From කුමුදු කුසුම් කුමාර

මහින්ද චින්තනයට උසස් අධ්‍යාපන අර්බුදයට සවදේශීය විසඳුමක් තිබේද? – කුමුදු කුසුම් කුමාර

සරසවි ඇදුරු සංගම් – ජනාධිපති ලේකම් හමුව: මහින්ද චින්තනයට උසස් අධ්‍යාපන අර්බුදයට සවදේශීය විසඳුමක් තිබේද? – කුමුදු කුසුම් කුමාර ක්‍රමයෙන් උග්‍ර වෙමින් පවතින උසස් අධ්‍යාපන අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ඉදිරි පියවරක් තබමින් ජනාධිපතිලේකම් වරයා සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග සාකච්ඡාවට පිවිසීම දූරදර්ශී පියවරකි. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිලේකම් වරයා ගත් සුහදශීලී එළඹුම රජයක් තමන් බලයට පත්කළ පුරවැසියන්ට සැළකිය යුතු ආකාරය ගැන කදිම නිදසුනකි. සරසවි ආචාර්යවරුන් තම ඉල්ලීම් වල පසුබිම ඉදිරිපත් කරමින් වත්මන් උසස් අධ්‍යාපන අර්බුදයේ ලක්ෂණ පැහැදිළි කරද්දී ජනාධිපතිලේකම් වරයා ඊට සවන් දුන් ආකාරය දේශපාලනඥයන්ට ආදර්ශයක් සපයයි. මෙහිදී සරසවි ආචාර්යවරුන් ජනාධිපතිලේකම් වරයාට අවධාරණය කොට සිටියේ තම ගැටලු සම්බන්ධයෙන් රජය විසින් පසුගිය වසර…

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘!

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘! – කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය යලිත් වරක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට තීරණය කොට තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඊට එරෙහිව සටන් ප්‍රකාශ කොට තිබේ. පසුගිය වසරේ විශ්ව විද්‍යාල ආචාර්යවරු දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සහ නොබෝදා අවසන් වූ අනධ්‍යන සේවකයන්ගේ ගේ වර්ජනය ද සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැක්වූ ප්‍රතිචාරය සළකා බලන කළ මෙවරද තම සටනට අමාත්‍යාංශය තෝරා ගන්නා මග වනු ඇත්තේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සදාචාරාත්මකභාවයක් නොමැති බව මහජනයා හමුවේ පෙන්වන අතර ඊට විසඳුමක් නොදී එය දිග්ගස්සා මෙම අරගලය කෙසේ හෝ පරාජය කිරීම ට…

‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි

‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි කුමුදු කුසුම් කුමාර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීම සඳහා තමන් නීති උපදෙස් පතා ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ප්‍රකාශ කොට තිබේ. එයට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ එම බලමණ්ඩලය නීති විරෝධී කටයුතු වල යෙදෙන බවයි. නමුත් එම නීති විරෝධී කටයුතු මොනවාදැයි අමාත්‍යංශය පෙන්වා දී නැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය කොමිසමේ අවසර නොමැතිව ‘විශ්ව විද්‍යාල‘ යන පදය තම නමට යොදාගැනීම නීති විරෝධී බව බවයි. ඔහු තව දුර පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය හුදු ශිෂ්‍යයන්ට අදාළ කටයුතු…

ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමෙන්ම පාලක රෙජීමය ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් නොවේ

ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමෙන්ම පාලක රෙජීමය ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් නොවේ – කුමුදු කුසුම් කුමාර දේශපාලන චින්තිකා හනා ආරන්ඩ්ට් ‘සමාවදීම‘ සහ ‘පොරොන්දුවීම‘ දේශපාලනයේ අත්‍යවශ්‍ය චිත්ත ශක්තීන් ලෙස සළකා කළ විග්‍රහය පිළිබඳ පවත්නා සාකච්ඡාවන්ට හැරීමෙන් අපට මේ පිළිබඳ අදහසක් සම්පාදනය කර ගත හැකිය. සමාව දීම ක්‍රියාවේ (action) සහ නිදහසේ ප්‍රධානම සාධකය යැයි හනා ආරන්ඩ්ට් ප්‍රකාශ කළාය. ඇය තර්ක කළ පරිදි මානව ක්‍රියාවන් හි ප්‍රථිඵල කලින් කියනොහැකි මෙන්ම එම ක්‍රියා නැවත හැරවිය නොහැකිද වන හෙයින් ක්‍රියාවේ නැතහොත් දේශපාලනයේ නිරත වන්නට නම් ක්‍රියාවටම අයිති චිත්ත ශක්තීන් දෙකක් වන සමාවදීම සහ පොරොන්දුවීම මත රඳාපවතින්නට මානවයාට සිදුවෙයි. “පොරොන්දු ඉටුකිරීමට බැඳෙනු ලැබීමෙන් තොරව, අපට කවරදාකවත් අපගේ අනන්‍යතාවන්…

යුද්ධය හෝ බෝම්බ පිපිරවීම නතරවීමෙන් පමණක්ම සාමය උදා නොවේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලියා දන්වන වග නම් යුද්ධය හෝ බෝම්බ පිපිරවීම නතරවීමෙන් පමණක්ම සාමය උදා නොවේ පුරවැසි කුමුදු කුසුම් කුමාර තිස් වසරක යුද්ධය අවසන් වීමත් සමග සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රාර්ථනාව වී තිබී ඇත්තේ රටේ සාමය සහ ස්ථායීභාවය යි. යුද්ධය අවසන්වීමෙන් හෝ බෝම්බ පිපිරීම නතරවීමෙන් පමණක් ම සාමය උදා නොවේ. සාමය සඳහා යුක්තිය ඉටු විය යුතුය. යුක්තිය යන්න අරුත් ගැන්විය හැකි එක් ආකාරයක් නම්, සාධාරණ අපේක්ෂාවන් ඉෂ්ඨ වීම නිසා කෙනෙකු තුළ ඇතිවන සෑහීමට පත්වීමයි. නමුත්, යුද්ධය අවසන් වී අවුරුදු තුනක් ඉක්ම ගොස් ඇති අදත් රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම තර්ජනයට පත්ව ඇතැයි මාධ්‍ය වලින් ප්‍රකාශයට…

රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි

රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි කුමුදු කුසුම් කුමාර පෙරටුගාමී සමාජවාදී පක්ෂය උතුරු නැගෙනහිර දෙමළ ජනයා සමග දේශපාලනය කරන්නට එළඹීම නිසා ගෝඨාභය රාජපක්ෂ එහි බලවත් වීම දකිනු ඇත්තේ ත්‍රස්තවාදය යළි හිස එසවීමට අවස්ථාවක් නිර්මාණය කිරීමක් ලෙසින් විය හැකිය. ඔහු දකින පරිදි දේශප්‍රේමීන් මේ බව වටහා ගෙන කටයුතු කරන ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවලට තම කටයුතු නිසි ලෙස ඉටු කිරීමට ඉඩ දිය යුතුය. එමෙන්ම සමාජවාදය තේමාව කරගත් පක්ෂයක් යලිත් ලංකාවේ බලවත් වීම තමන් ප්‍රිය කරන ධනේශ්වර මොඩලයේ දියුණුවක් කරා ලංකාව ගෙන යාමට බාධාවක් වනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ විශ්වාස කරනවා විය හැකිය. දේශප්‍රේමීන් එබඳු සමාජවාදී වැඩ පිළිවෙළකට සහයෝගය නොදිය යුතු යැයි…