From කාලීන

ජනපතිගේ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ ක්‍රියාවට නැඟීමට කාලය යි

ජනපතිගේ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ ක්‍රියාවට නැඟීමට කාලය යි කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ජූලි 04 වැඩ වර්ජනය ආරම්භ වීමට ඉතා ආසන්නව තිබියදී, එයට විසඳුම් සෙවීමට උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක උනන්දුවක් නොදක්වන බව වටහාගත් බව පෙන්නුම් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡාවට යොමුකළේ ඔවුන් ගේ ඉල්ලීම්වලට ‘දෙගොල්ලම දිනුම්‘ විසඳුමක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරමිනි. අද වනවිට වැඩ වර්ජනය පටන් ගෙන මාස තුනක් ඉක්ම ගොස් ඇති නමුදු ඊට විසඳුමක් දීමට ජනාධිපති දුන් පොරොන්දුව ඉටු වී නැතිවා පමණක් නොව රජයේ සමස්ත යාන්ත්‍රණයම ආචාර්ය සමිති වැඩ වර්ජනය මර්ධනය කිරීම සඳහා යොමුකොට තිබීම මුළු…

විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ස්වෙච්ඡා බේරුම්කරණයට යොමුකිරීම

විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ස්වෙච්ඡා බේරුම්කරණයට යොමුකිරීම 2012 සැප්තැම්බර් 10 වන දින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කම්කරු අමාත්‍යාංශයේ රැස්වීමක් සඳහා කැඳවනු ලැබීය. මෙම රැස්වීමේදී වි.වි.ආ.ස.ස.ය හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අතර ඇතැයි කියන ඊනියා ‘‘කාර්මික ආරවුල’’ බේරුම්කරණ ක‍්‍රියාවලියක් හරහා නිරාකරණය කිරීමට යන බව සඳහන් ලිපියක් වි.වි.ආ.ස.ස.ය වෙත භාරදෙන ලදී. මේ ක‍්‍රියාවලිය සඳහා වි.වි.ආ.ස.ස.ය වෙනුවෙන් බේරුම්කරුවෙකු පිළිබඳව නාම යෝජනාකරන මෙන් මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ. වි.වි.ආ.ස.ස.යේ ස්ථිරසාර අදහස වන්නේ ඒ මගින් මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හරහා මතුකරනු ලැබ ඇති කරුණු පදනම් කරගෙන ඇතිවී ඇති තත්වය වි.වි.ආ.ස.ය හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අතර ‘‘කාර්මික ආරවුලක්’’ ලෙස නම් කරනු ලැබිය නොහැකි…

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ වාචික ප‍්‍රහාර පිළිබඳ

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ වාචික ප‍්‍රහාර පිළිබඳ බොහෝ රටවල්වල අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය සඳහා ඉහළ අධ්‍යාපනයක් සහිත ආදර්ශමත් ඇමතිවරු පත් කිරීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්වයයි. කෙසේවෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අතරතුරදී කිසිදු සැකයකින් තොරව පෙන්නුම් කෙරී ඇත්තේ මේ ගුණාංග කිසිවක් පෙන්නුම් නොකරන ඇමතිවරයෙක් අපට ලැබී ඇති බව පමණක් නොව මෙම ඇමතිවරයා රටේ සමස්ත අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට යහපතක් වියහැකි ක‍්‍රියාමාර්ග වෙත යොමුවීම ඉතාම තදබල ලෙස නොතකා හරිමින් සිටින බවයි. අපගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට මාස දෙකක් ගතවී තිබියදීත් ඇමතිවරයා සිය ප‍්‍රකාශ මඟින් පෙන්නුම් කරනු ලැබ ඇත්තේ ඔහු සතුව අපගේ ඉල්ලීම් පිළිබඳව දැනුමක් නොමැති බව හෝ එසේ නොමැති බව ව්‍යාජ…

අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය

අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය මහාචාර්ය ඒ. එම්. නවරත්න බන්ඩාර, දේශපාලන විද්‍යා අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2011 දී සිය රාජකාරියට බාහිරවන පරිපාලන තනතුරු අත්හරිමින් අරඹන ලද සරසවි ඇදුරන්ගේ වෘත්තීය අරගලය මෙම වසරේදී අඛන්ඩ වැඩ වර්ජනයක් ලෙස යලි කරලියට පැමිණ දැන් දින 50 කට අධික කාලයක් ගතව ඇත. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට අයත් වෘත්තීය සමිති 38ක් සහභාගීව සිටින මෙම ක‍්‍රියා මාර්ගය මෙරට විශ්ව විද්‍යාල ඉතිහාසයේ දී ආචාර්යවරු විසින් සිදුකල ප‍්‍රථම අඛන්ඩ වැඩ වර්ජනය වෙයි. ආචාර්ය සංගම් මෙම ක‍්‍රියා මාර්ගයට එළඹුනේ තමන් විසින් ගිය වසරේ අත්හිටවූ වෘත්තීය ක‍්‍රියාමාර්ගය යලි ආරම්භ කරන්නට සිදුවන බවට වසරකට අධික කාලයක් කල…