උගතුන්ගේ සංස්‌කෘතියට එරෙහි තර්ජනය ආචාර්ය සාලිය කුලරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල සමාජයෙහි වූ බුද්ධි සංස්‌කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක් නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක් සේ එහි ශක්‌තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්‌කෘතියක ඇති ස්‌වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්‌වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට් සංස්‌කෘතියක් බිහිවීමය. රටක තාක්‍ෂණය හා මානව ශාස්‌ත්‍ර හා සෞන්දර්යය සමබර විය යුතුය. මානව ශාස්‌ත්‍ර භාෂා, දර්ශන වලින් එක්‌වරම වෙළෙඳපළ වටිනාකම් සෙවිය යුතු නැත. එබඳු විෂයයන්ගෙන් ඉතා සුගැඹුරු හා බහුශ්‍රැත ඥන සම්පත් බිහිකිරීම සිදුවේ. එහි ඵලප්‍රයෝජනය දීර්ඝ…
'kathika' social, cultural and political review
From කාලීන
විශ්ව විද්‍යාල සිසු නායකත්ව පුහුණුව
මිලිටරි නායකත්ව පුහුණුවේ යථාර්ථය කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග කළ සාකච්ඡාවකි පබා දේශප්‍රිය විශ්ව විද්‍යාලය කියන්නේ සමාජයේ ආයතන ගත වී ඇති සංසිද්ධියක්. ඒ වගේ මිලිටරිය කියන්නේත් සමාජයේ පවතින ආයතනයක්. නමුත් පැහැදිළිවම කිව යුතුයි මේ ආයතන දෙක දෙකක් බව. එනම් මේවායේ ප්‍රතිමාන එකිනෙකට වෙනස්. උදාහරණයක් විදියට මිලිටරි එක ඉහළින් එන නියෝග කිසිදු විමසා බැලීමකින් තොරව ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් විදියට යුධ භුමියකදී වෙඩි තියන්න කිව්වොත් එය නැවත ප්‍රශ්න කරන්න බැහැ. එය මිලිටරිය තුළ තියන ප්‍රධානම ප්‍රතිමානයක්. නමුත් විශ්ව විද්‍යාලයේ තියෙන්නේ මේකේ අනෙක් පැත්ත. එනම් විචාරත්මක බුද්ධියෙන් විමසා බැලීම. විශ්ව විද්‍යාලයට ඇතුළත් වන නවක සිසුන්ට නායකත්ව…
ආචාර්ය හා රථාචාර්ය
ආචාර්ය හා රථාචාර්ය – Gadfly Zone -එම්බල අමාත්‍ය ! කිමද තා කණස්සලෙන්? – ස්වාමිනි මේ විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රශ්නය මා පෙළයි. රාත්‍රියන්හි පවා මාහට නින්දක් නැත. නොයෙක් නපුරු සීන දැක බිය වී ගත දහදියෙන් තෙමී අවදි වෙයි. – කිමෙක්ද අමාත්‍ය මේ විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රශ්නය ? එවැන්නක් ඇතැයි මා මෙතෙක් කල් දැන සිටියේ නැහැ නොව. -( අපොයි තොත්ත බබා ,මුකුත් දන්නේ නැහැ ) රජතුමනි, මම මෙය සුළු ප්‍රශ්නයකි යි සිතුවෙමි. මෙවන් සුළු ප්‍රශ්නයකින් ඔබ තුමන් වෙහෙසීම නොමනා යයි සිතුවෙමි. – ඊට කම් නැත. ඉදින් දැන් වත් මා දැනුවත් කරනු – මෙයයි ප්‍රශ්නය උතුමාණනි, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය කුඩාචාර්ය පිරිස් ඔවුනට…
“බාහිර උපාධිකාරයො මහ කාලකන්ණි “,
“බාහිර උපාධිකාරයො මහ කාලකන්ණි “, ඔවුන් රටටම බරක් – එස්.බී. මහනුවර පැවති උත්සවයකට සහභාගී වූ උසස් අධ්‍යාපන ඇමති එස්.බී දිසානායක බාහිර උපාධිධාරීන් රටටම බරක් යයි පැවසුවේ මෙසේය ‘විශ්ව විද්‍යාල තුළින් බිහිවිය යුත්තේ ‘ක‍්‍රීම් ඔෆ් ද ක‍්‍රීම්’ දරුවන්. අසාර්ථක කාලකණ්ණි දරුවන් බිහිකරන එක ඉදිරියට නතර කරන්න ඕනෑ. බාහිර උපාධි කාරයෝ අද රටට ගමට පවුලට මහ බරක්…සමහර ආචාර්යවරු සතියකටම බාහිර උපාධි ප‍්‍රශ්න පත්තර අටදාහක් නව දාහක් උඩ දාල බලනව. සමහරුන්ට රැකියා දෙන්න යනකොට ඒ අයට සාපෙළ නෑ ඒත් උපාධියක් තියනව. සා.පෙළ ගණිතයවත් නැති කෙනෙකුට කොහොමද රැකියාවක් දෙන්නේ…අපේ අරමුණ පාරවල් අයිනෙ හිටගෙන ඉන්නැති උපාධිධාරීන් බිහිකරන එකයි..’ හර්ෂි සි. පෙරේරා බලන්න lankaguardian
විශ්ව විද්‍යාල අධ්‍යාපනය
දාස හපුවලාන, ලංකාදීපල 11.05.2011
අහෝ! සරසවි ඇදුරන්ට සිදුවූ විපතක මහත!
Daily Mirror කාටුනය, ගිහාන් ඩි චිකේරා 11.05.2011