From කාලීන

අන්තර්ජාල පෙත්සම අත්සන් කිරීමට මෙහි යන්න

ශ‍්‍රී ලංකාවේ පාසැල් හා විශ්වවිද්‍යාල බේරාගනිමු! විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සංවිධානය කරන අන්තර්ජාල පෙත්සම අත්සන් කිරීමට මෙහි යන්න Petition Save Sri Lankan Schools and Universities!

ආණ්‌ඩුවට පණිවුඩයක්‌ දෙන්න “ස්‌ට්‍රයික්‌” නොකර බෑ!

ආණ්‌ඩුවට පණිවුඩයක්‌ දෙන්න “ස්‌ට්‍රයික්‌” නොකර බෑ! – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති අඛණ්‌ඩ වැඩ වර්ජනය නිසා සෑම විශ්වවිද්‍යාලයක්‌ම පාහේ අකර්මන්‍ය වී තිබේ. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නොවිසඳුනු වැටුප් ප්‍රශ්නයට පමණක්‌ නොව අපේ රටේ උසස්‌ අධ්‍යාපනය අද මුහුණදී ඇති අර්බුද ගණනාවකටත් විසඳුම් ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රියාදාමය ඇරඹූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. දිවයින ඉරිදා සංග්‍රහය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හදන්නෙ ආණ්‌ඩුව පෙරළන්න කියල චෝදනාවක්‌ තියෙනව? ඕක ආණ්‌ඩුව අපහසුතාවට පත්වෙන ඕනෑම ක්‍රියාදාමයකට එල්ල වෙන සාමාන්‍ය චෝදනාවක්‌. මේක ආණ්‌ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක්‌. විදේශ කුමන්ත්‍රණයක්‌ එන්.…

ශ‍්‍රී ලංකාවේ පාසැල් හා විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල බේරාගනිමු!

ශ‍්‍රී ලංකාවේ පාසැල් හා විශ්වවිද්‍යාල බේරාගනිමු! – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යාපනය යනු අද වන විට සියලූ මානව සමාජවල මූලික අංගයකි. එය අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික මිනිස් අයිතියක්ද මූලික අංගයක්ද වේ. සෑම දෙනාටම අධ්‍යාපනයට හා අධ්‍යාපනය වෙත ප‍්‍රවේශවීමට අයිතිය තිබේ(26 වෙනි වගන්තිය- විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශනය 1948). අධ්‍යාපනය යනු කුලය, වර්ගය, ස්ත‍්‍රී-පුරුෂභාවය, භාෂාව හා ආගම කුමක් වුවත් කාටත් නොමිලේ දෙන නිදහස් සේවයක් ලෙස 1945 වර්ෂයේදී ස්ථාපිත කරන ලදී. එය මේ රටේ සම්පූර්ණ යැයි කිවහැකි තරම් සමාජ විප්ලවයක් ඇති කළේය. නිදහස් අධ්‍යාපනය රටේ විවිධ පලාත්වල සාමාන්‍ය මනුෂ්‍යයන්ට සමාජ චලතාව හෙවත් සමාජයේ ඉහළට යාමේ හැකියාව ලබා දුන්නේය. ඒ නිසා අප කාගේත් දරුවන් සඳහා…

පරපුරෙන් පරපුරට දායාද වන ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන පිළිබඳ පණිවුඩය අන්තර්ජාලයට …..

පරපුරෙන් පරපුරට දායාද වන ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන පිළිබඳ පණිවුඩය අන්තර්ජාලයට මුදා හරිමින්…. මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු (අසුන් ගෙන), මහාචාර්ය නවරත්න බණ්ඩා (පේරාදෙණිය විශ්ව විද්‍යාලය), මහාචාර්ය හේ. ශ්‍රියානන්ද (විවෘත විශ්ව විද්‍යාලය), මහාචාර්ය අසංග තිලකරත්න (කොළඹ විශ්ව විද්‍යාලය) විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී.