ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ – නිර්මාල් රංජිත් දේවසිරි ගුණදාස අමරසේකර විසින් රචිත ‘රූපාන්තරණය නොහොත් සෝමදේවගේ සංක‍්‍රාන්තිය’ නමැති නවකතාව නිකුත් කිරීම නිමිත්තෙන් පැවැති සම්මන්ත‍්‍රණයේ කතාවක් කිරීමට මට ද ආරාධනා කර තිබුණි. මා මගේ කෙටි අදහස් දැක්වීමේ මාතෘකාව ලෙස යෝජනා කළේ ‘ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ’ යන්නයි. ‘ගමනක අග’ යන රූපකය මා භාවිත කලේ ගුණදාස අමරසේකරගේ ‘ගමනක අග‘ යන නවකතාව ආශ‍්‍රයෙනි. ගමනක මුල නවකතාවෙන් ඇරඹෙන ගුණදාස අමරසේකරගේ නවකතා මාලාව අවසන් වන්නේ ‘ගමනක අග’ නව කතාවෙනි. මෙම කතා මාලාව ලංකාවේ මැද පංතියේ කතාන්තරය ලෙස කතුරයා විසින්ම හඳුන්වා දෙනු ලැබ තිබුනත් මගේ අදහස වන්නේ මෙම කතා මාලාව අමරසේකරගේ ද සක‍්‍රීය මැදිහත්වීම…
'kathika' social, cultural and political review
From දේශපාලනය
මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස
මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස – නිර්මාල් රංජිත් දේවසිරි පසුගිය සතිය වනතෙක්ම මම මෙම තීරුලිපිය රචනා කරන ලද්දේ ඉරිදා ලක්බිම පුවත්පතටයි. ඒ අනුව ගියවර රාවය පුවත්පතේ පුවත්පතේ පලවූ කොටස ද නියමිත කාලයට ලක්බිම කර්තෘ මණ්ඩලය වෙත ලැබීමට සැලැස්සුවෙමි. නමුත් නියමිත පරිදි එම තීරුලිපිය අදාල පුවත්පතේ පළවූයේ නැත. මම ඒ සම්බන්ධයෙන් ලක්බිම කර්තෘ මණ්ඩලයෙන් විමසීමක් කළවිට ඔවුන්ගෙන් ඉදිරිපත්වූ කරුණු දැක්වීමෙන් මට හැඟී ගියේ එය පළ නොවීමට හේතුව එහි අඩංගුව බවය. විශේෂයෙන්ම පුවත්පතේ හිමිකාරිත්වයේ අභිලාෂ සහ මගේ ලිපියේ අඩංගුව අතර පරස්පරයක් ඇතිබව කර්තෘ මණ්ඩලය තීරණය කිරීම මගේ ලිපිය පළනොවීමට බලපෑ බව මට වැටහිණි. මගේ අදහස වන්නේ මේ…
‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ
ඉරිදා ලක්බිම සංග්‍රහය පුවත්පතට මා සතිපතා ලියන තීරුලිපිය මේ සතියේ ද නියමිත වේලාවට පුවත්පතට ලැබෙන්නට සැලැස්වූ නමුත් එය මෙවර පලකෙරී නැත. ඒ පිළිබඳව මට දැනුම් දීමක් පවා සිදු නොවීය. කෙසේ වෙතත් එම ලිපිය මා යැවූ ආකාරයෙන්ම පළ කෙරෙන තුරු මා නැවත මෙම තීරුලිපිය ලක්බිම පුවත්පතට සැපයීමට බලාපොරොත්තු නොවන බව සඳහන් කරමි. – නිර්මාල් රංජිත් දේවසිරි පහත පළවන්නේ ඉරිදා ලක්බිම සංග්‍රහය පළ නොකළ එම ලිපියයි. ‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ – නිර්මාල් රංජිත් දේවසිරි ‘ගෝඨාගේ යුද්ධය’ ට (මේ නාමකරණය මගේ නොව ‘Gota’s War’ මෙන්ම ‘කොළපාට සමාජය’ද ලියූ සී.ඒ. චන්ද්‍රපේ‍්‍රමගේය.) පසුව ‘ගෝඨාගේ ලංකාව’ (අපි ඉංග‍්‍රීසියෙන් ‘Gota’s Lanka’ යයි කියමු. මේ නාමකරණය මගේ…
භික්ෂුන් දේශපාලනයට පැමිනීම වැලැක්වීමේ පනත
භික්ෂුන් දේශපාලනයට පැමිනීම වැලැක්වීමේ පනත – නිර්මාල් රංජිත් දේවසිරි විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙන ඒමට සැලසුම් කරනු ලැබ ඇති භික්ෂූන් දේශපාලනයට ඒම වැලැක්වීම ඉලක්ක කරගත් පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකඟ ද, විරුද්ධ ද යන ගැටලූව දැන් පැන නැඟී තිබේ. බැලූ බැල්මටම පෙනෙන්නේ නම් එය කොහොමටත් ව්‍යවස්ථාවේ තිබෙන සමානව සැලකීමේ මූලධර්මය උල්ලංඝනය කරන්නක් බවයි. කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ මහතා එම තර්කයට එරෙහිව හොඳ ප‍්‍රති තර්කයක් ඉදිරිපත් කරයි. ඔහුගේ තර්කය රඳා පවතින්නේ මේ සම්බන්ධව පූර්වාදර්ශ ලෙස ගත හැකි නඩු තීන්දු කීපයක් මතය. භික්ෂූන්ට නීතිඥ කබාය පැලඳීමට නොහැකි බවට සහ රියැදුරු බලපත් නිකුත් කරනු ලැබිය නොහැකි බවට දෙනු ලැබූ නඩු තීන්දු ඒ අතර…
ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති
ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති – නිර්මාල් රංජිත් දේවසිරි සිය ඇහිබැම ඉවත්කර පාසැලට පැමිණි ශිෂ්‍යාවකට විරුද්ධව විනයානුකූලව කි‍්‍රයාකල ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ශිෂ්‍යාවගේ පියා විසින් පහරදෙනු ලැබීම පිළිබඳව මේ වනවිට සමාජය තුළ සාකච්ඡාවක් පවතී. පොදුවේ දක්නට ලැබෙන බව පෙනෙන්නේ විදුහල්පතිවරයාට පහර දුන් පියාට විරුද්ධ ආකල්පයකි. කොස් වෙතත් මගේ ප‍්‍රශ්නය වන්නේ විදුහල්පතිවරයාගේ ක‍්‍රියාව ගැන සාකච්ඡාවක් අවශ්‍ය නැති ද යන්නයි. විදුහල්පතිවරයාට පහරදෙනු ලැබීම කීප ආකාරයකින්ම වරදක් බව පැහැදිළිය. තමන්ගේ ආත්මාරක්ෂාවට නොවැලැක්විය හැකි තත්වයක් යටතේ විනා අන් අයෙකුට ශාරීරිකව හිංසා කිරීම කොහොමත් වැරදි ක‍්‍රියාවකි. එසේම තම දරුවා ශික්ෂණය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් භාරදී ඇති ආයතනයේ ප‍්‍රධානියාට එම ශික්ෂණ කාර්යයේ ම කොටසක් ලෙස…
‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි
‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි කුමුදු කුසුම් කුමාර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීම සඳහා තමන් නීති උපදෙස් පතා ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ප්‍රකාශ කොට තිබේ. එයට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ එම බලමණ්ඩලය නීති විරෝධී කටයුතු වල යෙදෙන බවයි. නමුත් එම නීති විරෝධී කටයුතු මොනවාදැයි අමාත්‍යංශය පෙන්වා දී නැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය කොමිසමේ අවසර නොමැතිව ‘විශ්ව විද්‍යාල‘ යන පදය තම නමට යොදාගැනීම නීති විරෝධී බව බවයි. ඔහු තව දුර පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය හුදු ශිෂ්‍යයන්ට අදාළ කටයුතු…