පෞද්ගලික විශ්වවිද්‍යාල හකුළා ගනු සුචරිත ගම්ලත් අප මෙම ලිපිය පළකරන්නේ සුචරිත ගම්ලත් එහි ලා පළ කරන සියලු අදහස් හෝ ඔහු ගේ එළඹුම ඒ ආකාරයෙන්ම පිළිගන්නා නිසා නොව ඇතැම් තැනක අතිශයෝක්තියෙන් අවධාරණය කරමින් වුව ඔහු මතුකරන කරුණු සාකච්ඡා කිරීම වැදගත් යැයි අප සිතන හෙයිනි. පෞද්ගලික විශ්ව විද්‍යාල-විදේශීය විශ්ව විද්‍යාලවල ශාඛා-ශ්‍රී ලංකාවේ පිහිටුවන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී . දිසානායක කියයි. මේ ගැන විවාදයක් මතුවී ඇත. සමහරු මේ සැලසුම හොඳ යයි කියති. ඇතැම්හු එය හානිකර යයි කියති. එහෙත් මෙසේ කියන එකෙකුවත් ප්‍රශ්නයේ සෑම පැත්තක් ම සලකා කිරා මැන බලා කථා කරන බවක් නො පෙනේ. අපේ රටේ දැනට මත් විශ්ව විද්‍යාල ගණනාවක්…
'kathika' social, cultural and political review
By kathika
හිස්ටීරියාවෙන් සයිකෝසියාවට පියන්කාරගේ බන්දුල ජයවීර
හිස්ටීරියාවෙන් සයිකෝසියාවට පියන්කාරගේ බන්දුල ජයවීර මාක්ස්, එංගල්ස් ෆ්‍රොයිඩ්, ෆූකෝ ලකාන්, ඩෙරීඩා කොටා දියකර බී, එයින් මත් වී වනා කගපත හතරතේ ‘පිටිය සුද්ධයි’ (Ground Clear) කියා තුටු වී කුටියකට වැද….. මමයි ලෝකය මම වගේ වෙනු! සකල සාහිත කලා ලෝකය මගේ අණසක අනුව යා යුතු! (ට්‍රොට්ස්කි ගැන අමතක වුණාව ද) ඈත නොම වූ දිනෙක “දහසක් මල් පිපේවයි මත ගැටේවයි” කියූ මුවගින් “එකම මල මම” කියා මළ පැන! වහසි දොඩනා කුටියකට වැද ස්වයං වින්දනයේ වුණේ කිම් දැයි අසන ලොව වෙත බුරා පැන පිළිතුරු දෙමින් “මට වුණේ කිම්දැයි දැනගන්න තොපි සතුටු නම්……” මා සොයා ගෙන මාගේ ගෙදරට තොපි වරෙව් (මෙන්න ලිපිනය මගේ අභිමානය එයයි)…
මිඩ්ල්සෙක්ස් සරසවි සිසුහු දර්ශන අධ්‍යයන අංශය රැක ගැනීමට සටන් වදිති!
මිඩ්ල්සෙක්ස් සරසවි සිසුහු දර්ශන අධ්‍යයන අංශය රැක ගැනීමට සටන් වදිති! ලොව පුරා දාර්ශනිකයෝ තීරණය වෙනස් කරන ලෙස සරසවියෙන් ඉල්ලති!! Students at Middlesex University are now occupying the main administrative building of the Trent Park campus, Middlesex University, demanding a reversal of this irrational decision. Lot’s of people have come in support of us, giving presentations, lectures, songs, even a ‘socialist magic show’. We had a meeting with the university administration but it was not very successful, both the parties were playing hardball and it ended at a dead end. The occupation started on Tuesday the 4th of May, by occupying…
මේ දර්ශන අධ්‍යයන අංශ වසා දැමෙනා කාලය යි!
