By kathika

උතුරු – නැගෙනහිර: බරපතළ කනස්සල්ලට හේතුවන කාරණා සමූහයක්

උතුරු-නැගෙනහිර ජනතාවත් ඔවුන් ගේ ආත්ම ගරුත්වය හා නිදහස් පැවැත්ම ගැනත් දකුණේ සිංහල සමාජය කතා කරන්නේ, ඒ සියල්ල දැන් මේ ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් නිවැරදි කර ඇත යන, සිංහලවාදී අභිමානයෙනි. ආණ්ඩුව කියන ආකාරයට දැන් එහි ගොඩ නැගෙන්නේ සුර පුරයකි. ‘‘නැගෙනහිර උදානය’’ හා ‘‘උතුරු වසන්තය’’ සමගින් ඒ පළාත් වල සංවර්ධනය දැන් දෝරේ ගලන්නේ ය. දකුණ පිළිගන්නට වඩා කැමති, එවැනි කතා ය. එහෙත් සැබෑව එය නොවේ යැයි කියන්නට එහි යන එන කොළඹ ඉහළ සමාජයේ ඉන්නා රාජ්‍ය නොවන විශේෂඥයෝ ද, ස්වාධීන යැයි කියා ගන්නා රාජ්‍ය නොවන මාධ්‍ය ලොක්කෝ ද ඉදිරිපත් නොවෙති. එබැවින් සිංහල සමාජයේ යටත් වැසියන් පමණක් නොව, පුරවැසියන් ද උතුරේ සහ…

යහපත් නගරය ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ දුප්පතුන්ගේ අයිතීන් සුරකියි

‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ යහපත් නගරය ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ දුප්පතුන්ගේ අයිතීන් සුරකියි අප හිතවත් වික්ටර් අයිවන් ‘කොළඹ නගර සංවර්ධන විවාදය‘(රාවය, 2011 ඔක්තෝබර් 9) මැයෙන් ලියූ ලිපිය සාකච්ඡාවකට වැදගත් කරුණු මතු කරයි. මෙම ලිපියේ අරමුණ එවැනි සාකච්ඡාවක් සඳහා වෙනත් දැක්මකින් කරුණු ඉදිරිපත් කිරීම මිස මේ පිළිබඳ වික්ටර් අයිවන් සමග විවාදයකට එළඹීම නොවේ. මෙහි ලා මා අවධාරණය කරන්නට කැමති අදහස නම් නගර සංවර්ධනයේදී වැදගත්ම කරුණ වන්නේ සංවර්ධනය සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන දිවියේ විවිධත්වය සුරැකෙන අයුරිනි, යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නූතන නගරයේ හරය ඇත්තේ එහි පුරවැසියනට තම සාමුහික ජීවිතය, ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත, සහ නගරයේ සංස්කෘතික, සමාජීය, දේශපාලන සහ ආර්ථික විවිධත්වය රැකගෙන පවත්වා ගෙන…

හේමරත්න ලියනආරච්චි අභාවප්‍රාප්ත වෙයි

හේමරත්න ලියනආරච්චි අභාවප්‍රාප්ත වෙයි ලේඛක හේමරත්න ලියනආරච්චි ගේ අභාවය ‘කතිකා‘ සාතිශය සංවේගයෙන් සටහන් කරයි. හේමරත්න ලියනආරච්චි පාදඩයකුගෙන් (1965), අන්තිම දා (1967), හා මම රාත්‍රිය වෙමි යන නවකතා තුනෙහිත්, මතක සටහන් (1964), හා සපුමල්ගේ ලෝකය (1991) යන කෙටිකතා සංග්‍රහ දෙකෙහිත් කතුවරයා වෙයි. මීට අමතරව ඔහු ‍ෂේක්ස්පිය‍ර්ගේ සමකාලීන ශ්‍රේෂ්ඨ නාට්යක රචකයෙකු වූ ක්‍රිස්ටෝෆර් මාර්ලෝගේ Dr. Faustus නමැති කෘතිය සිංහල නාට්‍ය අනුමණ්ඩලයේ ආරාධනයක් පරිදි “ෆෝස්ටස්” නමින් සිංහලට පෙරළන ලදුව 1999දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් පළ කෙරිණ. ගුරුවරයෙකු වශයෙන් හා කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ හේමරත්න ලියනආරච්චි මහතා පේරාදෙණිය ගුරු විද්‍යාලයේ අධිපතිව සිට විශ්‍රාම ලබා සිය කාලය සාහිත්‍ය කටයුතු සඳහා යොදවමින් සිටියේය. ඔහුගේ “බටහිර සාහිත්‍යයේ…

ගඩාෆි

ගඩාෆි මරා දැමෙයි! The Island 2011 ඔක්තෝම්බර් 22 පුවත් පතේ ජෙෆ්රි ගේ කාටුනය

New Left of the JVP should be encouraged to enter public realm by Kumudu Kusum Kumara

New Left of the JVP should be encouraged to enter public realm by Kumudu Kusum Kumara The emergence yet again of a Left group within the Janatha Vimukthi Peramuna (JVP) shows that the strong desire on the part of youth to engage in politics, the desire to appear and shine in the public realm and thus display one’s excellence to the world, cannot be suppressed even under most challenging circumstances. We need to view positively that this group claims that it is interested in, resisting neo-liberalism, promoting socialism and bringing the alienated ethnic minorities, Tamil community in particular, into the…

මානවශාස්ත‍්‍ර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉවතටද? ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි

මානවශාස්ත‍්‍ර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉවතටද? – ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි හිටපු මහාචාර්ය සහ අංශාධිපති, දර්ශන සහ මනෝවිද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උසස් උපාධි කමිටුව සහ කලා පිඨාධිපති එකතුව ඩිප්ලෝමාල ශාස්ත‍්‍රපති සහ දර්ශනපති ආදී පශ්චාත් උපාධි පාඨමාලා පවත්වාගෙනයාම සාධාරණිකරණය කරන වාර්තාවක් සපයන්නැයි දර්ශනය, ලලිත කලා, බටහිර සම්භාව්‍ය සංස්කෘතිය, පාලි සහ බෞද්ධ අධ්‍යයනයන්, සංස්කෘත සහ ඉතිහාසය ආදී මානව ශාස්ත‍්‍ර විෂයයන් උගන්වන දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත, මෙම ඉල්ලීමට හේතු පාදක වූ තර්කය මෙසේය. ඔවුන්ගේ තර්කය මානවශාස්ත‍්‍ර විෂයයන් පශ්චාත් උපාධි මට්ටමින් හදාරන්නන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව එක විෂයයක සිට පස්දෙනෙකුවත් නොඉක්මවන අතර එම පාඨමාලා මේ දක්වා වුවද නඩත්තු වූයේ අපේක්ෂක අපේක්ෂිකාවන් විශාල වශයෙන් ලියා පදිංචිවන ආර්ථික, සමාජ,…