සිදුවීමට ඉඩ ඇතැයි අප බියපත් වූ දෙය දැන් සිදු වී තිබේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රසිද්ධ පක්ෂ සම්මේලනයක් පවත්වා මහජන තලයේ දේශපාලනයට නිල වශයෙන් පිවිසීමට දින දෙකකට පෙර එම පක්ෂයේ නායකයන් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම පශ්චාත් යුද ලංකාවේ සාමකාමී සහ ස්ථායී දේශපාලන සහ සමාජීය පසුබිමක් ගොඩ නඟාගැනීමට ලාංකේය ජනයා තුළ ඇති අභිලාෂයට බලවත් පහරකි. අලුතින් දේශපාලන පක්ෂ සහ සංවිධාන බිහිවීම අප සමාජයේ දේශපාලන සාකච්ඡාව පුළුල් සහ ගැඹුරු කරන්නට හේතු විය හැකිය. දකුණේ හෝ උතුරේ වුව ජනයාට, විශේෂයෙන් තරුණ ජනයාට විවෘත දේශපාලනයේ යෙදීමට අවකාශය සකසා දීමෙන් දේශපාලන අභිලාෂයන් පාතාලභූමි ගත වීම වළක්වා අප සමාජය යහපත් එකක් බවට පත්…
'kathika' social, cultural and political review
From කුමුදු කුසුම් කුමාර
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභියෝගයක් වන සරසවි නවක වධය
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභියෝගයක් වන සරසවි නවක වධය ජනතා විමුක්ති පෙරමුණෙ (ජවිපෙ) න් කැඩී ‘ජන අරගල කණ්ඩායම‘ ලෙස මෙතෙක් කටයුතු කළ පිරිස පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් මෙම සතියේ මහජන දේශපාලනයට පිවිසීම පිළිබඳ මෙරට වාමාංශික ජනයාගේ සුභාශිංසන හිමිවනු නිසැකය. සමාජයට අලුත්, සාධනීය දේශපාලන හඬක් එකතුවීම හැම විටමත් යහපත් දෙයකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලංකාවේ අප පසු කරමින් සිටින මෙම අවස්ථාව ට කළ හැකි දායකත්වය පිළිබඳ ලංකාවේ වාමාංශික ජනයා, විශේෂයෙන්ම තරුණ කොටස් බලාපොරොත්තු සහගතව සිටිති. ’71 ජීව ගුණය යළි පුබුදු කිරීම පැරණි වාමාංශික පක්ෂ ගිය පාරේම යමින් ජවිපෙ ත් තවත් එක් සම්ප්‍රදායික පාර්ලිමේන්තුවාදී දේශපාලන පක්‍ෂයක් බවට විපරිණාමය වී ඇති අවස්ථාවෙක ’71 ජීව ගුණය…
ජිනීවා වියවුල: ජාතිය එක්සත් කිරීමට නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අවශ්‍යයි
ජාතිය එක්සත් කිරීමට නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අවශ්‍යයි ජිනීවා යෝජනාව සම්මත වීමෙන් පසු රජයේ රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අසන ලද “මෙම කාරණයේදී රටේ ජනතාව රජය සමග සිටින්නේද?” යන ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර වූයේ ‘ජනතාවගේ දේශපාලන පක්ෂපාතීකම් කුමක් වුවත් ඔවුන් මේ මොහොතේ රට වෙනුවෙන් පැහැදිළිව එකට සිටින’ බව සහ ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතා කැමැත්ත ඇති බවයි. තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජන මාධ්‍යයන්ට කළ ප්‍රකාශ වලින් කියා සිටියේ ජිනීවා පරාජයෙන් උදාවන තත්වයට ‘අප ජාතියක් වශයෙන් එක්ව මුහුණ දිය යුතු’ බවයි. අමාත්‍ය වරයා තව දුරටත් කියා සිටියේ ජනතාවට ආණ්ඩුව සමඟ විවිධ ප‍්‍රශ්න, විවේචන තිබිය හැකි…
අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි
අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි මානව ලෝකයේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය තේරුම් ගැනීමට සමාජීය විද්‍යාවන් දරා ඇති උත්සාහයන් විවිධ කතිකාවන් බිහිකොට ඇත. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන හොබ්සියානු කතිකාව මෙන්ම ‘මානවයා ස්වභාවයෙන්ම අහිංසකය’ යන රූසෝවියානු කතිකාවද මානවයා පිළිබඳ පරම සත්‍යයන්ට වඩා සංස්කෘතික නිර්මිතයන් බව ‘ස්වභාවය සහ සංස්කෘතිය පිළිබඳ’ න්‍යායාත්මක විවාදය පිරික්සන්නෙකු නිගමනය කරන්නට ඉඩ තිබේ. මේ සමඟ සංසන්දනය කළ හැකි තවත් අදහසක් නම් ‘මානවයා යනු දේශපාලන සත්ත්වයෙකි’ යන ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණයයි. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන මතය අප පිළිගතහොත් එම ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඉහලින් පාලනය පැණවිය යුතුය යන අදහසට එළඹෙන්නට අපට සිදුවෙයි. මීට වෙනස්ව, ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණය හා සම්බන්ධ අදහසක් නම් මානවයා යනු තමන්ට තමන් හසුරුවා ගත…
වෙබ් අඩවි තහනම: ප්‍රතිරූපය සහ මාධ්‍ය භීතිකාව
කුමුදු ගේ තීරුව වෙබ් අඩවි තහනම:ප්‍රතිරූපය සහ මාධ්‍ය භීතිකාව රජය පුවත් වෙබ් අඩවි ගණනාවකට තහනමක් පණවා තිබේ. චෝදනාව මෙම වෙබ් අඩවි පුද්ගලයන් ට අපහාස වන අන්දමේ පුවත් පළ කරන බවයි. මෙම කරුණ මුල් කොට ගෙන ජන මාධ්‍යවල විවාදයක් ගොඩ නැඟී තිබේ. මෙම වෙබ් අඩවි පවත්වාගෙන යන්නන්ගේ සදාචාරය පිළිබඳ ඇතැම්හු ප්‍රශ්න කරති. අන් අය කියන්නේ වෙබ් අඩවිවලට මාධ්‍ය සදාචාරයක් තිබිය යුතු යැයි තමන් පිළිගන්නා නමුත් වෙබ් අඩවි තහනමට රජය ගත් තීරණය පළමුව තහනම පනවා දෙවනුව ඊට නීත්‍යානුකූල භාවයක් ආරෝපණය කරන්නට ගන්නා වෑයමක් වන බවත් ය. මාධ්‍යයට පූර්ණ නිදහස තිබිය යුතුයැයි දැන් කියන ලිබරල්වාදීහු ද වෙති. විපක්ෂයේ සිටියදී කරන වෙනත් බොහෝ දේශපාලන…
මෙරට දේශපාලනයට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි
එජාප නායකත්ව සටන: මෙරට දේශපාලනයට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි එජාප නායකත්ව සටන මූලිකවම පෙන්නුම් කළේ දිගින් දිගටම විපක්ෂයේ සිටීම පිළිබඳ එජාපයේ කොටස් තුළ ඇති බලවත් අප්‍රසාදය යැයි සිතමි. එජාපයේ වත්මන් නායකත්වය වෙනස් වී නම් එජාපයට තමන්ටම හිමි අනන්‍යතාවක් ඇති පක්ෂයක් වශයෙන් තවදුරටත් පැවැතීමට ඇති හැකියාව නැතිවන්නට ඉඩ තිබුණු බව මගේ අදහසයි. මන්ද යත්, එබඳු වෙනසක් ඇති වීම මෙතෙක් කල් එජාප නායකත්වයෙන් නියෝජනය කළ සමාජ ස්ථරයට තම පාරම්පරික දේශපාලන සංවිධානය අහිමි කරනු ඇතිව තිබුණු හෙයිනි. යටත් විජිත සමයේ ලංකාවේ බිහිවූ බටහිරට විවෘත වූ මනසක් සහිත ධනහිමි ගතානුගතික සමාජ පංතියේ නායකත්වය ලද එජාපයේ පහළ සාමාජිකත්වය සැදුනේ නාගරික මැද පංතියෙන් සහ මැද පංතික ගොවි…