By kathika

නලින් ස්වාරිස්: විමුක්තිය පිළිබඳ අදහස අත් නොහළ මහජන බුද්ධිමතා

නලින් ස්වාරිස්: විමුක්තිය පිළිබඳ අදහස අත් නොහළ මහජන බුද්ධිමතා දිමුතු සමන් වෙත්තසිංහ ආචාර්ය නලීන් ස්වාරිස් අභාවප්‍රාප්ත වී 2013.04.17 වෙනි අද දිනට දෙවසරකි. මා ප්‍රථම වරට නලින් ස්වාරිස් හමුවී කතා කිරීමට අවස්ථාවක් ලැබුවේ කතෘ ප්‍රකාශයක් වශයෙන් පල කර තිබූ “මානව විමුක්තිය සඳහා බුදුන්ගේ මග” (Buddha’s Way to Human Liberation) නම් ඔහුගේ මාහැඟි කෘතියේ පිටපතක් ලබා ගැනීමට 2001 වර්ෂයේ එක්තරා දිනයක දෙහිවල පිහිටි ඔහු ජීවත් වූ නිවසට ගිය විටය. ඒ කෙටි හමුව තුළ ඩේකාට්ගේ සිට සමකාලීන බෞද්ධ සංස්ථාව දක්වා ආකර්ෂණීය මෙන්ම නිර්දය විචාරයක් අප හමුවේ ගෙන හැර දැක්වීමට ඔහු ශූර විය. දීඝ නිකායේ වෙළුමක් අප හමුවේ තබා බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුන් වහන්සේ ජ්‍යෝතිෂ්‍යය…

බොදු බල සේනා යුගයක “බැලූබැල්ම” අර්බුදයට යවන කලාවක්-ලියනගේ අමරකීර්ති

හම්බන්තොට වරාය විවෘත කරන විට නැටුම් නැටීම එවැනි වැඩකි. ඒවා කලාවද නොව අතිශයින් චූල සැරසිලි කලාවකි. චන්න විජේවර්ධනගේ( හෝ අනික් වානිජ නැට්ටුවන්ගේ) නැටුමත් උත්සවයක එල්ලන ගොක්කොළයත් අතර සංකල්පමය වෙනසක් නැත. මහින්ද රාජපක්ෂ රෙජීමය කළ එක් පරඳිනගතිශීලී දෙයක් නම් මේ මධ්යතම පාන්තික කලාකාර රොත්තගේ අවස්ථාවාදය හොඳින් පෙනෙන්නට සැලැස්වීමය. අබා සිට සිද්ධාර්ථ දක්වා සිනමාවත් මහරජාණෙනි ධාරාවේ ගීතත්, මහාසමයම වැනි නාට්යියත් කරන්නට තැත් කරන්නේ රෙජීමයේ දෘෂ්ටිමය දාසකම් මිස අනිකක් නොවේ. ප‍්‍රධාන ධාරාවේ සියලූම සංවාද ජැක්සන් ඇන්තනී රණවිරු ස්ටාර් වැනි වැඩසටහනකට ඇවිත් ඇඟමස සලිත කරවා කියන කියන හිස් අලංකාරික වැනිය. ඒ කියමන් රටටම ඇසෙන්නට කිව්වද ඒවායේ නියම ඉලක්ක ශ‍්‍රාවක පිරිස යනු එක් පුද්ගලයෙකු හා…

ගම්ලත්ට පසු ගම්ලත්? – දිමුතු සමන් වෙත්තසිංහ

ගම්ලත්ට පසු ගම්ලත්? හරීන්ද්‍ර.බී. දසනායකගේ “මාක්ස්වාදී කලා විචාරය තුළ ගම්ලත් ලකුණ”ට පිළිතුරක් දිමුතු සමන් වෙත්තසිංහ පසුගිය දිවයින (2013.04.04) වටමඬල අතිරේකයේ “මාක්ස්වාදී කලා විචාරයේ ගම්ලත් ලකුණ”යන මැයෙන් හරීන්ද්‍ර.බී. දසනායක විසින් රචිත ලිපියේ මා විසින් “සුචරිත ගම්ලත් මාක්ස්වාදීයෙක් වී ද ?” යනුවෙන් කතිකා වෙබ් අඩවියේ පල කරන ලද ලිපියේ සඳහන් වූ කරුණු කිහිපයක් ගැන සාකච්ඡාවට මුල පුරා තිබුණි.ඒ පිළිබඳ ඔහුගේ උනන්දුව අගයමි. තවද, ඒ සම්බන්ධයෙන් ඔහු විසින් සඳහන් කරන්නට යෙදුන කරුණු වල යම් යම් අතපසු වීම් කිහිපයක් තිබුණ හෙයින් සහ ඒවා දිවංගත මහාචාර්යවරයාගේ ශාස්ත්‍රීය කර්තව්‍යය පිළිබඳ වැරදි වැටහීම් ඇති කිරීමට තරම් ප්‍රබල යැයි පෙනී යන හෙයින් මෙම ඌණ පූරණය අවශ්‍ය යැයි සිතමි.

