1 ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික ආරක්ෂාව සඳහා තමා කෙරෙහි විශ්වාසය තබා තමා තුන් වැනි වරටත් ජනාධිපති කරන ලෙස ජනතාවට කියා සිටියි. නමුත් ඔහු විශ්වාස කිරීම සම්බන්ධයෙන් ගත් කළ අතීත වාර්තාව අපට පෙන්වා දෙන්නේ ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය ඔහු දිගින් දිගටම කඩ කළ බවයි. එක්සත් නොබෙදුණු රටක් තුළ දේශපාලන බලය බෙදීම තම අපේක්ෂාව යැයි උතුරේ දෙමළ ජනතාවගේ අති මහත් බහුතර ඡන්දයෙන් බලයට පත් දේශපාලන නියෝජිතයන් නැවත නැවත අවධාරණය කරද්දීත් ලංකාව දෙකඩ කරන්නට කුමන්ත්‍රණයක් ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහල ජනතාව බිය වැද්දීම දිගටම කරයි. තමනට ඡන්දය දුන් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ කොට පෞද්ගලික වාසි තකා පිල් මාරු කළ මන්ත්‍රීන්…
'kathika' social, cultural and political review
From කුමුදු කුසුම් කුමාර
ජාතික ආරක්ෂක රාජ්‍යයක් ගොඩ නැංවීම නවතාලිය යුතුය – කුමුදු කුසුම් කුමාර
විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ වැඩ පිළිවෙල තුලින් මතුවන ගැටලු දෙකක් කෙටියෙන් මතු කරමින් මෙම ලිපිය අරඹමි. පළමුව, විපක්ෂය විසින් අත්සන් කළ පොදු මහජන න්‍යාය පත්‍ර යේ සඳහන් වන වසර දෙකකට නොඅඩු කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව රාජපක්ෂ රෙජීමය යටතේ පැවතියාක් මෙන් විපක්ෂ දේශපාලනය මර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් නොවන්නේ කෙසේද යන්න පොදු අපේක්ෂක ව්‍යාපාරය විසින් පැහැදිළි කළ යුතුය. ජාතික ඒකාබද්ධතාව ගොඩ නැංවීමේ යහපත් අරමුණ වෙනුවෙන් හෝ වුව දේශපාලනය විසම්මුතිය, විවේචනය සහ විරෝධය යටපත් කිරීම සිදු නොවිය යුතුය. එසේ වුව හොත් එය පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මූලික අරමුණ වන බහු පක්ෂ දේශපාලනය අත්‍යවශ්‍ය අංගයක් වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ අපේක්ෂාවට එරෙහිව…
ආයෙමත් යුද්ධය ඇති වෙයිද? කුමුදු කුසුම් කුමාර
ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග උදා වූ දේශපාලන නිදහසේ අවකාශය ලංකාවේ සමාජයට නව ජීවයක් ගෙන දුන්නා වැනිය. යහපත් වෙනසක් පිළිබඳ බලාපොරොත්තුවෙන් මුලු සමාජයම පිබිදී ඇළලී ගොස් ඇත. හැමතැනම හැමෝගේම දවසේ ප්‍රධාන මාතෘකාව දේශපාලන යයි. පසුගිය දිනවල උණුසුම් කතා බහ වූයේ ‘කවුද අලුතෙන් පැන්නෙ?‘ යන්නයි. නමුත් දැන් වන විට එය දේශපාලනඥයන්ගේ මිල ගණන් වලින් අදහස් වලට ප්‍රතිපත්තිවලට පුරවැසි සාකච්ඡාවට මාරු වී තිබේ. මේ සාමාන්‍ය පුරවැසියා දේශපාලනයට සක්‍රීයව යොමුවන මොහොතයි. ඡන්දදායකයන් විසින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අනාගත ජනාධිපතිවරයා ලෙස බැරෑරුම්ව සළකා බැලීම දැන් ඇරඹී තිබේ. ප්‍රචණ්ඩත්වයෙන් බිය වැදී ගොස් තිබුණු අප සමාජය මත ජාතික නායකයෙක් ලෙසින් මෛත්‍රීපාල සිරිසේන ගේ ආගමනය ඇති…
ජනාධිපතිවරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නව වම – කුමුදු කුසුම් කුමාර විසිනි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන්නේ පවත්නා රජයට පක්ෂවද නැතහොත් විපක්ෂවද යන්න මත මෙරට දේශපාලනයේ මූලික පිල් බෙදීමක් සිදුවෙමින් පවතී. ඉන් කියැවෙන්නේ මෙම මැතිවරණය ලාංකේය දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන බවයි. මෙයට අමතරව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ද විවිධ මත අනුව පිල් බෙදෙමින් පවතී. ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ යෝජනා මුල් කොට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම අරමුණු කොට ගත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් සඳහා එකඟත්වයක් ගොඩ නැඟීමේ ව්‍යාපාරයක් තිබේ. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් පිළිගැන්වීමේ උත්සාහයක් ද ඇත. මේ සියල්ල ප්‍රභූ පැළැන්තියේ පාලනය තට්ටු මාරු ක්‍රමයට පවත්වා ගෙන යාමේ වැඩ…
යළි දේශපාලනික දේ වෙතට: ප්‍රජාතන්ත්‍රවාදී අරගලයම නව ලිබරල්වාදයට එරෙහි සටනක් විය නොහැකි ද ? සුමනසිරි ලියනගේ ට කුමුදු කුසුම් කුමාර ගෙන් පිළිතුරු
සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් කිහිප දෙනෙකුට විද්‍යුත් තැපෑලෙන් යැවූ ලිපිය අප ඔහුගේ අවසරයෙන් ‘කතිකා‘ වෙබ් අඩවියේ පළකිරීමෙන් ඇති වී තිබෙන සාකච්ඡාව යහපත් දෙයක් ලෙස අපි දකිමු. “ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද?” (බලන්න, මෙහි) යන මැයෙන් මා සුමනසිරි ලියනගේ ගේ ලිපියට ලියූ පිළිතුරට යෙදූ සිරස්තලයෙන් මා අදහස් කරන්නේ “සමහර රටවල් අද එවැනි යුගයකට පිවිස ඇති බවත් ශ්‍රී ලංකාව එම ගොඩට දැමීම ප්‍රශ්න කළ හැක්කක් යැයි” යන්න දැයි සුමනසිරි විමසයි (බලන්න මෙහි). එයට කෙටි පිළිතුර “ නැත ” යන්නයි.
ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද? කුමුදු කුසුම් කුමාර
ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද? කුමුදු කුසුම් කුමාර විසිනි සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් ජනාධිපතිවරණයකදී වමේ ස්වාධීන අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාව ගැන ලියූ අදහස් පිළිබඳ ලියමි. මගේ ප්‍රමාදය මෙම සාකච්ඡාවට වමෙන් ප්‍රතිචාරයක් දැක්වෙනු ඇතැයි බලා සිටි හෙයිනි. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කළ එක්සත් ජනතා නිදහස් සංධානයට එරෙහිව ගොඩ නැගෙන ජන පෙළගැස්ම සමග වම නොසිටිය හොත් වම තනි විමට ඇති ඉඩ කඩත් එය වක‍්‍ර ලෙස මහින්ද තන්ත‍්‍රයට ආධාර කිරීමක් ලෙස ජනයා සැළකිමට හැකි කමත් ගැටලුවක් ලෙස දකින වමේ මතය සුමනසිරි ලියනගේ ප්‍රශ්න කරයි. එයට විසඳුමක් ලෙස වම ඉදිරිපත් කරන “වම ස්වාධීන…