අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ පරිපූර්ණ පුද්ගලයකු බිහි කිරීමයි ස්‌නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා තමුන්ගෙ බඩ වියත ගැන විතරක් හිතන වෛද්‍යවරු කොච්චර අපේ රටේ ඉන්නවද? තමුන් ගැන විතරක් හිතන අය ඉන්නෙ දොස්‌තරවරු අතරෙ විතරක් නෙමෙයි. හැම ක්‌ෂේත්‍රයකම ඉන්නවා. ඒ කියන්නෙ මේ පිරිසගෙ බුද්ධි වර්ධනය සිදුවෙලා තියෙන්නෙ පුද්ගලික තලයේ විතරයි. ජීවත්වීමේදී ප්‍රජාවක් හැටියට හෝ සමාජීය වශයෙන් හෝ මේ අයට සිතන්නට පුළුවන්කමක් නෑ. තමන් ළඟාකර ගත් බුද්ධි වර්ධනය අනිත් අය වෙනුවෙනුත් කැප කරන්නට වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළින් හුරුකරන්නෙ නැහැ. එයට හේතුව වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළින් පෝෂණය කරන්නේ …….බුද්ධි වර්ධනයේ පුද්ගලික තලය පමණයි. පුද්ගලයකු පරිපූර්ණත්වය කරා ගමන් කරවන ක්‍රියාදාමයක් වර්තමාන අධ්‍යාපන ක්‍රමය…
'kathika' social, cultural and political review
By kathika
‘සහෝදරත්වයේ දෑත’
‘සහෝදරත්වයේ දෑත’ – : ලඞකා අක්‍ෂය පුස්තකාල ව්‍යාපෘතිය – යාපනය යාපනය දිස්ති‍්‍රක්කයේ චාවකච්චේරිහි St Liguori’s පල්ලිය ආශි‍්‍රත ප‍්‍රධාන කොටම ධීවර කර්මාන්තය ජීවිකාව කරගත් ප‍්‍රජාවගේ දරුවන් සඳහා පුස්තකාලයක් නිර්මාණය කිරීමට ලඞකා අක්‍ෂය අදහස් කරයි. ඒ සඳහා පහත පොත්පත අවශ්‍යව ඇත. * 5 වසර සිට අපොස සා/පෙ දක්වා වන අතිරේක කියවීම් සහ ප‍්‍රශ්ණ පත‍්‍ර පොත් (දෙමළ මාධ්‍ය) * දෙමළ භාෂාවෙන් පළවූ ළමා හා යොවුන් නවකථා, කෙටිකථා, කවි පොත් * සරළ ඉංගී‍්‍රසි පොත පත චාවකච්චේරිහි St Liguori’s පල්ලිය පරිශ‍්‍රයේ පුස්තකාලය ස්ථාපිත කෙරෙනු ඇති අතර එහි පරිපාලන කටයුතු එම්. එල්. ත්‍යාහරන් දේවගැති තුමන් විසින් සිදු කරනු ඇත. මෙම කාර්යයේදී පොතපත (අලුත් හා භාවිතා කරන…
කාව්‍ය හේතු – සුචරිත ගම්ලත්
කාව්‍ය හේතු – සුචරිත ගම්ලත් කාව්‍යය නිර්මාණය කරන්නට සැමදෙනාට ම බැරි ය. කාව්‍යය, සාහිත්‍යය නිර්මාණය කරන්නට සැමදෙනාට ම බැරි ය. එයට හැකියාව තිබෙන්නේ ඇතැම් විශේෂ පුද්ගලයන්ට ය. කිවි පද බැඳුම් ගුණ දොස් කිවිඳුන් ම මිස නැණ මඳ කුකවි දැන ගත හැකි කවර ලෙස කියා අලගියවන්නයන් කියු කීම සැබැවින් ම සත්‍යයකි. පුරාණ ඉන්දියාවේ මෙවැනි සුභාෂිතයක් (ප්‍රඥාවන්ත කියමනක්) විය. ශාතේෂු ජායතේ ශූර : සහස්‍රේෂු චපණ්ඩිත : චක්තා ශතසහස්‍රේෂු : කවිස්තත්‍ර සුදුර්ලභ : (ශූරයෙකු උපදින්නේ සිය ගණනකට එකෙකි. පණ්ඩිතයෙකු උපදින්නේ දහස් ගණනකට එකෙකි. කථිකයෙකු උපදින්නේ ලක්ෂ ගණනකට එකෙකි. කවියෙකුගේ ඉපදීම නම් ඊටත් වඩා දුර්ලභ ය). කිසියම් පුද්ගලයෙකු හදිසියේ උපන් ප්‍රබල හැඟීමක් ප්‍රකාශ කිරීම්…
අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය – ආනන්ද කේ. කුමාරස්‌වාමි
අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය – ආනන්ද කේ. කුමාරස්‌වාමි ආචාර්ය ආනන්ද කේ. කුමාරස්‌වාමි 1911 වසරේ දෙසැම්බර් මස එංගලන්තයේ පවත්වන ලද වාර්ෂික ලංකා රාත්‍රි භෝජන සංග්රනහයේදී “ලංකාවේ අධ්‍යාපනය” යනුවෙන් කළ දේශනයේ මෙසේ සඳහන් කළේය. “මගේ අදහසේ හැටියට, නූගත් ජනයා ඇතැම් අයුරින් අපට වඩා වාසනාවන්තය. මන්ද ඔවුන්ට සිදුවී ඇත්තේ නූගත් දෙය ඉගෙනීම පමණය. එනමුත් අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය.” “අන් බාහිර කිසිවක් කෙරෙහි නොසැලී තමන් උගන්වන දෑ ගැනම පමණක් සැලකිලිමත් වන ගුරවරුන්ගෙන්ද දැනීම සඳහා ඇති ආසාව නිසාම ඉගෙන ගන්නවුන්ගෙන් ද යුත් පෙර අපර දෙදිගම විද්‍යාර්ථීන් මහත් උද්යෝගයෙන් එක්‌රැස් වන ස්‌ථානයක සංකේතයක් සේ ලංකා විශ්වවිද්‍යාලය…
නාට්‍ය කලාව හා කථා කලාව – එදිරිවීර සරච්චන්ද්‍ර
නාට්‍ය කලාව හා කථා කලාව – එදිරිවීර සරච්චන්ද්‍ර පොදුවේ සාහිත්‍යය යන නමින් හඳුන්වනු ලබන කලාව, නාට්‍ය කලාව, කාව්‍යය හා කථා කලාව වශයෙන් වර්ග කරන්නට පුළුවන්. මේ වර්ග තුනට පොදු වූ කිසිවක් තිබෙනව – එනම් ඒවායේ මාධ්‍යය භාෂාව වීමයි. වෙනත් කලා සමග සන්සන්දනය කරලා බැලූවොත් මේ අතින් ඒවා වෙනස් බව අපට පෙනෙනවා. සංගීතය, චිත‍්‍ර කලාව යන මේ කලා වර්ග සමග සන්සන්දනය කරලා බලමු. සංගීතයේ මූල ද්‍රව්‍යය – ස්වරයයි. චිත‍්‍ර කලාවේ මූල ද්‍රව්‍යය රේඛා හා වර්ණ යන මේවායි. මේ මූල ද්‍රව්‍ය මාර්ගයෙන් තමයි රසිකයා තුළ වින්දනයක් – ආස්වාදයක් ඇති කරන්නෙ. ඒ නිසා ස්වර, සංගීතයේ මාධ්‍යය ලෙසත්, රේඛා හා වර්ණ චිත‍්‍ර කලාවේ මාධ්‍යය…
අහිමිවීමක පුනරාවර්තනය : බඹර වළල්ල නැරඹීමට කවුලූවක් කෞශල්‍ය කුමාරසිංහ විදුර ප‍්‍රභාත් මුණසිංහ
අහිමිවීමක පුනරාවර්තනය : බඹර වළල්ල නැරඹීමට කවුලූවක් කෞශල්‍ය කුමාරසිංහ විදුර ප‍්‍රභාත් මුණසිංහ පිවිසුම බඹර වළල්ල ගැන බොහෝ විචාර ලියවෙයි. ඒවා සිනමා කෘතියේ සිනමාත්මක වටිනාකම් නොවටිනාකම්වල සිට අන්තර්ගත සමාජ දේශපාලන දැක්ම දක්වා විහිදෙනු පෙනේ. මෙම චිත‍්‍රපටය පිලිබඳ පසුගිය සති කිහිපය පුරාවට විවිධ පුවත්පත්වල පළවූ සිනමා විචාරයන් මෙන්ම සමහර සම්මන්ත‍්‍රණයන් තුලින්ද අපට හමුවූ කිසිවක් මෙම කෘතිය නැරඹීම සඳහා වන කවුලූවක් නොඑසේනම් කියවීම සඳහා වන රාමුවක් සපයාදීමට අසමත්විය (මෙහිදී අපට මඟහැරුනු විචාරයන්ද තිබිය හැක). කෙසේ වෙතත් කලා විචාරකයාගේ මූලික වගකීම වන්නේ කෘතිය තුල පවත්නා අසීමිතත්වය සීමිත බවට පත්කිරීම තුලින් එකී කෘතිය නැරඹීම සඳහා වන කවුලුවක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවට අපට හමුවූයේ කෘතිය සම්බන්ධයෙන්…