From කාලීන

සරසවි ඇදුරු අරගලය: උගත හැකි පාඩම්

සරසවි ඇදුරු අරගලය: උගත හැකි පාඩම් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2011 ජූලි කලාපයේ ‘දේශපාලන සටහන‘ ලිපිය රජය සංවර්ධනයට ප‍්‍රමුඛතාව දී ඇත. ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම එහි ප‍්‍රධාන අංගයකි. එහිලා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අතිශය වැදගත් තැනක් හිමි විය යුතුය. අපගේ තරුණ පරපුරේ දක්ෂතමයන් රැකියාවලට සහ වෘත්තීන්වලට පුහුණු කිරීමත්, ඔවුන් අතරින් විද්‍යාඥයින්, බුද්ධිමතුන්, කලාකරුවන්, ශාස්ත‍්‍රඥයන් සහ දාර්ශනිකයන් යනාදීන්ද බිහි කිරීමේ කටයුත්තත් අප පවරා ඇත්තේ ඒවාටය. එහෙයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරු තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කරන අරගලය මාස දෙකකට ආසන්නව දිග්ගැස්සෙන්නට හැර තිබීම මෙරට සංවර්ධනයට කිසිසේත් හිතකර නොවේ.…

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය

එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වියදම, අධ්‍යාපනය, ශාස්ත්‍රාලීය නිදහස සහ රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනාගතය විමෙයෝ අධ්‍යාපනයේ ආර්ථික සහ සදාචාරාත්මක අරමුණු, ලෝක බැංකුව අපේ අධ්‍යාපනය ගැන හිතන දේ සහ යථාව විමෙයෝ

කලාව, සෞන්දර්යය හා සංස්‌කෘතිය අසුරනවල බහා විකිණීම

කලාව, සෞන්දර්යය හා සංස්‌කෘතිය අසුරනවල බහා විකිණීම ආචාර්ය සාලිය කුලරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප උත්සුක විය යුත්තේ, දැන් දැන් සරසවිය යන ආයතනය, විද්යුත් මාධ්‍ය සඳහා පිටපත් ලියන්නවුන් පුහුණු කිරීම, රූපලාවන්‍ය ශිල්පීන් පුහුණු කිරීම, රහස්‌ පරීක්‍ෂකයන් හෝ ශරීරාරක්‍ෂකයන් පුහුණු කර ඩිප්ලෝමා දීම වැනි ශාස්‌ත්‍රය වේශ්‍යා වෘත්තියෙහි නොයොදවන ගරු කටයුතු බුද්ධි කෝෂ්ඨාගාරයක්‌ ලෙස ආරක්‍ෂා කරගැනීම කෙරෙහිය. මහැදුරු ආර්. ඩී. ගුණරත්නගේ “සරච්චන්ද්‍ර දාර්ශනිකයා හා කලාකරුවා” කෘතියෙහි එක්‌ තැනක මහාචාර්ය සරච්චන්ද්‍ර ලියා ඇති එදාටත් වඩා වත්මනට උචිත ප්‍රකාශයක්‌ උපුටා දක්‌වා ඇත”. “කලාව මෙන්ම ශාස්‌ත්‍රඥානයද වෙළෙඳපොළට දමා ඉල්ලීම හා සැපයීම යන න්‍යායෙන් තක්‌සේරු කිරීම, ඒ දෙකම බාල්දුවන කාර්යයකි.” වර්තමානයේදී විශ්වවිද්‍යාලවල වෙළෙඳපොළ වටිනාකම් සහිත විෂයයන් ඉගැන්වීම හෝ…

කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය වසර ගණනාවකට පසු පිරී ඉතිරී පිටාර ගැලූ වගයි

නිදහස් උසස් අධ්‍යාපනය විනාශ මුඛයට යාම වැළැක්වීමේ පළමු පියවර ආචාර්ය සංගමය, කෘෂිකර්ම පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුගිය දශක තුන තුළ විශ්වවිද්‍යාලවලට ලබාදුන් ප්‍රතිපාදන ක්‍රමයෙන් අඩුවුන අතර, එමඟින් සීමාවන සම්පත් කළමණාකරණය කරගනිමින් ශිෂ්‍යයන්ට ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මය හැකිතාක් දුරට පවත්වා ගැනීමට ආචාර්යවරුන් වශයෙන් අප ඇප කැප වී ක්‍රියාකර ඇත්තෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ ගුණාත්මයකින් යුත් අපගේ උපාධිධාරීන් දේශීය සහ විදේශීය ආයතනවල රැකියා අවස්ථාත්, ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල වල උසස් අධ්‍යාපන අවස්ථාත් පහසුවෙන් හිමි කරගෙන ඇත. ඔවුන්ට අපට වඩා ඉහළ වැටුප් ලැබීමත්, තමන්ගේ ව්‍යාපාරයන් පිහිටුවා ගෙන තවත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමත් ගුරුවරුන් ලෙස අපට ආඩම්බරවීමට කරුණකි. අපගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ඔබගේ දරුවාද අනාගතයේ දී ඇතුළත් වන…

අනික් කට්ටිය

මිතුරනි, ලංකාවේ අරගල ඉතිහාසයට අළුත් මානයන් කීපයක් එකතු කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට හැකි වෙලා තියෙනවා. ඒක අඛණ්ඩව ඉස්සරහට මේ තරම් දුරට හෝ අර‍ගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒ හින්දා. අරගලය මෙහෙයවන්නෙත්, මතවාදී නායකත්වය දෙන්නෙත් එයාලමයි. මේක ලෙනින් ගෙ “කම්කරු පංතිය ට, බාහිරින් පංති විංඥාණය රැගෙන ආ යුතුයි ” කියන අදහසට වඩා හුඟක් වෙනස් තත්ත්වයක්. නිපුණතාවය ඇති ශ්‍රමිකයෙක් බිහිකරන්නේ කොහොමද? යන්න අද දවසේ අධ්‍යාපනය මුහුණ දී ඇති අභියෝගය ද? එහෙම නැත්නම් මිනින්දෝරුවෙකු වීමට උවමනා භූගෝල විද්‍යාවේ “කොටස” ඉගෙනගෙන නැවතීමට එරෙහිව භූගෝල විද්‍යාව ඉගෙනීම අඛණ්ඩ කිරීම ද? මේවා ගැන සංවාදශීලී වෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ධෛර්ය සම්පන්න අරගලය ට, ඔබේ සහාය දෙන්න, හෙට (ජූනි…

මහජන සම්මන්ත්‍රණය

ශ්‍රී ලංකාව “දැනුම් කේන්ද්‍රස්ථානයක්?“ මිථ්‍යාවෙන් යථාර්ථයක් කරා! මහජන සම්මන්ත්‍රණය 2011 ජූනි 21 සවස 3 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පා ගමන කොළඹ විශ්ව විද්‍යාලයෙන් සවස 2 ට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය