කොළඹ, සමුද්‍ර වීදිය, පැරණි කදිරේසන් කෝවිලේ පූජා උත්සවය 2011 අප්‍රේල් මස 14 වැනිදා පැවැත්වුනි. පහත දර්ශන 15 දින උදෑසන ගත් ඒවා ය. The day after the festival at Sea Street, Old Kahiresan Kovil, 15th April, 2011
'kathika' social, cultural and political review
By kathika
හින්දු උළෙල පැරණි කදිරේසන් කෝවිල සමුද්‍ර වීදිය කොළඹ
කොළඹ, සමුද වීදිය, පැරණි කදිරේසන් කෝවිලේ පූජා උත්සවය 2011 අපේල් මස 14 වැනිදා පැවැත්වුනි. Old Kahiresan Kovil, Sea Street Colombo, Festival on the Hindu and Sinhala New Year day, 14th April, 2011
‘බසෙහි වියරණ බිඳීම යනු එ බස වහරන්නන් අතර ඇති සම්මුතිය කැඞීමකි’ උස්වත්තෙ ආරච්චි
‘බසෙහි වියරණ බිඳීම යනු එ බස වහරන්නන් අතර ඇති සම්මුතිය කැඞීමකි’ උස්වත්තෙ ආරච්චි ‘බස’ යනු ඒ දොඩන, ලියන, කියවන දනා අතර සම්මුතියෙකි. ‘මහා සම්මතය’ රජකු පත් කර ගැනීම නො ව, බසක් නිර්මාණ කිරීම ය. සිංහල වහරන්නෝ ‘ඔළුව’ කුමක්දැයි දනිති. එහෙත් ඉංගිරිසිය වහරන්නෝ ඒ කුමක්දැයි නො දනිති. එ මෙන් ම ‘ව්‍යාකරණ’ යනු ඒ සම්මුතියේ වැදගත්ම කොටසයි. ඇමරිකීයයෝ ‘twenty’ යි ලියති. එය ‘twenny’ යි උසුරුවති. ප්‍රංශුවෝ ‘bourgeois’ යැයි ලියති, ‘බුර්ශ්වා’ යි හඬවති. තායි බසෙහි ‘ශිනවන්ත්‍රා ’ යි ලියා ‘ශිනවත්’ යි කියැවෙයි. මෙසේ ඇතිවන යම් යම් සම්මතවලින් බස් වහරන ජනයාට ප්‍රයෝජනයක් ඇත. ඒවා අත්තනෝමතික ලෙස කපා කොටා දැමීමට, තම තමන්ට රිසි පරිදි උසුරුවන්නාට…
මළගිය ඇත්තෝ – ධර්මසිරි ඒකනායක
මළගිය ඇත්තෝ – දෙවැනි කොටස භූමි කම්පාවටත්, සුනාමියටත්, න්‍යෂ්ටික තාප බලාගාරයේ පිපිරුමටත් මැදිව අනන්ත අපමණ දුක් පීඩා විඳින ජපාන ජනයාගේ ඛේදනීය අත්දැකීම අපට සිහිපත් කරන්නේ කුමක් ද? විද්‍යාත්මක දියුණුව පිළිබඳ අපගේ ඉමහත් කියාපෑම් තිබියදීත් අපගේ ජීවිත පිළිබඳ ඉරණම පාලනය අප අත නැත. විද්‍යාත්මක සොයාගැනීම් කළහැකි වූ පමණින් ඒවා ලෝකයට මුදාහැරිය නොයුතු බව ඊනියා සත්‍යයේ නාමයෙන් ඕනෑම නවෝත්පාදනයක් කිරීමට පසුබට නොවන විද්‍යාඥයන්ට ෆුකුෂිමා න්යකෂ්ටික තාප බලාගාරයේ පිපිරුම් සිහිපත් කොට දෙයි. ඊනියා සංවර්ධනය නාමයෙන් අප කොතෙක් සුඛ විහරණ හඹා ගියද තීරණාත්මක මොහොතෙහිදී අපට ඉතිරිවන්නේ අප ගොඩනගාගන්නා මනුෂ්‍යත්වය පමණි. ඉතින් අප යලි යලිත් මුහුණ දෙන මෙම අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නට අපි කවදා…
මළගිය ඇත්තෝ ධර්මසිරි ඒකනායක
භූමි කම්පාවටත්, සුනාමියටත්, න්‍යෂ්ටික තාප බලාගාරයේ පිපිරුමටත් මැදිව අනන්ත අපමණ දුක් පීඩා විඳින ජපාන ජනයාගේ ඛේදනීය අත්දැකීම අපට සිහිපත් කරන්නේ කුමක් ද? විද්‍යාත්මක දියුණුව පිළිබඳ අපගේ ඉමහත් කියාපෑම් තිබියදීත් අපගේ ජීවිත පිළිබඳ ඉරණම පාලනය අප අත නැත. විද්‍යාත්මක සොයාගැනීම් කළහැකි වූ පමණින් ඒවා ලෝකයට මුදාහැරිය නොයුතු බව ඊනියා සත්‍යයේ නාමයෙන් ඕනෑම නවෝත්පාදනයක් කිරීමට පසුබට නොවන විද්‍යාඥයන්ට ෆුකුෂිමා න්යකෂ්ටික තාප බලාගාරයේ පිපිරුම් සිහිපත් කොට දෙයි. ඊනියා සංවර්ධනය නාමයෙන් අප කොතෙක් සුඛ විහරණ හඹා ගියද තීරණාත්මක මොහොතෙහිදී අපට ඉතිරිවන්නේ අප ගොඩනගාගන්නා මනුෂ්‍යත්වය පමණි. ඉතින් අප යලි යලිත් මුහුණ දෙන මෙම අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නට අපි කවදා සමත් වෙමුද? තම එදිනෙදා ජීවිතයෙහි…
“දීර්ඝකාලීනව රට ණය උගුලේ හිරකරන සංවර්ධන මොඩලයන් සැබෑ ජාතික සංවර්ධන ක්‍රියාවලිය යටපත් කරනවා” – ගුණදාස අමරසේකර
“දීර්ඝකාලීනව රට ණය උගුලේ හිරකරන සංවර්ධන මොඩලයන් සැබෑ ජාතික සංවර්ධන ක්‍රියාවලිය යටපත් කරනවා” – ගුණදාස අමරසේකර “ත්‍රස්තවාදය අවසන් වී වසර එකහමාරක් ගෙවී අවසන්. රජය පැහැදිලි දර්ශනයක් නැතිව අයාලේ යන බව පෙනෙනවා. දීර්ඝකාලීනව රට ණය උගුලේ හිරකරන නාගරික ඉදිකිරීම් මුල්කර ගත් සංවර්ධන මොඩලයන් දිරිගැන්වීම මඟින් සැබෑ ජාතික සංවර්ධන ක්‍රියාවලිය යටපත් වී රට ණය උගුලේ හිරවෙනවා. ඛනිජසෙම්පත් ජෛව සම්පත් සහ ජන සම්පත ඇතුළු සියලු ස්වාභාවික සම්පත් කොල්ලකෑමට තැත් කරන බටහිර සමාගම්වලට ඇති ඉඩකඩ අහුරා දැමිය යුතුයි. දේශීය කාෂිකර්මාන්තය බිඳ හෙළීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව අනතුරේ හෙලන රජයේ ප්‍රතිපත්ති හකුලා ගැනීමට රජය වහා පියවර ගතයුතුයි. ටයිටේනියම් ඇතුළුව රටවටා ඇති ඛනිජ සම්පත් රැක ගැනීමට…