයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැක ගත හැකිද? කුමුදු කුසුම් කුමාර තමිල්නාඩු මහ ඇමැතිනිය ජයලලිතා කළ නියෝගයක් මත ඉන්ඩියා ප්‍රිමියර් ලීග් (අයි පී එල්) ක්‍රිකට් තරඟාවලියේ පාලක මණ්ඩලය ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් චෙන්නායි හි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟ වලට සහභාගීවීම වළකාලමින් තහනමක් පනවා තිබීම ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇත. ජයලලිතා තම නියෝගයට හේතුව වශයෙන් දක්වන්නේ ශ්‍රී ලංකා රජය එරට පැවති යුද්ධ සමය තුළ දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ දකුණු ඉන්දියාවේ මතුවී ඇති උණුසුම් සහගත තත්ත්වය මෙයින් උග්‍ර වී ජනයා තුළ කෝපය වැඩි කරනු ඇති හෙයින් මෙම තහනම පනවන බවයි. මෙම තීරණය පිළිබඳ තම ශෝකය පළ කරමින් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා…
'kathika' social, cultural and political review
By kathika
කැප වූ බුද්ධිමතෙකුගේ නික්ම යාම
කැප වූ බුද්ධිමතෙකුගේ නික්ම යාම සහෘද විසිනි සුචරිත ගම්ලත් ශූරීන් ගේ අභාවයෙන් අපේ යුගයේ කැප වූ බුද්ධිමතෙකු අපට අහිමි වීය. මතවාදීව ට්‍රොට්ස්කිවාදියෙකු වූ සුචරිත ගම්ලත් සාහිත්‍යය සහ කලාව පිළිබඳ ට්‍රොට්ස්කිවාදී විචාරය වෙනුවෙන් නිරතුරුව පෙනී සිටිමින් වෙනස් මත දරන්නන් විවාදයට කැඳවන ලෙසින් ප්‍රබල මත ඉදිරිපත් කරමින්, අප සමාජයේ සාහිත්‍යය, කලාව සහ භාෂාව පිළිබඳ කතිකාව නිරතුරුව අවදි කෙළේය, පවත්වා ගෙන යාමට ඉමහත් දායකත්වයක් සැපයීය. ඔහු තමා දරන මතය වෙනුවෙන් දැඩිව සහ අඛණ්ඩව සමාජයේ පෙනී සිටි අතර අවස්ථාවාදී ලෙස තම ප්‍රතිපත්ති පාවා නොදුන්නේය. සමාජ යුක්තිය සහ සාධාරණය පිළිබඳ කරුණු වලදී ඔහු හැමවිටමත් නොසැලී පීඩිතයාගේ පස ගත්තේය. ඒ හේතුවෙන් කොතෙක් ජිවන දුශ්කරතා වලට මුහුණ…
සුචරිත ගම්ලත් මාක්ස්වාදියෙක් වී ද?
සුචරිත ගම්ලත් මාක්ස්වාදියෙක් වී ද? දිමුතු සමන් වෙත්තසිංහ එවකට නව යොවුන් වියේදී සිංහලෙන් පමණක් කියවීමට හැකිවූ අප තරණය කරමින් සිටි විශාලම මහද්වීපය මාර්ටින් වික්‍රමසිංහ වූ කලෙක ගම්ලතුන්ගේ මාක්ස්වාදී විචාරය හමුවීමෙන් අප තුළ ඇති කලේ තිගැස්මකි.බුද්ධිමය උද්දීපනයකි, ආශ්වාදයකි. වික්‍රමසිංහගේ බෞද්ධ මානව වාදී දෘෂ්ටිය කෙරෙහි වූ ඔහුගේ නිර්දය මාක්ස්වාදී විචාරය වික්‍රමසිංහයන්ට ඇළුම් කළ අප කෙරේ ඇති කලේ බුද්ධි ශෝධනීය ආනුභාවයකි.වරක් ගුවන් විදුලි සංවාදයකදී ඓතිහාසික භෞතිකවාදී දෘෂ්ටියෙන් නිර්මල බෞද්ධ සංස්කෘතිය සම්බන්ධයෙන් මාර්ටින් වික්‍රමසිංහ දෘඩ ප්‍රහාරයකට ලක්කළ විට එහි සිටි “සාහිත්‍යය, සමාජවාදය හා කලා විචාරය” යනුවෙන් මාක්ස්වාදී කලා විචාරය ගැන පොතක් පවා ලියු සයිමන් නවගත්තේගම ට කරගත හැකි වූයේ තමාට ආවේණික මෘදු යටහත් ස්වරයෙන්…
ප්‍රවීන චිත්‍රශිල්පී සීවලී ඉලංගසිංහ – මනුබන්දු විද්‍යාපති
