By kathika

අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය – ආනන්ද කේ. කුමාරස්‌වාමි

අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය – ආනන්ද කේ. කුමාරස්‌වාමි ආචාර්ය ආනන්ද කේ. කුමාරස්‌වාමි 1911 වසරේ දෙසැම්බර් මස එංගලන්තයේ පවත්වන ලද වාර්ෂික ලංකා රාත්‍රි භෝජන සංග්රනහයේදී “ලංකාවේ අධ්‍යාපනය” යනුවෙන් කළ දේශනයේ මෙසේ සඳහන් කළේය. “මගේ අදහසේ හැටියට, නූගත් ජනයා ඇතැම් අයුරින් අපට වඩා වාසනාවන්තය. මන්ද ඔවුන්ට සිදුවී ඇත්තේ නූගත් දෙය ඉගෙනීම පමණය. එනමුත් අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය.” “අන් බාහිර කිසිවක්‌ කෙරෙහි නොසැලී තමන් උගන්වන දෑ ගැනම පමණක්‌ සැලකිලිමත් වන ගුරවරුන්ගෙන්ද දැනීම සඳහා ඇති ආසාව නිසාම ඉගෙන ගන්නවුන්ගෙන් ද යුත් පෙර අපර දෙදිගම විද්‍යාර්ථීන් මහත් උද්යෝගයෙන් එක්‌රැස්‌ වන ස්‌ථානයක සංකේතයක්‌ සේ ලංකා විශ්වවිද්‍යාලය…

නාට්‍ය කලාව හා කථා කලාව – එදිරිවීර සරච්චන්ද්‍ර

නාට්‍ය කලාව හා කථා කලාව – එදිරිවීර සරච්චන්ද්‍ර පොදුවේ සාහිත්‍යය යන නමින් හඳුන්වනු ලබන කලාව, නාට්‍ය කලාව, කාව්‍යය හා කථා කලාව වශයෙන් වර්ග කරන්නට පුළුවන්. මේ වර්ග තුනට පොදු වූ කිසිවක් තිබෙනව – එනම් ඒවායේ මාධ්‍යය භාෂාව වීමයි. වෙනත් කලා සමග සන්සන්දනය කරලා බැලූවොත් මේ අතින් ඒවා වෙනස් බව අපට පෙනෙනවා. සංගීතය, චිත‍්‍ර කලාව යන මේ කලා වර්ග සමග සන්සන්දනය කරලා බලමු. සංගීතයේ මූල ද්‍රව්‍යය – ස්වරයයි. චිත‍්‍ර කලාවේ මූල ද්‍රව්‍යය රේඛා හා වර්ණ යන මේවායි. මේ මූල ද්‍රව්‍ය මාර්ගයෙන් තමයි රසිකයා තුළ වින්දනයක් – ආස්වාදයක් ඇති කරන්නෙ. ඒ නිසා ස්වර, සංගීතයේ මාධ්‍යය ලෙසත්, රේඛා හා වර්ණ චිත‍්‍ර කලාවේ මාධ්‍යය…

අහිමිවීමක පුනරාවර්තනය : බඹර වළල්ල නැරඹීමට කවුලූවක් කෞශල්‍ය කුමාරසිංහ විදුර ප‍්‍රභාත් මුණසිංහ

අහිමිවීමක පුනරාවර්තනය : බඹර වළල්ල නැරඹීමට කවුලූවක් කෞශල්‍ය කුමාරසිංහ විදුර ප‍්‍රභාත් මුණසිංහ පිවිසුම බඹර වළල්ල ගැන බොහෝ විචාර ලියවෙයි. ඒවා සිනමා කෘතියේ සිනමාත්මක වටිනාකම් නොවටිනාකම්වල සිට අන්තර්ගත සමාජ දේශපාලන දැක්ම දක්වා විහිදෙනු පෙනේ. මෙම චිත‍්‍රපටය පිලිබඳ පසුගිය සති කිහිපය පුරාවට විවිධ පුවත්පත්වල පළවූ සිනමා විචාරයන් මෙන්ම සමහර සම්මන්ත‍්‍රණයන් තුලින්ද අපට හමුවූ කිසිවක් මෙම කෘතිය නැරඹීම සඳහා වන කවුලූවක් නොඑසේනම් කියවීම සඳහා වන රාමුවක් සපයාදීමට අසමත්විය (මෙහිදී අපට මඟහැරුනු විචාරයන්ද තිබිය හැක). කෙසේ වෙතත් කලා විචාරකයාගේ මූලික වගකීම වන්නේ කෘතිය තුල පවත්නා අසීමිතත්වය සීමිත බවට පත්කිරීම තුලින් එකී කෘතිය නැරඹීම සඳහා වන කවුලුවක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවට අපට හමුවූයේ කෘතිය සම්බන්ධයෙන්…

