සංවර්ධන මූලධර්මවාදයට යටවන නාගරික දුප්පතුන්ගේ ජීවිත නගර සංවර්ධනය පිළිබඳ වික්ටර් අයිවන් සමග සාකච්ඡාව ඉදිරියට ගෙන යමින් ඔහුගේ අවසන් ලිපිය (නගර සංවර්ධනය හා මූලධර්මවාදය,‘ රාවය, 2011 නොවැම්බර් 06) ට මගේ ප්‍රතිචාරය මෙම ලිපියෙන් ඉදිරිපත් කරමි. මා මෙම කරුණෙහි ලා මැදිහත් වන්නේ සම්ප්‍රදායික සමාජ විද්‍යාඥයෙකුට වඩා සමාජය අධ්‍යයනය පිළිබඳ ඇල්මක් දක්වන සමාජ විචාරකයෙකු සහ පුරවැසියෙකු වශයෙනැයි සිතන්නට කැමැත්තෙමි. මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට වික්ටර් දක්වන කැමැත්ත පිළිබඳ මා සතුටු වෙමි. මන්ද යත්, අපගේ සාමුහික දිවි පෙවෙතට බලපාන කරුණු පිළිබඳ අදහස් නිදහසේ, මහජන තලයේ සාකච්ඡා කරන්නට අප යොමුවීම අප සමාජයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ජීවමානව පවත්වාගෙන යාමට අප තුළ ඇති උනන්දුව ප්‍රකාශ කිරීමක් වන…
'kathika' social, cultural and political review
From කුමුදු කුසුම් කුමාර
“නාගරික නවීකරණය,“ සිහින පුරවර ගොඩ නැංවීම සහ පුරවැසියන්ට පොඩි එවුන් ලෙස සැළකීම
‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ “නාගරික නවීකරණය,“ සිහින පුරවර ගොඩ නැංවීම සහ පුරවැසියන්ට පොඩි එවුන් ලෙස සැළකීම: ජේන් ජේකබ්ස් ගේ සැළසුම් දර්ශනයෙන් පාඩම් කුමුදු කුසුම් කුමාර ගොඩනැගිලි පිරුණු පුරවරයක කටයුතු කරන විට මස් කපන පොරොවකින් කොටාගෙන කොටාගෙන යන්න වෙනව. මම දිගටම ඉදිකිරීම් කරගෙන කරගෙන යනව. එය නවත්වන්න කළ හැකි හොඳම දේ නුඹලා කරපල්ලා. රොබට් මෝසස් ගේ කියුමක් සිහින නගරයක් සැළසුම් කිරීම පහසුය; ජීවමාන නගරයක් යළි ඉදිකිරීමට පරිකල්පනාව අවශ්‍ය කෙරෙයි. ජේන් ජේකබ්ස් ජේන් ජේකබ්ස් White Horse තැබෑරුමේදී 1961, මෑන්හැට්න්, නිව්යෝක් පුරය ‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ට මැදිහත් වෙමින්, නගර සංවර්ධනයේදී අඩු ආදායම් ලාභී අසල්වැසි ප්‍රජාවන් සම්බන්ධයෙන් ගත යුතු එළඹුම පැහැදිළි කරගනු වස් සහ…
New Left of the JVP should be encouraged to enter public realm by Kumudu Kusum Kumara
New Left of the JVP should be encouraged to enter public realm by Kumudu Kusum Kumara The emergence yet again of a Left group within the Janatha Vimukthi Peramuna (JVP) shows that the strong desire on the part of youth to engage in politics, the desire to appear and shine in the public realm and thus display one’s excellence to the world, cannot be suppressed even under most challenging circumstances. We need to view positively that this group claims that it is interested in, resisting neo-liberalism, promoting socialism and bringing the alienated ethnic minorities, Tamil community in particular, into the…