“ඒ යුගයේ හිටපු ඒ බටහිර සිත්තරු වැඩිදෙනා ජීවිතය දැනගෙන හිටියා. ඒ නිසාම සියවස් ගණනාවක් පවතින විදිහේ නිර්මාණ ගණනාවක් කරන්නට ඔවුනට හැකිවුණා. ඔවුන් ජීවිතයත්, තමන්ගේ ශිල්පයත් දෙකම හොඳින්ම අඳුනනවා. එයට අවංකයි. අද නම් බටහිර චිත්‍ර කලා ක්ෂේත්‍රයේත්, මේ රටේත් වැඩිතරයක් ඉන්නේ. බොරු කාරයෝ. ශිල්පයට වංචා කරන අය.” “ගොගෑන්ට වඩා මට බලපෑවේ ගැමි ජිවිතය හා පරිසරයයි” ප්‍රවීන චිත්‍රශිල්පී සීවලී ඉලංගසිංහගේ ‘රූපාවලී’ සිතුවම් ප්‍රදර්ශනය මෙම මස 18 වෙනි සඳුදා දක්වා කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ, දෘශ්‍ය කලා අධ්‍යානාංශයේ ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේදී පැවැත්වේ. මෙම කෙටි සටහන ඔහුගේ චිත්‍ර කලා සම්ප්‍රදාය පිළිබඳ අගැයුමකි.සීවලී ඉලංගසිංහ ගේ චිත්‍රවල නිරූපණය වන ජීවිතය හා පරිසරය, අපට වර්තමාන…
‘වර්තමාන බුද්ධි පරිහානිය’ ගැන ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගේ අදහස් කිහිපයක්
චන්දන ජයවීර “….. භාෂාවේ පරිහානියක් තිබෙනවා, අධ්‍යාපනයේ පරිහානියක් තිබෙනවා, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ පරිහානියක් තිබෙනවා. මේක මුළු සමාජ දේහයේම තියෙන පරිහානියක්. ඉහළ සිට පහළටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුදුස්සන් නැහැ. මේක නිවැරැදි වෙන්න නම් නිදහස්, ස්වාධීන අධ්‍යාපන ක්‍රමයක් ඇතිවිය යුතුයි. විශ්වවිද්‍යාලවල සිටින ආචාර්යවරුන් ටියුෂන්කරනවා. ඔවුන් පර්යේෂණ කරන්නෙ නැහැ. ආචාර්ය උපාධි කරන්නෙ නැහැ.” පසුගිය සෙනසුරාදා (2013 මාර්තු 02දා)ට කුමාරතුංග මුනිදාසයන්ගේ 69වෙනි ගුණ සමරුව යෙදී තිබුණා. අහම්බෙන් හෝ භාෂා හා සාහිත්‍ය අධ්‍යාපන වැඩසටහනක සමාරම්භක මොහොත ද එදිනටම නියමිතව තිබුණා. වැඩමුළුව පැවැතියේ, කොළඹ විශ්විවිද්‍යාලය ආසන්නයේ පිහිටි බස්නාහිර පළාත් සංස්කෘතික මධ්‍යස්ථානයේදී. දිවයිනේ සතර දෙසින් පැමිණි භාෂාසේවීන් හයසියයකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුවා. වැඩසටහන ගැන ඉදිරියේදී ලියන්නට…
සම්ප්‍රදාය නොහදාරා නූතන වෙන්න බැහැ
රත්න ශ්‍රී විඡේසිංහ සංවාදය සඳුන් ප්‍රියංකර විතානගේ රත්න ශ්‍රී විඡේසිංහ වත්මන් ලාංකික සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ, විශේෂයෙන් ම කවිය සහ ගීතය යන කලා මාධ්‍ය දෙකේ, ප්‍රමුඛයෙකි. කලාවේ වත්මන් තත්ත්වය, එය මුහුණ දෙන අභියෝග හා කලාකරුවන් ඒ අභියෝග ජය ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ආදී මාතෘකා ඔස්‌සේ ඔහු හා යෙදුණු සංවාදයක සංක්‍ෂිප්ත සටහන පහතින දිගහැරේ. කාව්‍යකරණයේදී ඔබ ලබා ඇති සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන හේතු මොනවාද? මම කෙතරම් සාර්ථක දැයි කියන්න මම දන්නේ නෑ. නමුත් කලාකරුවෙක් විදියට මම කුමක් හරි සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙනව නම්, එයට ප්‍රධාන හේතුව සාහිත්‍යය, විශේෂයෙන් ම සම්භාව්‍ය සාහිත්‍යය, සමඟ පවතින මගේ ළඟ ඇසුර. සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරෙන් මා ලැබූ ආභාසය මේ…