By kathika

විශ්ව විද්‍යාල අචාරවරුන්ගේ වෘත්තීය සටන

විශ්ව විද්‍යාල අචාරවරුන්ගේ අර්බුදය ටිල්වින් සිල්වා විශ්වවද්‍යාල ආචාර්යවරුන් තමන්ට වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලා වෘත්තිය ක්‍රියාමාර්ගවලට යොමු වෙලා තිඛෙනවා. අපි දකින ආකාරයට මේ වෘත්තිය ක්‍රියාමාර්ගය ඉතාම සාධාරණයි. ඒ නිසා අපි ඊට අපේ පූර්ණ සහාය පළ කරනවා. ඒ වගේම අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා, වහාම ඔවුන්ගේ ගැටලූව විසඳන්න කියලා. ආණ්ඩුව විවිධ ජන කණ්ඩායම් රවටමින් ප්‍රශ්න මග හැර යාමේ ක්‍රියාවලියක් අනුගමනය කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙනුත් ඔවුන් අනුගමනය කළේ එවැනිම ක්‍රියාමාර්ගයක්. මුලින්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැටුප් වැඩිවීමක් ඉල්ලූවේ 2007 අවුරුද්දේදී. නමුත් ආණ්ඩුව එය නොසලකා හැරියා. ඊට පසුව 2008 ජනවාරි 31 වැනිදා, පළාත් සභා මැතිවරණය අතරතුරදී ජනාධිපතිවරයා විශ්වවිද්‍ය ාල ආචාර්යවරුන් අරලියගහ මන්දිරයට කැඳවලා…

කතිකා.ලංකා

කතිකා.ලංකා ක්‍රියාකාරී සිංහල ජාත්‍යන්තර අඩවි නාම අතලොස්ස අතරට එකතු වෙයි කතිකා.ලංකා අඩවියට පිවිසීමට කතිකා.ලංකා යන්න ලිපිනය යොදන අවකාශයේ යතුරු ලියන්න. එවිට ඔබ කතිකා.ලංකා අඩවිය කරා ගෙන යනු ඇත. මෙම අඩවියේ දැනට ඇත්තේ තාක්ෂණික දෝෂයකින් තාවකාලිකව අක්‍රිය වූ නමුත් දැන් යලි පිහිටුවා ඇති කතිකා, සමාජීය, සංස්කෘතික සහ දේශපාලන විචාර සංග්‍රහයේ ප්‍රාරම්භ කලාපය යි. කතිකා, මංගල කලාපය නුදුරු දිනෙකදී පළ කරන්නට අදහස් කරමු. ඒ පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න. දැනට ක්‍රියාත්මක අනෙක් සිංහල ජාත්‍යන්තර අඩවි නාම සඳහා මෙහි බලන්න.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ වෘත්තීය සටන

විශ්ව විද්‍යාල ආචාර්යවරු වෘත්තීය සටන් වෙත එළඹුණේ ඇයි? විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුවෙන් ප‍්‍රකාශයක් පසු ගිය සංකේත වැඩ වර්ජනයේ සිට ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරු ජාතිකව හා ජාත්‍යන්තරව විපර්කාරක දායකත්වයක් සැපයිය හැකි ලෝක මට්ටමේ උපාධිධාරීන් හා පර්යේෂකයන් බිහි කරන උසස් තත්ත්වයේ අධ්‍යාපන ආයතන ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල ආරක්ෂා කිරීමට දැඩි කැපවීමක් හා අධිෂ්ඨානයක් පෙන්වූහ. මෙම සමස්තය අරගලය අන් කවරක් සෂඳහාවත් නොව රාජ්‍ය විශ්ව විද්‍යාල ලංකාවේ මහජනයාට, ඔවුන්ගේ මිළ ගෙවීමේ හැකියාව නොසලකා, උසස් අධ්‍යාපන අයිතිය සහතික කිරීමට හා අපේ වෘත්තීයේ තත්ත්වය හා ගෞරවය ආරක්ෂා කිරීම සඳහාය. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම මාර්ගයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සටන් බිඳ දැමීමට කටයුතු කරන…

නාට්‍යයේ පෙළ හා එහි රංගනය එදිරිවීර සරච්චන්ද්‍ර

නාට්‍යයේ පෙළ හා එහි රංගනය එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය කලාව වෙනත් කලාවක් වගේ ම වාණිජ බැමිවලින් හසු වී ඇති මේ කාලයේ මම මේ දේශනයෙන් දැක් වූ ලක්ෂණ නොවෙනස් ව පවතිනවා යැයි කියන්න අමාරු යි. මක්නිසාද කියතොත් මුදල් ඉපැයීම ප‍්‍රධාන අංශ වුණු විට තමා ගේ නිර්මාණය ඉතා නාඹුල් රුචිකත්වයෙන් යුත් පේ‍්‍රක්ෂකයා ජනයා පිනවීම සඳහා නාට්‍ය නිර්මාණය කරන්ට, නාට්‍ය සාදන්ට පෙළඹීම පුදුමයක් නොවෙයි. මෙයින් පේ‍්‍රක්ෂකයන්ට ගැඹුරු වින්දනයක් ජීවිතයේ අනිත්‍යතාව, දුක ගැන සිත තුළට කාවැද්දවීමක් සිදු නොවේ. ජීවිතය පිළිබඳ සත්‍යය අමතක කොට සැහැල්ලූ විනෝදයක් දීම පමණක් සිදු වේ. ඒ විනෝදයේත් නොයෙක් වර්ග විද්‍යමාන වෙනවා. බුද්ධියෙන් ලබන විනෝදයත් අංග විකාරයෙන් ලබන විනෝදයත් යන මේ දෙවර්ගය.…