By kathika

භික්ෂුන් දේශපාලනයට පැමිනීම වැලැක්වීමේ පනත

භික්ෂුන් දේශපාලනයට පැමිනීම වැලැක්වීමේ පනත – නිර්මාල් රංජිත් දේවසිරි විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙන ඒමට සැලසුම් කරනු ලැබ ඇති භික්ෂූන් දේශපාලනයට ඒම වැලැක්වීම ඉලක්ක කරගත් පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකඟ ද, විරුද්ධ ද යන ගැටලූව දැන් පැන නැඟී තිබේ. බැලූ බැල්මටම පෙනෙන්නේ නම් එය කොහොමටත් ව්‍යවස්ථාවේ තිබෙන සමානව සැලකීමේ මූලධර්මය උල්ලංඝනය කරන්නක් බවයි. කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ මහතා එම තර්කයට එරෙහිව හොඳ ප‍්‍රති තර්කයක් ඉදිරිපත් කරයි. ඔහුගේ තර්කය රඳා පවතින්නේ මේ සම්බන්ධව පූර්වාදර්ශ ලෙස ගත හැකි නඩු තීන්දු කීපයක් මතය. භික්ෂූන්ට නීතිඥ කබාය පැලඳීමට නොහැකි බවට සහ රියැදුරු බලපත් නිකුත් කරනු ලැබිය නොහැකි බවට දෙනු ලැබූ නඩු තීන්දු ඒ අතර…

ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති

ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති – නිර්මාල් රංජිත් දේවසිරි සිය ඇහිබැම ඉවත්කර පාසැලට පැමිණි ශිෂ්‍යාවකට විරුද්ධව විනයානුකූලව කි‍්‍රයාකල ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ශිෂ්‍යාවගේ පියා විසින් පහරදෙනු ලැබීම පිළිබඳව මේ වනවිට සමාජය තුළ සාකච්ඡාවක් පවතී. පොදුවේ දක්නට ලැබෙන බව පෙනෙන්නේ විදුහල්පතිවරයාට පහර දුන් පියාට විරුද්ධ ආකල්පයකි. කොස් වෙතත් මගේ ප‍්‍රශ්නය වන්නේ විදුහල්පතිවරයාගේ ක‍්‍රියාව ගැන සාකච්ඡාවක් අවශ්‍ය නැති ද යන්නයි. විදුහල්පතිවරයාට පහරදෙනු ලැබීම කීප ආකාරයකින්ම වරදක් බව පැහැදිළිය. තමන්ගේ ආත්මාරක්ෂාවට නොවැලැක්විය හැකි තත්වයක් යටතේ විනා අන් අයෙකුට ශාරීරිකව හිංසා කිරීම කොහොමත් වැරදි ක‍්‍රියාවකි. එසේම තම දරුවා ශික්ෂණය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් භාරදී ඇති ආයතනයේ ප‍්‍රධානියාට එම ශික්ෂණ කාර්යයේ ම කොටසක් ලෙස…

‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි

‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි කුමුදු කුසුම් කුමාර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීම සඳහා තමන් නීති උපදෙස් පතා ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ප්‍රකාශ කොට තිබේ. එයට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ එම බලමණ්ඩලය නීති විරෝධී කටයුතු වල යෙදෙන බවයි. නමුත් එම නීති විරෝධී කටයුතු මොනවාදැයි අමාත්‍යංශය පෙන්වා දී නැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය කොමිසමේ අවසර නොමැතිව ‘විශ්ව විද්‍යාල‘ යන පදය තම නමට යොදාගැනීම නීති විරෝධී බව බවයි. ඔහු තව දුර පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය හුදු ශිෂ්‍යයන්ට අදාළ කටයුතු…

