From කලාව

සිළුමිණ, පුන්කලස සංස්කාරක, ‘කතිකා’ අධ්‍යයන කවයේ ලිපියෙන් අත් හළ කොටස් පිළිබඳ ව…..

‘කතිකා’ අධ්‍යයන කවය පළ කළ ‘අපට උසස් සාහිත්‍ය-කලා විචාරයක් නැත්තේ මන්ද?’ යන මැයෙන් යුතු පත්‍රිකාවේ එන අදහස් සම්බන්ධයෙන් ලියනගේ අමරකීර්ති සිළුමිණ, පුන්කලස (25 . 11 . 2007) ට ලියූ ලිපියට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප‍්‍රතිචාර ලිපිය (පුන්කලස, 23. 12. 2007) පළ කිරීමේදී පුන්කලස සංස්කාරක විසින් එම ලිපියේ කොටස් ගණනාවක්ම අත් හැර දමා තිබේ. අප එම කොටස් අපගේ පාඨකයන් සඳහා පහත ගෙන හැර දක්වමු. මෙ‍ම කොටස් ද අඩංගු සම්පූර්ණ ලිපිය ‘උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි’ යන සිරස්තලය යටතේ මෙ‍ම වෙබ් අඩවියේ වෙනම ලිපියක් ලෙස පළ කොට ඇත. අප දන්නා පරිදි, සිළුමිණ සංස්කාරක කරුණාදාස සූරිආරච්චි මහතා චන අතර ‘ආනන්දයේ සහ ප්‍රඥාවේ…

උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍

උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍ – ලියනගේ අමරකීර්ති ගේ ‘සිළුමිණ’ ලිපියේ එන අදහස් වලට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය “අප සත්‍යයෙන් ඉවත ඉබාගාතේ ගෙන යාමට ඉඩ ඇති වුවත්, ප්ලේටෝගේ ඇසුර හා ඔහුගේ සිතුවිලිවල ඇසුර තෝරාගැන්ම රසඥතාව පිළිබඳ කරුණකි.” – සිසෙරෝ අපගේ සාහිත්‍ය – කලා විචාරයේ වත්මන් අහේනිය පිළිබඳව ‘කතිකා’ අධ්‍යයන කවය මතු කළ ‘අපට උසස් විචාරයක් නැත්තේ මන්ද?’ (බලන්න, පහත ) යන ප්‍රශ්නයට ලියනගේ අමරකීර්ති ප්‍රතිචාරයක් දක්වා ඇත. අමරකීර්තිගේ මෙම ලිපිය (මෙතැන කියවන්න:“සිළුමිණ” ) අප මතුකළ මාතෘකාව සංවර්ධනය කිරීමට කළ සාධනීය මැදිහත්වීමක් ලෙස අප දකිමු. පා(ග්)ලියා අප ඉහත සඳහන් ප්‍රශ්නය මතු කළේ, අමෙරිකාවේ සුප්‍රසිද්ධ සාහිත්‍ය-කලා විචාරිකාවක වන කැමිලා පා(ග්)ලියා…

‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම’ යනු කුමක් ද?

    සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් අප මීට පෙර පළ කළ සාහිත්‍ය-කලා විචාරයේ අහේනිය පිළිබඳ කැමිල පා(ග්)ලියා ගේ අදහස් අඩංගු “අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?” ලිපියෙන් මතුවන ප්‍රශ්නයක් නම් ‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම යනු කුමක් ද?’‘’ යන්නයි. මෙම ප්‍රශ්නයට එක්තරා අන්දමකින් පිළිතුරක් සැපයෙන අදහසක් Roy Turner ලියූ Friends and Enemies of the Canon (1988) නමැති ලිපියකින් සකසාගෙන පහත දක්වමු. මූලකෘති (the Canon) යන්න මෑත කාලීන මහජන කතිතාවේදී අප හමුවට එන්නේ, පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතතවාදය ඇසුරෙන් ගොඩනැගෙන කතාබහේදී නූතනයට සහ පශ්චාත් නූතනයට එරෙහිවය. සම්භාව්‍ය සංස්කෘතිය, සම්භාව්‍ය සම්ප්‍රදාය ප්‍රශ්චාත් නූතනයේදී තවදුරටත් අදාළ නොවේ, ඒවා තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය…