From කාලීන

විපක්ෂය හොර ගල් අහුලද්දී සිංහලෙන් උතුර ගිලින ආණ්ඩුව

උතුරු-නැගෙනහිර තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට විපක්ෂයේ ඉන්නා දකුණේ සිංහල පක්ෂ දෙකටම තවමත් අවශ්‍ය නැත. ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්තිරන් මහතා උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධයෙන් පසුව පවත්වා ගෙන යන මේ රාජපක්ෂ පාලනය පිලිබඳව දෙවන වරටත් ඉතා විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ පසු, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව උත්තර බඳින්නට සූදානම් නැති නම්, විවාදයක් ඉල්ලීමේ වගකීම ඇත්තේ විපක්ෂයේ අනෙක් පක්ෂ නායකයින්ට ය. විශේෂයෙන් විපක්ෂ නායකයාට ය. පසු ගිය සතියේ මෙහි දෙවන කොටස පළ කිරීමට කලින් විපක්ෂයේ මන්තී‍්‍රවරුන් දෙදෙනකුට ඒ බැව් මතක් කිරීමක් ද කළෙමි. එනමුත් එවැනි විවාදයක් ඉල්ලීමේ වුවමනාවක් මේ සිංහල යු.ඇන්.පියට නැත. ඔවුන් බොහෝ විට මේ වාර්තාව ගැන කතා කිරීම මග හරින්නේ, විපක්ෂය…

උතුරේ ධීවර කර්මාන්තයත් සිංහල ධීවරයින්ට දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්

උතුරු නැගෙනහිර ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය මූලික කාරණා කිසිවක්ම ඔවුන් ගේ ඕනෑ එපාකම් මත තීන්දු නොවෙන බව, ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් විසින් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ උතුරු නැගෙනහිර පවත්නා තත්ත්වය පැහිදිලි කරන, ඔහුගේ දෙවන වාර්තාවෙන් පෙන්වා දෙයි. එහි සඳහන් අයුරු, ධීවර කර්මාන්තයට ආණ්ඩුවේ කියුම් කෙරුම් නොතකා, හමුදාව විසින් තවමත් සීමා තහංචි පනවන අතර, ඇතැම් ප‍්‍රදේශයන් හි දෙමළ ධීවර ජනතාව ඉවත් කර, එම ප‍්‍රදේශයන් හි ධීවර කටයුතු සඳහා දකුණේ සිංහල ධීවරයින් පදිංචි කර ඇත. කුච්චවේලිහි ආරම්භ කර ඇති රයිගම් ලූනු කර්මාන්තය සම්බන්ධයෙන් 2009 අග දී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් මන්තී‍්‍ර විසින් ඊට එරෙහිව ජනාධිපතිට හා ආර්ථික සංවර්ධන…

ගෝඨාභය මුහුණපාන අභියෝග

ගෝඨාභය මුහුණපාන අභියෝග සමාජයේ සිවිල් කටයුතු මිලිටරීකරණය කිරීම පිළිබඳ චෝදනා රජය පැත්තෙන් වටහා ගන්නට නම් විෂය භාරව සිටින රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳ සිතන ආකාරය තේරුම් ගන්නට සිදුවෙයි. “යුද්ධය නිමවූ විගස එල්ටීටීඊ යේ චිත්ත ධෛර්යය හීනවූ නමුදු පසුගිය වසර දෙක තුළ එය යළිත් අරමුදල් එකතු කිරීම සහ යලි සමූහ ගතවීම අරඹා ඇති හෙයින් ඒ පිළිබඳ කිසිවක් නොකළහොත් එය විශාල තර්ජනයක් වනු ඇත. මගේ මූලික උනන්දුව රටේ ආරක්ෂාව“ යැයි ගෝඨාභය රාජපක්ෂ මෑතදී Daily Mirror පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කියා තිබුණි.

සමාජය මිලිටරීකරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට වළ කපයි

සමාජය මිලිටරීකරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට වළ කපයි තිස් වසරක යුද්ධය අවසන් වී වසර දෙක හමාරක් ගත වී ඇත. හදිසි නීතිය ඉවත් කොට මාස තුනකට ආසන්නය. රටේ නීතිය හා සාමයට අදාළ කරුණු සාමාන්‍ය තත්වයට පත් වී ඇතැයි කියනු ලැබේ. නමුත් පෙර නොවූ විරූ පරිදි රජය, ආර්ථිකය සහ සමාජය මිලිටරීකරණයට ලක් කරමින් පවතින්නේ යැයි බරපතළ විවේචනයක් සමාජයේ ගොඩ නැගෙමින් පවතී. සාමාන්‍යයෙන් හදිසි නීතිය යටතේ පමණක් මහ මඟ දැකිය හැකි අවි ගත් හමුදා සෙබලුන් හදිසි නීතිය ඉවත් කළ බව ප්‍රකාශ කළ පසුත් දිගටම මහජනයා අතර ගැවසෙන්නට රඳවා තබා ඇත්තේ හදිසි නීතිය ඉවත් කිරීම හුදු නාමමාත්‍ර දෙයක් යැයි ප්‍රකාශ කරන්නට මෙනි. හදිසි නීතිය ඉවත් කරනවාත්…

හේමරත්න ලියනආරච්චි අභාවප්‍රාප්ත වෙයි

හේමරත්න ලියනආරච්චි අභාවප්‍රාප්ත වෙයි ලේඛක හේමරත්න ලියනආරච්චි ගේ අභාවය ‘කතිකා‘ සාතිශය සංවේගයෙන් සටහන් කරයි. හේමරත්න ලියනආරච්චි පාදඩයකුගෙන් (1965), අන්තිම දා (1967), හා මම රාත්‍රිය වෙමි යන නවකතා තුනෙහිත්, මතක සටහන් (1964), හා සපුමල්ගේ ලෝකය (1991) යන කෙටිකතා සංග්‍රහ දෙකෙහිත් කතුවරයා වෙයි. මීට අමතරව ඔහු ‍ෂේක්ස්පිය‍ර්ගේ සමකාලීන ශ්‍රේෂ්ඨ නාට්යක රචකයෙකු වූ ක්‍රිස්ටෝෆර් මාර්ලෝගේ Dr. Faustus නමැති කෘතිය සිංහල නාට්‍ය අනුමණ්ඩලයේ ආරාධනයක් පරිදි “ෆෝස්ටස්” නමින් සිංහලට පෙරළන ලදුව 1999දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් පළ කෙරිණ. ගුරුවරයෙකු වශයෙන් හා කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ හේමරත්න ලියනආරච්චි මහතා පේරාදෙණිය ගුරු විද්‍යාලයේ අධිපතිව සිට විශ්‍රාම ලබා සිය කාලය සාහිත්‍ය කටයුතු සඳහා යොදවමින් සිටියේය. ඔහුගේ “බටහිර සාහිත්‍යයේ…

ගඩාෆි

ගඩාෆි මරා දැමෙයි! The Island 2011 ඔක්තෝම්බර් 22 පුවත් පතේ ජෙෆ්රි ගේ කාටුනය