ජනතා විමුක්ති පෙරමුණේ වාම කණ්ඩායම මහජන තලයේ දේශපාලනයට කැඳවිය යුතුයි
ජනතා විමුක්ති පෙරමුණේ වාම කණ්ඩායම මහජන තලයේ දේශපාලනයට කැඳවිය යුතුයි ජනතා විමුක්ති පෙරමුණ තුළ වාම කණ්ඩායමක් යලිත් මතුව ඒම පෙන්නුම් කරන්නේ, දේශපාලනයෙහි නිරත වීමෙහි ලා තරුණ තරුණියන් තුළ ඇති බලවත් අවශ්‍යතාව, මහජන පරිමණ්ඩලයේ පෙනී සිට, බැබළී තම විශිෂ්ටත්වය ලොවට පෙන්නුම් කිරීමට ඔවුන් තුළ ඇති අවශ්‍යතාව කුමන දුෂ්කර තත්වයන් තුළ පවා යටපත් නොවන බවයි. මෙම වාම කණ්ඩායම ඔවුන් නවලිබරල්වාදය පිළිබඳ විවේචනයක් ගොඩනැංවීම සහ සමාජවාදය පතා කටයුතු කරන බව පැවසීමත් සියලු ජනවර්ගයන්ට සාධාරණත්වය ඉටුවන සේ ලංකාවේ දේශපාලන ව්‍යුහය සකස්විය යුතුයැයි කියා සිටීම ත් අප විසින් සැළකිය යුත්තේ සාධනීය දෙයක් ලෙසිනි. ලාංකේය ජනතාව නව ලිබරල්වාද ප්‍රතික්ෂේපකොට ඇතැයි මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාශනයේ සඳහන්…
2010 මහ මැතිවරණයෙන් පසු: ආර්ථික වර්ධන වැඩ පිළිවෙල සහ පොදු යහපත අතර ගැටුමක්?
2010 මහ මැතිවරණයෙන් පසු: ආර්ථික වර්ධන වැඩ පිළිවෙල සහ පොදු යහපත අතර ගැටුමක්? අප සිටින්නේ මහ මැතිවරණය මුව විටය. බලයේ සිටින ආණ්ඩුව ජනාධිපතිවරණයේදී ඉහළ ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් අනතුරුව මහ මැතිවරණයෙන් පහසු ජයක‍් නොලබනු ඇතැයි සිතීම උගහටය. ජනාධිපතිධුරයේ බලතල සීමා කිරීමට සහ මනාප ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත්, රට සංවර්ධනය කිරීමටත් තමන්ට තුනෙන් දෙකක බලයක් ලබා දෙන ලෙස ආණ්ඩුව ඉල්ලා සිටියි. ප්‍රධාන විපක්ෂය කියා සිටින්නේ ජීවන වියදම අඩු කිරීමට, විරැකියාවට පිළියම් යෙදීමට සහ දිළිඳුකම පිටුදැකීමට තමන් බලයට පත් කරන ලෙසයි. තමන් පත්කරන්නැයි අපේක්ෂකයෝ තම යහ ගුණ – දේශප්‍රේමය, ජනතාවගේ අවශ්‍යතාවන්ට සේවය කිරීම ඉන් ප්‍රධාන ය – ජනතාවට ඉදිරිපත්…
ජාතිකවාදය හුදෙක් සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් ද?
ජාතිකවාදය හුදෙක් සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් ද? “ඔබ සොයන ස්වාමියා ඔබට හමුවීම. (2) දේශපාලනය අන් තැනක” යන මැයෙන් ප‍්‍රභා මනුරත්න සහ බුද්ධික බන්ඩාර “කටු සටහන්’ හි පළ කළ ලිපිය (මුල් ලිපිය මෙහි බලන්න) ලාංකේය සමාජයේ සිංහල ජාතිකවාදය සහ බෞද්ධ ආගමික හැඟීම් වැඩී ඒම පිළිබඳ සාකච්ඡාවට ලක් විය යුතු වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරයි. එයින් ප්‍රමුඛ ලෙස මා දකින කරුණු දෙකකි. ඉන් පළමුවැන්න, ජාතිකවාදය සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් බව ය. දෙවැන්න, “සිංහල ජාතිකවාදී මතවාදය දෙසට සිංහල සමාජය ගමන් කිරීම” සහ “ලාංකීය දේශපාලන සිතියම තුල ප‍්‍රධාන හා විකල්ප දේශපාලන ධාරාවල බෙදුම් රේඛාව මකා දැමීම ද” “ අප ජීවත් වන සමාජයේ ආර්ථික දේශපාලනික හා සමාජ…