From කාලීන

ඇත්තෙන් ”ඉදිරිය”ට

කතුවැකිය මෙරට ප‍්‍රගතිශීලී මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී කාර්යයක් ඉටු කළ ”ඇත්ත” පුවත්පත ”ඉදිරිය” පුවත්පතෙහි ජන්ම භූමිය මෙන්ම ආදර්ශය ද වේ. 2013 ජූලි මස 3 දින සිට 2014 නොවැම්බර් 9 දින දක්වා ඇත්තේ කර්තෘවරුන් වූ අපි ඇත්ත 21 වන සියවසෙහි පුවත්පතක් බවට පත් කළෙමු. ඒ අවධිය තුළ ඇත්ත මෙරට පරිණතම සිංහල දේශපාලන පුවත්පත බවට පත් කිරිමට අපට හැකි විය. අප විසින් සංස්කරණය කරන ලද අවසාන ඇත්ත පුවත්පත එහි ප‍්‍රකාශකයන් වන ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වර්තමාන නිල නායකත්වය විසින් තහනම් කරනු ලැබූ පසු අපි එහි කර්තෘ මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කළෙමු. එසේ වුව ද කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් ද ඇතුළුව ඇත්තේ පාඨක බහුතරය තවමත්…

A Common People’s Agenda for Just, Democratic and People-friendly Governance

Full text of the MoU singed by the political parties and civil organisations with Common candidate Maithripala Sirisena on 1st December 2014 in Colombo A Common People’s Agenda for Just, Democratic and People-friendly Governance • the total breakdown of the Rule of Law, • the erosion of democratic institutions essential for governance, • an unprecedented widening of social disparities and social injustices, • severe strains on co-existence between different ethnic and religious communities and increasing disharmony and distrust. In this situation, the following program is presented so as to re-establish democracy, good governance, social justice and the rule of law.…

සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත‍්‍රයක්

ශ‍්‍රී ලාංකිකයින් ලෙස අපි බැරෑරුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස පිළිගෙන තිබූ ශ‍්‍රී ලංකාව වර්තමානය වන විට ශීඝ‍්‍රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්ෂිත ලෙස වාසය කළ නොහැකි තැනක් බවට පත්වී තිබේ. මෙම ඛේදජනක තත්වයේ ඉතාමත්ම පැහැදිළි මතුපිට ප‍්‍රකාශන වන්නේ: x නීතියේ පාලනය මුළුමනින්ම බිඳ වැටීම x ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන පද්ධතිය ඛාදනය වී තිබීම x සමාජ විෂමතාවය පෙර නොවූ විරූ ආකාරයෙන් පුළුල් වී සමාජ අසාධාරණය සමාජ පද්ධතියේ මූලික ලක්ෂණයක් බවට පත්වී තිබීම x විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය බිඳවැටී අසමගිය සහ අවිශ්වාසය ව්‍යාප්තවීම…

වමේ කේන්ද්‍රයක් ගොඩනඟමු

වමේ කේන්ද්‍රයක් ගොඩනඟමු වාමාංශික පක්‍ෂ හා පොදුවේ වාමාංශික ව්‍යාපාරය රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සාධාරණ සමාජයක් ගොඩනැඟීම සඳහා දැඩි කැපවීමෙන් ක‍්‍රියාකර ඇත. අප බලාපොරොත්තු වූ සමාජවාදී සමාජයක් මෙතෙක් ගොඩනැඟීමට නොහැකි වූවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සාධාරණ සමාජයක් ගොඩනැඟීමට ගත් උත්සාහයෙන් සතුටුදායක ප‍්‍රතිඵල ලැබී ඇති බව පැහැදිලිය. 1977 දී පාර්ලිමේන්තුව තුළ වමේ නියෝජනය අහිමි වීම සමඟ ඇතිවූ දැවැන්ත පරාජය මෙන්ම කම්කරු පන්තිය හා විශේෂයෙන් වෘත්තිය සමිති ව්‍යාපාරය දුර්වල තත්ත්වයට පත්වීම හේතු කොට ගෙන දක්‍ෂිණාංශික බලවේගවලට විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කිරීමට අවස්ථාව ලැබිණ. 1977 සිට වාමාංශික පක්‍ෂ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළයුතු බවට දැඩි ස්ථාවරයක පිහිටා නිරන්තරයෙන් සටන් කරමින් සිටී. 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය…

ජනාධිපතිවරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නව වම – කුමුදු කුසුම් කුමාර විසිනි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන්නේ පවත්නා රජයට පක්ෂවද නැතහොත් විපක්ෂවද යන්න මත මෙරට දේශපාලනයේ මූලික පිල් බෙදීමක් සිදුවෙමින් පවතී. ඉන් කියැවෙන්නේ මෙම මැතිවරණය ලාංකේය දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන බවයි. මෙයට අමතරව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ද විවිධ මත අනුව පිල් බෙදෙමින් පවතී. ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ යෝජනා මුල් කොට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම අරමුණු කොට ගත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් සඳහා එකඟත්වයක් ගොඩ නැඟීමේ ව්‍යාපාරයක් තිබේ. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් පිළිගැන්වීමේ උත්සාහයක් ද ඇත. මේ සියල්ල ප්‍රභූ පැළැන්තියේ පාලනය තට්ටු මාරු ක්‍රමයට පවත්වා ගෙන යාමේ වැඩ…

ල.ස.ස.ප. ලේකම් තිස්ස විතාරණ ට අභියෝගයක්: ” සහෝදරයා මාධ්‍යයට කියන කතාව ඇන්. ඇම්. සහෝදරයාගේ පිංතූරය ඉදිරියෙන් ඉඳන් කියන්න” – චමීර පෙරේරා

චමීර පෙරේරා, මධ්‍යම කාරක සභික – ල.ස.ස.ප. ල.ස.ස.ප. ලේකම් තිස්ස විතාරණ සහෝදරයා මාධ්‍ය හමුවක් කැඳවා තමන් පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව කටයුතු කළ බවත්, සෙසු අය ඊට විරුද්ධව බොරු කියමින් යන බවත් පවසා ඇත. ඇත්තටම විතාරණ සහෝදරයා කළ යුත්තේ, මාධ්‍ය හමුවක් කැඳවා ඔය දේ ප‍්‍රකාශ කිරීමට පෙර, දේශපාලන මණ්ඩලය රැස්වන කාමරයේ ඇති ඇන්. ඇම්. සහෝදරයාගේ පිංතූරය ඉදිරියට ගොස් ඔය ප‍්‍රකාශය කිරීමය. ලේකම් සහෝදරයාට තමන් ලියූ දේශපාලන වාර්තාව ගැන කල්පනාවක් නැති කල්හි, පක්‍ෂයේ ව්‍යවස්ථාව හෝ ඇන්. ඇම්, කොල්වින් සහෝදරවරුන්ගේ ප‍්‍රකාශන ගැන කුමන කතාද? විතාරණ සහෝදරයා පසුගිය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ දේශපාලන වාර්තාවේ මෙසේ සඳහන් කරයි: ‘‘රාජපක්‍ෂ පවුල මෙන්ම ශ‍්‍රි.ල.නි.පයේ සමහර නායකයන් විසින්…