අමරසේකරගේ ‘ගමනක මුල’ඈඳුණේ කොහාටද? සේවා සම්මත මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සාහිත්‍යවේදි ගුණදාස අමරසේකරගේ ගමනක මුල කෘතියෙන් ඇරුඹි නවකතා මාලාව පිළිබඳ විචාර සම්මන්ත්‍රණයක් පසුගිය දෙවැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැතිණි. ඉතිහාස අධ්‍යයන අංශය සංවිධානය කළ මෙම සංවාද සභාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවා සම්මත මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස, ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා ගෙවිඳු කුමාරතුංග අදහස් දක්වන ලදී.එහිදී ඔවුන් දැක්වූ අදහස් වඩා පුළුල් පාඨක ප්‍රජාවක් වෙත ගෙන යාමේ අරමුණින් මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාසගේ අදහස් දැක්වීමෙන් ආරම්භ කොට අප මෙලෙස පළ කරන්නෙමු. ජීවන සුවඳ,රතු රෝස මල,භාව ගීත යන ගුණදාස අමරසේකරගේ මුල් කාලීන සාහිත්‍ය කෘති රසවිඳින විට මා සරසවි ප්‍රවේශයට සූදානම් වන සිසුවෙකි. තරුණ අප සිත්තුළ ඔහු කෙරෙහි…
'kathika' social, cultural and political review
From දේශපාලනය
සොක්‍රටීස් පාලක පෙළන්තියේ අධිපතිවාදය ප්‍රශ්න කිරීම සහ ඔහුගේ මරණය
‘ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….‘ යන මැයෙන් අභාවප්‍රාප්ත හේමරත්න ලියනආරච්චි ලියූ ලිපියක් (බලන්න, ‘ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….‘ ) පිළිබඳ මහාචාර්ය ඒ. එම්. නවරත්න බණ්ඩාර පහත අදහස් දැක්වීම මෑතදී කළේය. ” ප්ලෙටො සිය ඇපලොජියේ එක තැනක ලියනවා තමන් සොක්‍රටීස්ව ඔහුගේ මරණයට දින කීපයකට පෙර මුණ ගැසුනුවිට “සිදුවූ වරද කුමක් දැයි” ප්‍රශ්ණ කළ බව. එවිට ඔහුගෙන් ලැබුන පිළිතුර වුයේ “කෙලින්ම කිව යුතූ දේ කීම” බව. මෙය මම හඳුන්වන්නේ පාලක පෙළන්තියේ අධිපතිවාදය ප්‍රශ්න කිරීමේ සොක්රටිසියන් ක්‍රමය වශයෙන්. මෙම සොක්රටිසියන් ක්‍රමය මේ අප ජීවත් වන යුගයේ පවතින අධිපතිවදයන් ප්‍රශ්ණ කිරීමේ ක්‍රමය විය යුතු බව යනුවෙන් එදා ජෝජ් බුස්ගේ යුදවාදී පාලක මතවාදය ප්‍රශ්න කරමින් පොතක් ලීව්…
ගෝලීයකරණයේ දේශපාලනය – ලින් ඔකර්ස්
Politics of Globalization, Edited by; Samir Dasgupta and Jan Nederveen Pieterse, SAGE Publications (India) වත්මන් නිදහස් ව්‍යවසාය මඟින් මෙහෙයවනු ලබන ලෝක ආර්ථික පර්යායට ආවේණික වූ අස්ථාවර ස්වභාවය දැන් බිය උපදවන සුලු වේගයකින් අප වෙත ළඟා වෙමින් පවතී. මෙම සත්‍යය ඔප්පු කිරීම සඳහා වර්තමාන ලෝක ආර්ථික අර්බුදයට වඩා හොඳ සාක්ෂියක් තවත් නැත; මෙම අර්බුදය ‘ස්වර්ගයට යටින්…
ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම
ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය දින සියය සපුරද්දී නිමාවට පත් වීය. තම ඉල්ලීම් පිළිබඳ රජයෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳ සෑහීමකට පත් නොවන බව ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියාය. මෙම ප්‍රශ්නය විශ්ව විද්‍යාල ආචාර්යවරුනට හෝ රජයට ජයක් හෝ පරාජයක් නොමැතිව රටටත් ජනතාවටත් ජයග්‍රහණය හිමිවන ආකාරයට විසඳීමට තමන් සමත් වූ බව එහිලා මැදිහත්කරු ලෙසින් ක්‍රියාකළ ඇමති බැසිල් රාජපක්ෂ පසුව ප්‍රකාශ කොට තිබුණි. එයින් කියැවෙන්නේ ආරම්භයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පිරිනැමූ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ මෙය බවද? තම අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ අනුමතිය සහිතව ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡාවට බට මුදල් අමාත්‍යංශ…
ජනාධිපතික්‍රමය, නව ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය
ජනාධිපතික්‍රමය, නව ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය කුමුදු කුසුම් කුමාර ලංකාවේ ජනාධිපති පත්වන්නේ මහජන ඡන්දයෙනි. ජනපතිවරණයට එක් දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු ලෙස තරඟ කළද පදවි ප්‍රාප්ත වූ පසු ජනාධිපතිවරයා රටේ සමස්ත ජනතාවගේ ජනාධිපති ලෙස ඔවුනට සේවය කළ යුතු වෙයි. එහෙයින් රජය සැදුම් ගන්නා දේශපාලන සංවිධානවලට පිටස්තර වුවද රටේ විවිධ ජන කොටස් වෙතින් රජයට ඉල්ලීම් කෙරෙන විට ජනාධිපතිවරයා ඒවා තමන්ට පසමිතුරු ලෙස සළකා මර්ධනය කිරීමට යොමුවීම ජනාධිපති තනතුර හෑල්ලුවට ලක් කරයි. අවාසනාවට මෙන් ජනාධිපති තනතුර පිහිටුවූ ආරම්භක සමයේ සිටම මෙරට ජනාධිපතිවරුන් ක්‍රියාකොට ඇත්තේ මෙබඳු ආකල්පයකිනි. මා දකින පරිදි මීට හේතුව වන්නේ තම සිතැඟි පරිදි රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීමේ තනි අයිතිය තමා සතුයැයි ජනාධිපතිවරුන් තීරණය…
රාජපක්ෂ රෙජීමයේ ‘අභිමානය සහ අගතිය‘
රාජපක්ෂ රෙජීමයේ ‘අභිමානය සහ අගතිය‘ කුමුදු කුසුම් කුමාර විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ස්වෙච්ඡා බේරුම්කරණයට යොමුකිරීම ට රජය කටයුතු කොට ඇත. තමන් ඉදිරිපත් කොට ඇති අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල ගැටලු මේ ආකාර ක‍්‍රියාවලියකින් විසඳීමට නොහැකි බැවින් බේරුම්කරණ ක්‍රියාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීමට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කොට ඇත. එම විරෝධය තිබියදීත් රජය එම ක්‍රියාමාර්ගයේම ඉදිරියට යන්නේ නම් මී ළඟ පියවර වන්නේ රජයේ කැමැත්තට නියෝජිතයෙකු පත් කොට අනිවාර්ය බේරුම්කරණ ක්‍රියාවලියට පිවිසීමයි. එවිට වර්ජනය නවත්වා සේවයට වාර්තා කිරීමට වර්ජකයන්ට සිදුවන අතර බේරුම්කරු නියම කරන කාලයකට යලි වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසීම ඔවුනට තහනම් වෙයි. එපමණක් නොව බේරුම්කරුගේ තීන්දුව එලෙසින්ම පිළිගැනීමටද ඔවුනට සිදුවෙයි. අනිවාර්ය බේරුම්කරණය බේරුම්කරණ…
