කලා ලොවෙන් සමුගත් ෂේක්ස්පියර් ප්‍රතිරචකයා – චන්දන ජයවීර විශ්ව සම්භාවනාවට පත් නාට්‍යකරුවෙක් වූ විලියම් ෂේක්ස්පියර් ශ්‍රී ලාංකේය කලා රසිකයන්ට සමීප කළ නාට්‍යකරුවා බන්දුල විතානගේයි. ඔහුට පෙර ආචාර්ය ගාමිණී හත්තොටුවේගම, අහුන්ගල්ලේ අරුණසිරි, ටෝනි රණසිංහ, ඕ. ගාමිණි ද සිල්වා වැනි අය ෂේක්ස්පියර් නාට්‍ය සිංහලට පරිවර්තනය කිරීමේ කටයුත්තට දායක වුවත් ෂේක්ස්පියර් කෘති පොදුජනයා අතරට ගෙන ගිය නිර්මාණකරුවා ලෙස ඔහු අබිසෙස් ගැන්වීම අනෙක් අයට කරන නිගරුවක් නොවේ. බන්දුලගේ ෂේක්ස්පියර් පරිවර්තන අතිශයින්ම කාව්‍යාත්මක වන අතරම නාට්‍ය උචිත වුණා. ඔහු සිය පරිවර්තන කාර්යේදී මුල් කෘතියේ අර්ථයට හැකිතාක් සමීප වීමට වගේම භාෂා ශෛලිය ආරක්ෂා කිරීම ගැනත් උනන්දුවක් දැක් වූවා. ෂේක්ස්පියර්ගේ වැකිවල කාල අන්තරය බන්දුල සිංහල පරිවර්තනවලත් එලෙසම…
'kathika' social, cultural and political review
From කලාව
මනමේ පරිණත වීම
මයිකල් ප්‍රනාන්දු මෙම ලිපිය සකස් කරන ලද්දේ මහාචාර්ය ආරිය රාජකරුණා සමඟ කරන ලද සාකච්ඡාවකින් පසුව ඔහුගේ ද අනුමැතිය ඇතිවය. ලෝකප්‍රකට චිත්‍ර ශිල්පි පැබ්ලෝ පිකාසෝ වරක් ප්‍රකාශ කළ පරිදි හොඳ චිත්‍රයක් ද පණ ඇති ජීවියෙකු ලෙස ක්‍රමයෙන් වර්ධනය වෙයි. එයට හේතුව එම චිත්‍රය නරඹන ප්‍රේක්ෂකයින්ගේ පසුබිම මෙන්ම ඔවුන්ගේ ආකල්ප ද ඓතිහාසිකව පවතින පරිසරය අනුව වෙනසකට පාත්‍ර වීමයි. ලෝකයේ හොඳම නාට්‍යකරුවන්ගේ නාට්‍යයද ඔවුන් ජීවත් වූ අවධියේම නොයෙක් වෙනස්කම් වලට පාත්‍ර වී වෙනස් වී ඇත. නාට්‍යයේ රඟපාන නළු නිළියන් චරිතයන්ට සපයන අර්ථ කථන මෙන්ම ප්‍රේක්ෂක හා විචාර ප්‍රතිචාර නිසා ද නාට්‍යකරුවෝ සිය නාට්‍යවල සමහර වෙනස්කම් කරති. බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන…
“නිර්ප්‍රභූ තැනැත්තියට කතා කළ හැකිද?“ – සුමති ගේ ඉන්ගිරින්දු චිත්‍රපටිය
කුමුදු කුසුම් කුමාර ( ඉන්ගිරින්දු කොළඹ කොටහේන සිනෙවර්ල්ඩ් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන අවසාන දින කිහිපය යි මේ. දුරකථනය 2330017) දෙමළ වීම නිසාම දෙමළාට ඇති ප්‍රශ්නය කුමක්දැයි නලින් ද සිල්වා අසා ඇති ප්‍රශ්නයට එක් පිළිතුරක් වන චිත්‍රපටියකි සුමති ගේ ඉන්ගිරින්දු. මෙම චිත්‍රපටිය ලාංකේය උඩරට දෙමළ ප්‍රජාව පිළිබඳ වෙයි. උතුරු සහ නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනකොටස් වල දේශපාලන නියෝජිතයන් වශයෙන් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්ව සිටින ප්‍රභූහු දේශපාලනය සහ ආර්ථික කරුණු මුල් කෙට ගෙන ලංකා රජය සමඟ විවිධ මට්ටමින් කේවල් කරමින් සිටිති. නමුත් කන්ද උඩරට දෙමළ වතු කම්කරු ජනතාවගේ තත්වය කුමක් ද? ඔවුහු නීතියෙන් ලංකාවේ පුරවැසියෝ ය. ඔවුන්ට ඡන්ද බලය තිබේ. ඔවුන් ගේ ඡන්දයෙන්…
සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය
සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය උදේනි ජයවීර සුචරිත ගම්ලත් විපුල පෞරුෂයකින් සහ නොනැමෙන පිළිමල් බවකින් යුක්තව අපෝහක භෞතිකවාදී කලාස්වාදන චින්තාව මත පිහිටා කලා විචාරයේ නියැලි විශාරද බුද්ධිමතෙකු ලෙස සදා අනුස්මරණය කරනු ඇත.ඔහුගේ අභාවය හුදෙක් සුදුර්ලභ බුද්ධිමතෙකුගේ මිය යාමක් පමණක් නොව යුගකාරක මාක්ස්වාදී බුද්ධිමතෙකුගේ සමුගැනීමක් ද වන්නේ ය. එවක විප්ලවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයෙකුව සිටි අවධියේ සම්භාව්‍ය මාක්ස්වාදයක් එහි භාවිතයත් පිළිබඳ ඔහු ලද පරිචය හා ශික්ෂණයත් එහි ලේකම්ව සිටි දීප්තිමත් මාක්ස්වාදියෙකු වූ අභාවප‍්‍රාප්ත කීර්ති බාලසූරියගෙන් ලද පිරිපහදුවත් මාක්ස්වාදී කලා විචාරකයෙකු ලෙස සුචරිත ගම්ලත් හැඩ ගස්වා පෝෂණය කළේය. සාහිත්‍ය – කලා සම්බන්ධ මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාවේ මූලධර්ම හඳුන්වාදීම හා සාහිත්‍ය –…
බොදු බල සේනා යුගයක “බැලූබැල්ම” අර්බුදයට යවන කලාවක්-ලියනගේ අමරකීර්ති
හම්බන්තොට වරාය විවෘත කරන විට නැටුම් නැටීම එවැනි වැඩකි. ඒවා කලාවද නොව අතිශයින් චූල සැරසිලි කලාවකි. චන්න විජේවර්ධනගේ( හෝ අනික් වානිජ නැට්ටුවන්ගේ) නැටුමත් උත්සවයක එල්ලන ගොක්කොළයත් අතර සංකල්පමය වෙනසක් නැත. මහින්ද රාජපක්ෂ රෙජීමය කළ එක් පරඳිනගතිශීලී දෙයක් නම් මේ මධ්යතම පාන්තික කලාකාර රොත්තගේ අවස්ථාවාදය හොඳින් පෙනෙන්නට සැලැස්වීමය. අබා සිට සිද්ධාර්ථ දක්වා සිනමාවත් මහරජාණෙනි ධාරාවේ ගීතත්, මහාසමයම වැනි නාට්යියත් කරන්නට තැත් කරන්නේ රෙජීමයේ දෘෂ්ටිමය දාසකම් මිස අනිකක් නොවේ. ප‍්‍රධාන ධාරාවේ සියලූම සංවාද ජැක්සන් ඇන්තනී රණවිරු ස්ටාර් වැනි වැඩසටහනකට ඇවිත් ඇඟමස සලිත කරවා කියන කියන හිස් අලංකාරික වැනිය. ඒ කියමන් රටටම ඇසෙන්නට කිව්වද ඒවායේ නියම ඉලක්ක ශ‍්‍රාවක පිරිස යනු එක් පුද්ගලයෙකු හා…
ප්‍රවීන චිත්‍රශිල්පී සීවලී ඉලංගසිංහ – මනුබන්දු විද්‍යාපති
“ඒ යුගයේ හිටපු ඒ බටහිර සිත්තරු වැඩිදෙනා ජීවිතය දැනගෙන හිටියා. ඒ නිසාම සියවස් ගණනාවක් පවතින විදිහේ නිර්මාණ ගණනාවක් කරන්නට ඔවුනට හැකිවුණා. ඔවුන් ජීවිතයත්, තමන්ගේ ශිල්පයත් දෙකම හොඳින්ම අඳුනනවා. එයට අවංකයි. අද නම් බටහිර චිත්‍ර කලා ක්ෂේත්‍රයේත්, මේ රටේත් වැඩිතරයක් ඉන්නේ. බොරු කාරයෝ. ශිල්පයට වංචා කරන අය.” “ගොගෑන්ට වඩා මට බලපෑවේ ගැමි ජිවිතය හා පරිසරයයි” ප්‍රවීන චිත්‍රශිල්පී සීවලී ඉලංගසිංහගේ ‘රූපාවලී’ සිතුවම් ප්‍රදර්ශනය මෙම මස 18 වෙනි සඳුදා දක්වා කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ, දෘශ්‍ය කලා අධ්‍යානාංශයේ ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේදී පැවැත්වේ. මෙම කෙටි සටහන ඔහුගේ චිත්‍ර කලා සම්ප්‍රදාය පිළිබඳ අගැයුමකි.සීවලී ඉලංගසිංහ ගේ චිත්‍රවල නිරූපණය වන ජීවිතය හා පරිසරය, අපට වර්තමාන…