From කාලීන

‘ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සංවර්ධන මාවතත් ලිබරල්වාදයමයි‘ ලයනල් අතුකෝර

‘ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සංවර්ධන මාවතත් ලිබරල්වාදයමයි‘ ලයනල් අතුකෝරල 2005 වර්ෂයේදී ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාද ජනතාවගේ සංවර්ධනය බලාපොරොත්තු වන්නේ ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදය තුළිනි. එයට වෙනස්‌වූ අන්දමේ ක්‍රමවේදයක්‌ අත්හදා බැලීමට හෝ එතුමාට අදහසක්‌ නැති බව පැහැදිලිය. තමාට බලයට පැමිණීමට අවශ්‍ය ජනතා මතවාදය නිර්මාණය කිරීම මෙන්ම, බලයට පැමිණීමට අවශ්‍ය සංවිධාන ජාලය ක්‍රියාත්මක කිරීමට උරදුන් ජ. වි. පෙ. ඉවත දැමීමට බලයට පත් ඇසිල්ලේම එතුමා කටයුතු කළේ එබැවිනි, ජ. වි. පෙ. යනු ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදය එකහෙළාම ප්‍රතික්‌ෂේප කරන දේශපාලන පක්‍ෂයකි. ආර්ථික ප්‍රතිපත්තිය කෙසේ වෙතත් රට තුළ පැවැති සිවිල් යුද තත්ත්වය, දේශපාලනය සමඟ මනා ලෙස කළමනාකරණය කිරීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමත් විය. තිස්‌ වසරක…

අපි කන වස ආරිය සුබසිංහ

අපි කන වස ආරිය සුබසිංහ සරසවියෙන් පිට වෙන්නටත් පෙරම වාගේ රැකියාවක් ලබන්නට මම වාසනාවන්ත වූයෙමි. රැකියාව වූයේ ගුරුතලාව, ශා. තෝමස් විදුහලේ ගුරු පත්වීමකි. එය වැලිමඩ – හපුතලේ ප්‍රධාන මාර්ගය අසල අතිශය සුන්දර පරිසරයක පිහිටි රටේ නම් දැරූ පුද්ගලික විදුහලකි. එහි කඳුබෑවුමක තනා තිබූ සුන්දර, විද්‍යාගාරයේ ඉදිරි වැටට වාරු වී පහත පෙනෙන මනස්කාන්ත දර්ශනය දෙස බලා සිටීම මගේ ප්‍රියතම විනෝදාංශයක් වීය. පොළොන්නරුවේ තැනිතලා බිමේ ගිණි කාෂ්ඨක අව්වේ පිච්චී පුරුදු මට එය පුදුම වෙනසක් විය. පහත මිටියාවතේ අර්තාපල් කොටුවල කවුද කවුදෝ වැඩ කරනු පෙනේ. මිටියාවත පිස හමා එන සිසිල් මඳනල ගත පමණක් නොව සිතද නිවා දමයි. එය පේරාදෙණි සරසවියේ මාර්ස්, ජයතිලක, හිල්ඩා…

‘සහෝදරත්වයේ දෑත’

‘සහෝදරත්වයේ දෑත’ – : ලඞකා අක්‍ෂය පුස්තකාල ව්‍යාපෘතිය – යාපනය යාපනය දිස්ති‍්‍රක්කයේ චාවකච්චේරිහි St Liguori’s පල්ලිය ආශි‍්‍රත ප‍්‍රධාන කොටම ධීවර කර්මාන්තය ජීවිකාව කරගත් ප‍්‍රජාවගේ දරුවන් සඳහා පුස්තකාලයක් නිර්මාණය කිරීමට ලඞකා අක්‍ෂය අදහස් කරයි. ඒ සඳහා පහත පොත්පත අවශ්‍යව ඇත. * 5 වසර සිට අපොස සා/පෙ දක්වා වන අතිරේක කියවීම් සහ ප‍්‍රශ්ණ පත‍්‍ර පොත් (දෙමළ මාධ්‍ය) * දෙමළ භාෂාවෙන් පළවූ ළමා හා යොවුන් නවකථා, කෙටිකථා, කවි පොත් * සරළ ඉංගී‍්‍රසි පොත පත චාවකච්චේරිහි St Liguori’s පල්ලිය පරිශ‍්‍රයේ පුස්තකාලය ස්ථාපිත කෙරෙනු ඇති අතර එහි පරිපාලන කටයුතු එම්. එල්. ත්‍යාහරන් දේවගැති තුමන් විසින් සිදු කරනු ඇත. මෙම කාර්යයේදී පොතපත (අලුත් හා භාවිතා කරන…

අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය – ආනන්ද කේ. කුමාරස්‌වාමි

අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය – ආනන්ද කේ. කුමාරස්‌වාමි ආචාර්ය ආනන්ද කේ. කුමාරස්‌වාමි 1911 වසරේ දෙසැම්බර් මස එංගලන්තයේ පවත්වන ලද වාර්ෂික ලංකා රාත්‍රි භෝජන සංග්රනහයේදී “ලංකාවේ අධ්‍යාපනය” යනුවෙන් කළ දේශනයේ මෙසේ සඳහන් කළේය. “මගේ අදහසේ හැටියට, නූගත් ජනයා ඇතැම් අයුරින් අපට වඩා වාසනාවන්තය. මන්ද ඔවුන්ට සිදුවී ඇත්තේ නූගත් දෙය ඉගෙනීම පමණය. එනමුත් අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය.” “අන් බාහිර කිසිවක්‌ කෙරෙහි නොසැලී තමන් උගන්වන දෑ ගැනම පමණක්‌ සැලකිලිමත් වන ගුරවරුන්ගෙන්ද දැනීම සඳහා ඇති ආසාව නිසාම ඉගෙන ගන්නවුන්ගෙන් ද යුත් පෙර අපර දෙදිගම විද්‍යාර්ථීන් මහත් උද්යෝගයෙන් එක්‌රැස්‌ වන ස්‌ථානයක සංකේතයක්‌ සේ ලංකා විශ්වවිද්‍යාලය…

ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයක් හරි මැද ඉදිකෙරෙන ජංගම දුරකථන සංඥා සම්ප්‍රේෂණ පර්යන්තය (antennae base) ඉවත් කරගන්න!

ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයක් හරි මැද ඉදිකෙරෙන ජංගම දුරකථන සංඥා සම්ප්‍රේෂණ පර්යන්තය (antennae base) ඉවත් කරගන්න! – මෝදර, එළිහවුස් පාරේ, අසල්වැසියෝ ඩයලොග් ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසූරියගෙන් ඉල්ලා සිටිති ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයක් වටකොට ගත්. කොළඹ මෝදර, මුතුවැල්ලේ, එළිහවුස් පාරේ අංක 94/3, ලිපිනයේ නිවෙසක මතු මහලේ ඉදි කොට ඇති ඩයලොග් ජංගම දුරකථන සංඥා සම්ප්‍රේෂණ පර්යන්තය කුළුණ ඒ වටා වසන වැසියන්ගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් එල්ල කළ හැකි හෙයින් එම කුළුණ වහා ඉවත් කර ගන්නා මෙන් එහි වැසියෝ ඩයලොග් අධිපත් ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගෙන් ඉල්ලා සිටිති. මෙම කුළුණ මුලින්ම ඉදිකිරීම ඇරමුණු අවස්ථාවේ, 2008 දෙසැම්බර් 25 වන දින ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාට මෙම ඉල්ලීම අළුත්…

ෂාරුක්ට ආචාර්ය පදවියක් ! ඩී. බී. කුරුප්පු

” ලිවීමේ දී කටවහර යොදා ගන්නා ලේඛකයෝ ඇත. ඔවුන් එසේ ලියන්නේ වියරණ නොදන්නා කමට යයි නොකියමි. වැඩි දෙනා තමන් යම් බදු වියරණ රටාවක් අනුගමනය කිරීමට උත්සාහ කරන බව පෙනෙයි. එ හෙත් ඔහුන’තුරිනුත් බොහෝ දෙනා ඒ අතින් පළ කරන්නේ දුබලතාවකි.” ෂාරුක්ට ආචාර්ය පදවියක් ! ඩී. බී. කුරුප්පු මේ පුවත්පතක පළ වූ සිරස්තලයකි. මගේ ලිපියේ සිරස්තලය හැටියට එය යොදා ගත්තේ, එයින් සිංහලයේ වත්මන් නැඹුරුවක් පිළිබිඹු කැරෙන නිසාය. මෑතක දී ආසියානු ක්‍රීඩා උත්සවයකට සහභාගි වූ ශ්‍රී ලාංකික කණ්ඩායම ආසියානු ක්‍රීඩා තරගය නියෝජනය කරන බව සඳහන් වූයේ ද පුවත්පතකය. ඒ දෙකින්ම මා පුදුම නොවූයේ ඊට කලින් මෙල්බර්න් පත්තරයකට මෙහි වසන ශාස්ත්‍රපති උපාධිධාරී හිමිනමක් ලියූ…