From කාලීන

මහජනයා බලගන්වන්න ලංකාවේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය ඉඩ දෙන්නෙ නෑ-ආචාර්ය නිර්මාල් දේවසිරි (Constitution: For Whom ? )

“ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින (ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව පිළිබඳ ) සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී ආචාර්ය නිර්මාල් දේවසිරි පෙන්වා දෙන ලද වැදගත් අදහසක් වූයේ මහජනයාට දේශපාලන බලය ලැබෙන, දෛනික වශයෙන් ආණ්ඩුකරණ ක්‍රියාවලිය හැසිරවීමට හැකි රැඩිකල් ආකාරයෙන් රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙලකට ලංකාවේ දේශපාලන සහ ආර්ථික…

ව්‍යවස්ථාව කාටද ?/Constitution : For Whom ?- අහිලන් කදිර්ගාමර්/Ahilan Kadirgamar

” ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින පුරවැසි සභාව සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී අහිලන් කදිර්ගාමර් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලද කරුණක් වූයේ ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව හමුවේ මෙසේ ජනතාව අදහස් ඉදිරිපත් කිරීම විශේෂඥයන් විසින් ව්‍යවස්ථාව සකස් කළ යුතුය යන කරුණට එරෙහිව යන සුභවාදී දෙයක් බවත් ව්‍යවස්ථාව හෝ…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (1- 10 පරිච්ඡේද)

1 පරිච්ඡේදය – හැඳින්වීම 2015 දෙසැම්බර් 22වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව පත් කරන ලද්දේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන ශ්‍රී ලංකාවේ ජනතාව සමග සාකච්ඡාමය ක්‍රියාවලියක නිරත වීම සඳහා ය. මෙම කමිටුව සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත විය (අ ඇමුණුම). 1.1 ක්‍රියාවලිය කමිටුව බහුවිධ ක්‍රමවලින් ජනතාවගේ අදහස් ලබා ගත්තේය. වාචිකව හෝ…

අව්‍යාජ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිහිටුවීම –“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවෙන්”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව එහි අවසන් වාර්තාව පසුගිය මැයි මස 31 වෙනිදා අග්‍රාමාත්‍යවරයාට බාර දුන් අතර එම වාර්තාවේ 10 වෙනි පරිච්ඡේදය යටතේ ඇති පුරවැසියන්ගේ පුළුල් දේශපාලන සහභාගීත්වයක් පිළිබඳ සඳහන් වන “ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම්සභා සංකල්පය” යන කොටස මෙහි පළවේ. 10.1.2.ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම්සභා සංකල්පය ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම් සභා ආදී විවිධ නම්වලින් හඳුන්වන මෙම…

නවක වදය සහ වමේ දේශපාලනය/Ragging and Left Politics

මම කවරාකාරයේ හෝ නවකවදයකට එරෙහි වෙමි. නවකවදය ගත්කල එයට මුහුණ දීමට සිදුවන පුද්ගලයාගේ දෘෂ්ටියෙන් පමණක් නොව අනෙකාට දේශපාලන සමානයෙකු ලෙස සැලකීම දේශපාලන මූලධර්මයක් ලෙස ගන්නා ප්‍රජාතන්ත්‍රවාදයේ සහ වාමාංශික දේශපාලනයේ පර්යාලෝකයෙන් ද එය අමානුෂිකය. නවකවදයෙන් පෙන්නුම් කෙරෙන්නේ කෙනෙක්ට තම කනිෂ්ඨයාට සමාන ම්ට්ටමෙන් සැළකීමට ඇති නොහැකියාවයි. ඔබගේ මානසික අඩුව නිසා හෝ ඔබගේ සමූහයේ හෝ දේශපාලනයේ ආධිපත්‍යය අනෙකාට…