“‘ඇන්ටිගනි’: වසර දෙදහස් පන්සියයකට එපිට ලියැවුණත් හෙට දවසටත් ඒ ආකාරයෙන් වලංගුයි. සර්වකාලීනයි”

“‘ඇන්ටිගනි’: වසර දෙදහස් පන්සියයකට එපිට ලියැවුණත් හෙට දවසටත් ඒ ආකාරයෙන් වලංගුයි. සර්වකාලීනයි” මිනිසාගේ ජීවත්වීම සඳහා සොබාදහමෙන් නීතිපනවා තිබෙනවා. උපත, විවාහය, මරණය ආදී මිනිස් ජීවිතයේ ප්‍රමුඛ සිද්ධීන් මේ සොබාදහමේ නීතියට අනුව සිදුවෙනවා. මරණයෙන් මතු ලෝකය බොහෝදෙනාගේ විශ්වාසයක්. විශ්වාස නොකරන අය තුළ පවා මරණයෙන් මතු ලෝකය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් මනුෂ්‍යයා ශිෂ්ටාචාරගත වූ පසුව ශිෂ්ටාචාරය විසින් ඇති කරන ලද සිරිත් විරිත් සම්මත රැකගන්න වෙනම නීතියක් හැදුණා. සමාජයේ අර්බුදකාරී වන්නේ රාජ්‍ය පවත්වාගෙන යාමට සකස් කළ නීතියත් සොබාදහමේ පැවැත්ම සඳහා බිහිවූ නීතියත් එකිනෙක ගැටීම නිසා. සොබාදහමේ නීතිය විසින් බිහිකරන ලද මනුෂ්‍යයා විසින් තමයි රාජ්‍යයේ නීතිය සකස් කොටගෙන තිබෙන්නේ. මනුෂ්‍යයා සිටින්නේ මේ නීති දෙකට අතරමැද.…

කුමකට ද අත්කම්? කමලාදේවී වට්ටෝපාද්‍යායී

කුමකට ද අත්කම්? කමලාදේවී වට්ටෝපාද්‍යායී කමලාදේවී වට්ටෝපාද්‍යායී විසිවැනි සියවස් ඉන්දියාවේ මහා කාන්තා චරිතයකි. 1903 දී මැංගලෝරයේ දී උපත ලත් ඇය, අතිශයින්ම විවිධාකාරවූ ද, විශිෂ්ටවූ ද ජීවිතයකට පසුව, 1988 දී මුම්බායිවල දී මිය ගියා ය. අංශ ගණනාවකින්ම විශිෂ්ටත්වයට පත්වීම ඇගේ සූවිශේෂී ලක්ෂණයකි. ඉන්දියානු නිදහස් අරගලයේ මුල් පෙලේ නායිකාවක්වීම, ඒ සම්බන්ධයෙන් තුන් වරක්ම හිරබත් කෑම, ගාන්ධිතුමාගේත් නේරුතුමාගේත් සමීපතමයකියක් වීම, නාට්‍ය හා කලා ශිල්ප සේවනයේ දී අග්‍රගන්‍ය මතධාරිනියක වීම, සමස්ත භාරත දේශයේම අත්කම් පිළිබඳ නූතන කතිකාවක් ගොඩනැගීමේ කිරුල හිමිකර ගැනීම, නව දිල්ලියේ තිබෙන අපූරු මහා ඉන්දියානු අත්කම් කෞතුකාගාරයේ නිර්මාර්තෘවරියකවීම, උසස්ම ගණයේ ගත්කතුවරියක්වීම, නිදහස් හා නූතන ඉන්දියාවේ පෙරමුණේම සිටින බුද්ධිමතියකවීම ඇගේ ජයග්‍රහණ අතර වේ.…

කලාව යනු කුමක් ද? එදිරිවීර සරච්චන්ද්‍ර

කලාව යනු කුමක් ද? එදිරිවීර සරච්චන්ද්‍ර කලාව යනු කුමක් දැයි පහදා දීම ඉතා උගහට ය. කලාව නො වන්නේ කුමක් දැයි දැක්වීම ඊට වඩා පහසු බව කිව යුතුයි. කලාව වසයෙන් දක්වන්නේ යම් කිසිවක් කිරීම ය, නැතහොත් නිපදවීම ය. ඉංග්‍රීසි art යන වචනයෙහි ද මේ අර්ථය තිබේ. The art of playing cricket, the art of writing, the art of talking in public ආදි යෙදුම්වල මේ අර්ථය ගැබ් වී තිබේ. එ‍ෙහත් ‘සංගිත කලාව, ‘චිත්‍ර කලාව, ‘නාට්‍ය කලාව යන ආදි යෙදුම්වල විශේෂ අර්ථයක් තිබෙන බව සැලකිය යුතු ය. යම් කෙනෙකු සිතාරයක් හෝ තබ්ලාවක් හෝ බටනලාවක් වාදනය කරන විට ඔහු දක්ෂ සංගීතඥයෙක් හෝ දක්ෂ චිත්‍ර…