මහාචාර්ය සුචරිත ගම්ලත් ගුණ සමර

දෙවියන් හැර ගිය දෙවොලක සිට කැත්ලීන් ජයවරර්ධන සෝවියට්‌ පුවත්පත්, සඟරා දැන් මිය ගිය ලේඛකයාගේ තවමත් උණුසුම් රූපකාය මත අසීමිත කීර්ති ප්‍රශංසා කඳු ගසයි. ඒවායෙහි ඔහු වර්ණනා කෙරෙන්නේ ‘ශ්‍රේෂ්ඨතම සුධීමතා’ ලෙස ය. මේ වර්ගයේ කිත් පැසසුම් තම ජීවිත කාලයේදී තමාට කෙරුණේ නම් ගොර්කි ඒවා දෙස රවා බලන්ට බොහෝ සෙයින් ඉඩ තිබිණි. (මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා – 202, 203 පිටු – මහාචාර්ය සුචරිත ගම්ලත්) රුසියානු මහා ලේඛක මැක්‌සිම් ගෝර්කිගේ අභාවයෙන් පසු සෝවියට්‌ ජනමාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබඳව වසර 5 කට ඉහතදී මහාචාර්ය සුචරිත ගම්ලතුන් තැබූ මේ සටහන ආකස්‌මිකව අපගේ සිතට නැගෙන මොහොතකි මේ. ඒ, ඉතිහාසයේ කාල පරිච්ඡේදයක්‌ තුළ සිය මුද්‍රdව තැබූ ගම්ලතුන් ඉකුත් කාල…

මහාචාර්ය සුචරිත ගම්ලත් ගුණ සමර

වදනිසුරු ගම්ලත්හු මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහාචාර්ය සුචරිත ගම්ලත් වනාහි මෑත කාලයේ සිංහලයෙහි පහළ වූ ලේඛකයන් අතර විස්‌මයජනක භාෂා නෛපුණ්‍යයක්‌ හා නිර්මාණ කාර්යශූරභාවයක්‌ ප්‍රකට කළ විද්වතෙකි. ඔහුගේ අභිලාෂයෝ විවිධාංගික වූහ. සාහිත්‍යාදී කලා, සම්භාව්‍ය සාහිත්‍යය, නූතන සාහිත්‍යය, පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍යයන් ආදී වූ මානව ශාස්‌ත්‍ර විෂයයන් මෙන්ම සමාජවාදය, මාක්‌ස්‌වාදී මූලධර්ම හා මූලකෘති හා සමග සමාජවාදී භාවිතාවන්ද සමකාලීන දේශපාලනය ආදිය ඇතුළත් සමාජීය විද්‍යා ක්‍ෂේත්‍රයෙහිද ඔහු සිය ප්‍රවීණතාව පතුරුවාගෙන සිටියේය. සිංහල ලේඛකයකු වශයෙන් ඔහු විදහා දැක්‌වූ අසහාය නිපුණතාවට පදනම වූයේ පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍යයන් පිළිබඳව ඔහු තුළ වූ ප්‍රාමාණික දැනුම බව නොරහසකි. එම ප්‍රාචීන භාෂාවන්ට අමතරව ඉංග්‍රීසි හා තවත් භාෂා ගණනාවක්‌ ඔහු…

මිනෙත් ද සිල්වා ලංකාවේ පුරෝගාමී වාස්‌තු විද්‍යාඥවරිය

ශ්‍රී ලංකා වාස්‌තු විද්‍යාවේ කාන්තා මුද්‍රාව ආචාර්ය නිශාන් රසාංග විඡේතුංග, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මිනෙත් ද සිල්වා ලංකාවේ පුරෝගාමී වාස්‌තු විද්‍යාඥවරිය – දෙවැනි කොටස ඇයගේ ව්‍යාපෘතීන් විශ්ලේෂණයට ලක්‌ කිරීමේදී කොළඹ ග්‍රෙගරි පෙදෙසෙහි නිර්මාණය කරන්නට යෙදුණ සේනානායක නේවාසික තට්‌ටු ගොඩනැඟිල්ල (Flats) 1954-57) සහ ප්‍රංශයේ මාර්සේ (Marseille) ප්‍රදේශයේ ලෙ කෝර්බ්‍රසියර් අතින් නිර්මාණය වූ Unite d Habitation යන එම ගණයේම ගොඩනැඟිල්ල අතර සමානකම් එමටය. ඒකකය (unit) පුනරාවර්තනය ඔස්‌සේ නිර්මිත මෙම කොන්ක්‍රීට්‌ ගොඩනැඟිලි ද්විත්වයම කණු ශ්‍රේණීන් (Piloti) මත පිහිටුවා ඇත්තේ බිම් මට්‌ටම නිදහස්‌ ලෙස තබා ගැනීමේ අරමුණෙනි. මීට අමතරව ඇය අතින් බිහිවුණ තවත් නේවාසික ගොඩනැඟිල්ලකි කොළඹ බගතලේ පාරේ අයිවෝ ප්‍රනාන්දු ගොඩනැඟිල්ල (1956). කෙසේ වෙතත්…