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම – නිර්මාල් රංජිත් දේවසිරි 1994 අගෝස්තු මාසයේ ඉතාම තීරණාත්මක මහා මැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය දියත් වෙමින් පැවැතියදී TNL රූපවාහිනිය ප‍්‍රධාන මැතිවරණ කඳවුරු දෙකේ ප‍්‍රකාශකයින් සහභාගී කරවාගෙන රූපවාහිනී විවාද මාලාවක් පැවැත්වී ය. එයින් එකක් පැවැතියේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු වූ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා හා පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රබලයකු වූ අමරසිරි දොඩංගොඩ අතරය. එවකට එජාප ආණ්ඩුවට විරුද්ධ විපක්ෂ කතිකාවේ ප‍්‍රධාන පෙළඹුම් පදය (catch word) වූ ‘‘දාහත් වසරක ශාපයේ’’ ප‍්‍රධාන අංගයක් ලෙස දොඩංගොඩ මහතා හඳුනාගත්තේ දේශීය නිෂ්පාදන භාවිත කිරීම වෙනුවට බටහිරින් එන භාණ්ඩ පරිහරණය කිරීමේ…

ලංකාවේ මිනිසුන් ලෙඩ කරවන TV, Radio සහ Cellphone කුළුණු ………………

ලංකාවේ මිනිසුන් ලෙඩ කරවන TV, Radio සහ Cellphone කුළුණු ……………… ඔබ ලංකාවේ කොහේ ගියත් TV,Radio සහ Cellphone කුළුණු දැක ඇතිවාට සැක නැත,බහුලව කුළුණු සවිකර ඇති තැන මෙසේය කදු මුදුනුවල මහල් නිවාස වල ඉහලම මහලේ මහල් වියාපාර ආයතන වල ඉහලම මහලේ; තට්ටු නිවාස වල මහලේ තරු හෝටල් වල ඉහලම මහලේ ඉහත සදහන් ස්ථානවල බහුලව කිසිම ප්‍රමතියකින් හෝ පාරසරික සහ සමාජීය නියමයන්ට පටහැනිව සහ මිනිස් ජීවිත සතුන් මෙන් සලකා, බහුජාතික සමාගම් ලංකාවේ ඉදිකර ඇති ඉහත කුළුණු නිසා අහිමිවන ජීවිත ගණන ඔබ දන්නවද ?????????, ලොව විවිද රටවල් සහ ලංකාවේ පරේෂණ කණ්ඩායම් වල සොයාගැනීම්වලට අනුව TV,Radio සහ Cellphone කුළුණු ආශ්‍රිත ජීවත්වන ජනතාවට පහත දැක්වෙන…

සිංහබාහු තුළින් බිහි වූ විකල්ප මහා සම්ප්‍රදාය

සිංහබාහු, සංස්‌කෘතික ප්‍රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය – 2 සිංහබාහු තුළින් බිහි වූ විකල්ප මහා සම්ප්‍රදාය මහාචාර්ය ගාමිණී කීරවැල්ල ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන්ගෙන් දේශපාලන බලය පැවරෙන්නේ 1948 වුවද සංස්‌කෘතික විජිතහරණ ක්‍රියාදාමයේ නව නැම්මක්‌ සලකුණු වන්නේ 1950 දශකයේ මැද භාගයේය. එය එකවර හදිසියේ වූ සිදුවීමක්‌ නොව කාලයක්‌ තිස්‌සේ හිමිහිට වැඩුණු ඓතිහාසික බලවේගයන් මුහුකුරායැමේ ප්‍රතිඵලයකි. 1956 මහජන එක්‌සත් පෙරමුණ බලයට පත්වීම මෙම ක්‍රියාවලියේ එක්‌ සිදු වීමක්‌ පමණි. එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක නායකත්වය දුන් මහජන එක්‌සත් පෙරමුණ මේ වන තෙක්‌ පාලක පක්‍ෂය ලෙස සිටි එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය කොට මහජන රජයක්‌ ඇති කිරීම සමග මෙතෙක්‌ දේශපාලන බලයේ අද්දර සිටි නමුත් බලය හසුරුවන තීරණ ගැනීම…