මේ දර්ශන අධ්‍යයන අංශ වසා දැමෙනා කාලය යි! බ්‍රිතාන්‍යයේ මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශන අධ්‍යයන අංශයේ ශාස්ත්‍ර අධ්‍යයනයේ නිරතව සිටින වංගීස සුමනසේකරයන් අපට දන්වා සිටින්නේ එම අධ්‍යයන අංශය වසා දමන්නට තීරණය කොට ඇති බව විශ්ව විද්‍යාල කළමනාකරණය මෙම අප්‍රේල් 26 දින දැනුම් දී ඇති බවයි. යුරෝපා මහාද්වීපික දර්ශනය අධ්‍යයනය පිළිබඳ ජගත් කීර්තියක් දිනා ඇති මෙම අධ්‍යයන අංශය වසා දැමීමට හේතුව වශයෙන් විශ්ව විද්‍යාල කළමනාකරණය දක්වා ඇත්තේ මෙම අධ්‍යයන අංශය විශ්ව විද්‍යාලයයට ඇති තරම් ලාභ නොගෙනීමයි. මෙම තීරණයට එරෙහිව නැගෙමින් පවතින ජගත් විරෝධයේ කොටස් කරුවෙකු වෙමින් ඒ වෙනුවෙන් අත්සන් කෙරෙන පෙත්සමට ඔබේ අත්සන ද එකතු කරන්න මෙතැනට යන්න. http://www.gopetition.com/petitions/save-middlesex-philosophy.html පහත වෙබ් අඩවි ද…
කවි
21 වන සියවසේ සිංහල – බෞද්ධ ඡන්ද දායකයාගේ විචාරාත්මක හෘදසාක්ෂියේ කවිය නිර්මාල් රංජිත් දේවසිරි විසිනි චම්පික මැතිදු පිං දී තිබුණි සැමට මනාප දුන් එතුමන්ට සෙස්සන් පිදුවේ “ප්‍රණාමය”, “උපහාරය” වැනි ලාභ වදන් පමණි ඒවා කන්නද? “පිං” ඒ වගේද? ලබන ආත්මේ කැබිනට් ඇමති කෙනෙක් නැතිනම්, කැබිනට් නොවන ඇමති කෙනෙක් ඒත් නැතිනම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙක් (අධීක්ෂක බලයද ඇතිව) අඩුම වශයෙන් විපක්ෂ මන්ත්‍රී කෙනෙක්වත් වී උපදින්නට ඒ පිං මදි නොවේවිද? හදිසියේම සිහිවුණි 20 වන සියවසේදි “සැඳෑ බලය” ගැනැ කුමරතුඟු මුනිදස් පඩිතුමන් කි වදන් “ඔබට ලැබී ඇති සැඳෑ බලය සිහලුනි දීන කම නසන ගුරු කෙමකි නොදෙවිනි අණට බණට මිලයට දුනහොතිනි රටට පිහිට කවරද විමසව්…
2010 මහ මැතිවරණයෙන් පසු: ආර්ථික වර්ධන වැඩ පිළිවෙල සහ පොදු යහපත අතර ගැටුමක්?
2010 මහ මැතිවරණයෙන් පසු: ආර්ථික වර්ධන වැඩ පිළිවෙල සහ පොදු යහපත අතර ගැටුමක්? අප සිටින්නේ මහ මැතිවරණය මුව විටය. බලයේ සිටින ආණ්ඩුව ජනාධිපතිවරණයේදී ඉහළ ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් අනතුරුව මහ මැතිවරණයෙන් පහසු ජයක‍් නොලබනු ඇතැයි සිතීම උගහටය. ජනාධිපතිධුරයේ බලතල සීමා කිරීමට සහ මනාප ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත්, රට සංවර්ධනය කිරීමටත් තමන්ට තුනෙන් දෙකක බලයක් ලබා දෙන ලෙස ආණ්ඩුව ඉල්ලා සිටියි. ප්‍රධාන විපක්ෂය කියා සිටින්නේ ජීවන වියදම අඩු කිරීමට, විරැකියාවට පිළියම් යෙදීමට සහ දිළිඳුකම පිටුදැකීමට තමන් බලයට පත් කරන ලෙසයි. තමන් පත්කරන්නැයි අපේක්ෂකයෝ තම යහ ගුණ – දේශප්‍රේමය, ජනතාවගේ අවශ්‍යතාවන්ට සේවය කිරීම ඉන් ප්‍රධාන ය – ජනතාවට ඉදිරිපත්…