වම් ඉවුරෙන් දකුණු ඉවුරට ගොඩවූ චන්ද්‍රප්‍රේම ට පිළිතුරක් රුහුණ විශ්වවිද්‍යාලයේ ලාල් පන්නිල සමග නන්දසිරි කීඹියහෙට්ටි 2012 අගෝස්තු මස 06 වන දින දිවයින පුවත්පතේ වම් ඉවුර විශේෂාංගයට සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා විසින් “විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වර්ජනය සාධාරණද ? මැයෙන් ලියන ලද ලිපිය කියවීමෙන් දැඩි මවිතයට හා කලකිරීමට පත්වීමු. එම ලිපිය වම් ඉවුර විශේෂාංගයේ පළවුවත් දකුණු ඉවුරට ආවඩමින් පොදුජන පාඨකයා නොමඟ යැවීමට දැරූ කුහක උත්සාහයක් ලෙස හැඟී ගිය බැවින් එයට පිළිතුරක් සැපයීමට අදහස් කළෙමු. එම විශේෂාංගය දිවයින පුවත්පතට ලියන සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා වෘත්තීය පුවත්පත් කලාවේදියෙකු ලෙස කලක් කේෂ්ත්‍රයේ රැඳී සිටිය ද ඔහු වඩාත් ජනප්‍රිය වන්නේ පසුගිය දා “Gota’s War” නමින් ශ්‍රී…
'kathika' social, cultural and political review
From කාලීන
ඉතින් කියව මහරජ බිහිරි ද හඬට
සිත් සිත් නදන සිත් කළ නෙත් නෙත් පහන් නෙත් කළ අත් අත් එකට එක් කළ ලත් යුත් සද් මිනිස් කැළ පවුරක්ව නැගෙන නොබිඳෙන ගඟුලක්ව නැගෙන නොසිඳෙන වැස්සක්ව නිවන සරතැස සුළඟක්ව හමන සිව්දෙස රුදුරු මුසා බස් බිඳලූ ජන ගඟය සියලු සතුරු කඳවුරු ඇස ඉඳිකටුය රටට හිතැති ජන ඇස ලෑ අඳුන’රුය මෙබඳු සොඳුරු සටනට නැති අය වඳය ඇදුරු, දෙගුරු, සිසු, කම්කරු එක පෙළට උතුම් සඟන සෙත්සිරි ලැබ පෙළහරට නැගෙන අයුරු බල සිදු රළ ලෙස යසට ඉතින් කියව මහරජ බිහිරි ද හඬට http://sieruwensitin.blogspot.in/2012/08/blog-post_23.html
කාලෙකට පස්සෙ හයිඩ්පාක් එන්න ! අගෝස්තු 23 වෙනිදා මහජන රැළියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිතිසම්මේලනයෙන් ආරාධනා
කාලෙකට පස්සෙ හයිඩ්පාක් එන්න ! අගෝස්තු 23 වෙනිදා ප්‍රසිද්ධ මහජන රැළියට ආරාධනා රාජ්‍ය විශ්වවිද්‍යාල ආරක්ෂා කරනු ! අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන් කරනු !! ඔබ දන්නා පරිදි, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිතිසම්මේලනය දින පනහක පමණ කාලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැලී සිටියි. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ කොටසක් ලෙසත්, මෙම ව්‍යාපාරය පළල් පදනමක් ඇති ජාතික ව්‍යාපාරයක් බවට පත් කිරීමේ අප සමිති සම්මේලනය ගන්නා උත්සාහයට සහාය දැක්වීමක් ලෙසත් අගෝස්තු 23 වෙනිදා අප සංවිධානය කරන මහා රැලියට ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු. හයිඞ් පාර්ක් පිටියේදී හවස 4ට ඇරඹෙන මහජන රැලිය හවස 6 දක්වා පැවැත්වෙනු ඇත. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතයන් සේම අනෙකුත් වෘත්තීය සමිති හා සිවිල් සංවිධානවල නියෝජිතයන්ද…
සරසවි ඇදුරු වර්ජන කවි හෙවත් අනාගත පරපුරේ අධ්‍යාපනය බේරා ගැනීම
සරසවි ඇදුරු වර්ජන කවි හෙවත් අනාගත පරපුරේ අධ්‍යාපනය බේරා ගැනීම සකල සිරින් පිරි සිරි ලංකාවේ සරසවි ඇදුරෝ වැඩ වරනා විකල බකල වී සියලූම සරසවි වැඩ කටයුතු සැම ඇණ සිටිනා ඉහළ උදවියට මේ අර්බුදයට තවමත් නිසි විසඳුමක් නැතා සියලූ දනෝ මෙරටෙහි වෙසෙනා දැන් අස මැන මේ සරසවි පුවතා
අවසන් කිරීමට රජය උනන්දුවක් නැති සරසවි ඇදුරු වර්ජනය
අවසන් කිරීමට රජය උනන්දුවක් නැති සරසවි ඇදුරු වර්ජනය – කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රාජ්‍ය අංශයේ අධ්‍යාපනය පිළිබඳ රජයේ කැපවීම ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් යලිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පිවිසීම මෙම මාතෘකාව ජාතික දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහලට ගෙන එන්නට හේතු වී තිබේ. ඔවුන් ගේ ඉල්ලීම් අතර වන රජය අධ්‍යාපනයට දළ ජාතික නිශ්පාදිතයෙන් වෙන් කරන ප්‍රතිශතය අවම වශයෙන් සියයට 6 ක් දක්වා ඉහළ දමනු ඇතැයි ඇතැයි සාර්ක් රටවලට සහ ජාත්‍යන්තර ආයතන වලට දී ඇති පොරොන්දුව ක්‍රියාත්මක කිරීමට කැපවිය යුතුය යන්න සහ රජයේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමක් ද යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතුය යන්න ජාතික අවධානය දිනාගනිමින් තිබේ.…
වැඩ වරන-වැඩකරන ඇදුරන්ට–
Sudesh Mantillake වැඩ වරන-වැඩකරන ඇදුරන්ට … – පේරාදෙණිය විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යයකු විසින් ලියනලද බිත්ති පුවත්පතක ඇති සටහනක් මෙසේය අපි පහුගිය 30 වෙනි සිකුරාදා : 2012-06-30 ආචාර්යවරුන්ගේ වෘත්තීය සංගමයෙ ක‍්‍රියාකාරීන් විසින් සංවිධානය කළ උසස් අධ්‍යාපනයේ අර්බුදය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනට කලාගාරයට එකතු වුණා. විශේෂයෙන්ම ශාස්ත‍්‍ර පීඨයේ ආචාර්යවරු සහ සිසුන්. ඔවුන් කිව්ව විදිහටම මේක ඓතිහාසික මොහොතක් සටහන් කළා. ඒ ආචාර්යවරු සහ ශිෂ්‍යයො නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් එකට අත්වැල් අල්ලා ගැනීමේ ප‍්‍රීතිමත් මොහොත. කුමන අර්ථයකින් ගත්තත් මේ සංවාදය පිළිබ`දව අපට තියෙන්නෙ සාධනීය ආකල්පයක්. ඒ ආචාර්යවරු සහ ශිෂ්‍යයො පවතින අධිකාරී රාජ්‍ය යාන්ත‍්‍රණය විසින් නිදහස් අධ්‍යාපනය මත පතුරුවන අත්තනෝමතිකත්වය සහ එම ඛේදය වෙනුවෙන් තම තමන්ගෙ…