අසිරිමත් විප්ලවය! ඊජිප්තු විප්ලවය අපේ යුගයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නව මහජන විප්ලවවාදී දේශපාලනයක ආරම්භය සටහන් කරයි. එය අවිහිංසාවාදී ය, න්‍යායික මතවාදී ආධිපත්‍යයකින් මෙහෙයවූවක් නොවීය, මහජනයාගේ ස්වයංසිද්ධ, ස්වේච්ඡා සහභාගීත්වයෙන් පැන නැඟී පවත්නා ගෙන යන ලද්දකි. ඊජිප්තු ජනතාවට තම විප්ලවය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් කරා වර්ධනය කර ගැනීමට වාසනාව ලැබේවායි ශුභාශිංසන පිරිනමමු. තම දූ පුතුන් ගේ විප්ලවවාදී ජීවගුණයේ කැඳවුමට නිසි අවස්ථාවේ ප්‍රතිචාර දක්වමින් සැබෑ පුරවැසියන් ලෙස ක්‍රියා කිරීමට යොමු වූ ඊජිප්තු ජනතාවට අපගේ ගෞරවපූර්ව උපහාරය පිරිනමමු. විමුක්තියේ චතුරශ්‍රයෙන් ඇරඹි විප්ලවය සැබෑ මහජන පරිමණ්ඩලයක් වර්ධනය කරගැනීම දක්වාම ඉදිරියට යනු ඇතැයි අපි ඉත සිතින් පතමු. සමාජ පර්යාය, ආර්ථික වර්ධනය සහ “සංවර්ධනය“ නාමයෙන් මහ ජනතාවගේ…
'kathika' social, cultural and political review
By kathika
ලෝක කුසලාන තරඟාවලිය දැනටම පටන් ගෙන!
ලෝක කුසලාන තරඟාවලිය දැනටම පටන් ගෙන! මෙන්න තවත් හයේ පහරක්!! 2011 පෙබරවාරි 06 sundaytimes පුවත් පතිනි.
අපි කන වස – දෙවැනි කොටස ආරිය සුබසිංහ
අපි කන වස – දෙවැනි කොටස ආරිය සුබසිංහ පසු අස්වනු කාලය ‘පසු අස්වනු කාලය’ යැයි වස විස සඳහා නීතියෙන් නියම කරන ලද කාල සීමාවක් තිබේ. එනම්, අවසාන වතාවට වස විස ගැසීමත් අස්වනු නෙළීමත් අතර කාලයයි. එය අඩුම තරමින් සති දෙකක් විය යුතුය. අවසාන වතාවට වස විස ගසා සති දෙකක් වත් යන තෙක් ඔබ එකී ද්‍රව්‍ය ආහාරයට නොගත යුතු බව එහි අදහසයි. ඒ සති දෙකේ කාලය තුළදී එකී වස විස වියෝජනය වී යන්නට යම් ඉඩක් තිබෙන බව වස විස නිෂ්පාදකයෝ කියති. එය සත්යල වුවත් නැතත් ගොවියාට වෙනසක් නැත. ඔහු පසු අස්වනු කාලය සතේකට මායිම් නොකරයි. එය අප කළ සමීක්ෂණවලදී පැහැදිලිවම පෙනී…
“සංවර්ධනය” සහ දේශපාලනය
2011 පෙබරවාරි 05 The Isalnd පුවත් පතින් කාතඥ පූර්වකව උපුටා ගන්නා ලදී.
ආණ්ඩුව මිනි ගවුම තහනම් කළොත්, පොලීසියෙ රාජකාරිය කුමක් වෙයිද?
2011 ජනවාරි 06, The Island පුවත් පතෙනි.
‘ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සංවර්ධන මාවතත් ලිබරල්වාදයමයි‘ ලයනල් අතුකෝර
‘ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සංවර්ධන මාවතත් ලිබරල්වාදයමයි‘ ලයනල් අතුකෝරල 2005 වර්ෂයේදී ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාද ජනතාවගේ සංවර්ධනය බලාපොරොත්තු වන්නේ ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදය තුළිනි. එයට වෙනස්‌වූ අන්දමේ ක්‍රමවේදයක් අත්හදා බැලීමට හෝ එතුමාට අදහසක් නැති බව පැහැදිලිය. තමාට බලයට පැමිණීමට අවශ්‍ය ජනතා මතවාදය නිර්මාණය කිරීම මෙන්ම, බලයට පැමිණීමට අවශ්‍ය සංවිධාන ජාලය ක්‍රියාත්මක කිරීමට උරදුන් ජ. වි. පෙ. ඉවත දැමීමට බලයට පත් ඇසිල්ලේම එතුමා කටයුතු කළේ එබැවිනි, ජ. වි. පෙ. යනු ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදය එකහෙළාම ප්‍රතික්‌ෂේප කරන දේශපාලන පක්‍ෂයකි. ආර්ථික ප්‍රතිපත්තිය කෙසේ වෙතත් රට තුළ පැවැති සිවිල් යුද තත්ත්වය, දේශපාලනය සමඟ මනා ලෙස කළමනාකරණය කිරීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමත් විය. තිස් වසරක…