From දේශපාලනය

‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි

‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි කුමුදු කුසුම් කුමාර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීම සඳහා තමන් නීති උපදෙස් පතා ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ප්‍රකාශ කොට තිබේ. එයට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ එම බලමණ්ඩලය නීති විරෝධී කටයුතු වල යෙදෙන බවයි. නමුත් එම නීති විරෝධී කටයුතු මොනවාදැයි අමාත්‍යංශය පෙන්වා දී නැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය කොමිසමේ අවසර නොමැතිව ‘විශ්ව විද්‍යාල‘ යන පදය තම නමට යොදාගැනීම නීති විරෝධී බව බවයි. ඔහු තව දුර පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය හුදු ශිෂ්‍යයන්ට අදාළ කටයුතු…

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම – නිර්මාල් රංජිත් දේවසිරි 1994 අගෝස්තු මාසයේ ඉතාම තීරණාත්මක මහා මැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය දියත් වෙමින් පැවැතියදී TNL රූපවාහිනිය ප‍්‍රධාන මැතිවරණ කඳවුරු දෙකේ ප‍්‍රකාශකයින් සහභාගී කරවාගෙන රූපවාහිනී විවාද මාලාවක් පැවැත්වී ය. එයින් එකක් පැවැතියේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු වූ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා හා පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රබලයකු වූ අමරසිරි දොඩංගොඩ අතරය. එවකට එජාප ආණ්ඩුවට විරුද්ධ විපක්ෂ කතිකාවේ ප‍්‍රධාන පෙළඹුම් පදය (catch word) වූ ‘‘දාහත් වසරක ශාපයේ’’ ප‍්‍රධාන අංගයක් ලෙස දොඩංගොඩ මහතා හඳුනාගත්තේ දේශීය නිෂ්පාදන භාවිත කිරීම වෙනුවට බටහිරින් එන භාණ්ඩ පරිහරණය කිරීමේ…

බන්දුල ගුණවර්ධනගේ සාධාරණ අධ්‍යාපනය

බන්දුල ගුණවර්ධනගේ සාධාරණ අධ්‍යාපනය – නිර්මාල් රංජිත් දේවසිරි අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන විසින් ජාතික පාසැල් වල සිසු සිසුවියන්ට උසස් පෙළ සඳහා වෙනත් ජාතික පාසැලකට යාම අවහිර කිරීම සඳහා ගනුලැබූ පියවර පසුගිය දිනවල බෙහෙවින් ජන අප‍්‍රසාදයට පාත‍්‍ර විය. මේ පියවර ඒ මහතා විසින් හඳුන්වා දෙනු ලැබූවක් නොවන බවටත් දැනටමත් ඊට අදාල චක‍්‍රලේඛ පවතින බවටත් ගුණවර්ධන මහතා කරන ප‍්‍රකාශය සත්‍යයක් බවට සැකයක් නැත. නමුත් එම චක‍්‍රලේඛ නිසිලෙස ක‍්‍රියාත්මක වී නැති බව පැහැදිළිව පෙනේ. මේ නිසා මේ ගැටලූව දෙස ගුණවර්ධන මහතාට බැට දීමෙන් ඔබ්බට ගොස් සාකච්ඡුා කළ යුතුබව මගේ අදහසයි. බන්දුල ගුණවර්ධන මහතාගේ තර්කය වන්නේ එක් ජාතික පාසැලකින් තවත් ජාතික පාසැලකට උසස් පෙළ…

ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමෙන්ම පාලක රෙජීමය ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් නොවේ

ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමෙන්ම පාලක රෙජීමය ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් නොවේ – කුමුදු කුසුම් කුමාර දේශපාලන චින්තිකා හනා ආරන්ඩ්ට් ‘සමාවදීම‘ සහ ‘පොරොන්දුවීම‘ දේශපාලනයේ අත්‍යවශ්‍ය චිත්ත ශක්තීන් ලෙස සළකා කළ විග්‍රහය පිළිබඳ පවත්නා සාකච්ඡාවන්ට හැරීමෙන් අපට මේ පිළිබඳ අදහසක් සම්පාදනය කර ගත හැකිය. සමාව දීම ක්‍රියාවේ (action) සහ නිදහසේ ප්‍රධානම සාධකය යැයි හනා ආරන්ඩ්ට් ප්‍රකාශ කළාය. ඇය තර්ක කළ පරිදි මානව ක්‍රියාවන් හි ප්‍රථිඵල කලින් කියනොහැකි මෙන්ම එම ක්‍රියා නැවත හැරවිය නොහැකිද වන හෙයින් ක්‍රියාවේ නැතහොත් දේශපාලනයේ නිරත වන්නට නම් ක්‍රියාවටම අයිති චිත්ත ශක්තීන් දෙකක් වන සමාවදීම සහ පොරොන්දුවීම මත රඳාපවතින්නට මානවයාට සිදුවෙයි. “පොරොන්දු ඉටුකිරීමට බැඳෙනු ලැබීමෙන් තොරව, අපට කවරදාකවත් අපගේ අනන්‍යතාවන්…

සිංහබාහු, සංස්‌කෘතික ප්‍රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය

සිංහබාහු, සංස්‌කෘතික ප්‍රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය – මහාචාර්ය ගාමිණී කීරවැල්ල මා සිංහබාහු නාටකය මුලින්ම නැරඹූයේ පේරාදෙණිය සරසවියේ නවක සිසුවකු ලෙස 1968 දීය. ඉන්පසුව දිවයිනේ නොසිටි කාලපරිච්ඡේද හැර වසරකට හෝ දෙවරකට වරක්‌වත් නැවත නැවත මා සිංහබාහු නාටකය පේරාදෙණිය සරසවියේ එළිමහන් රඟහලේදී නරඹා ඇත. එම ඉතිහාසය දෙස නැවත හැරී බලා නූතන ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික – දේශපාලන වපසරියේ දැවැන්තයකු වූ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ඓතිහාසික භූමිකාව පිළිබඳ කෙරෙන සංකථනයට එකතුවක්‌ කිරීමට දරන ප්‍රයත්නයකි, මෙය. ප්‍රථම වරට මා සිංහබාහු නාටකය නැරඹූ කාලය වූකලී ඒ සරච්චන්ද්‍රයන්ගේ කීර්ති කදම්භය සරසවි බිම සිසාරා දිදුළමින් පැවති අවධියයි. ඒ වන විට එදිරිවීර සරච්චන්ද්‍රයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා විය. ඔහු…

විශ්වවිද්‍යාල තුළ අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය

විශ්වවිද්‍යාල තුළ අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය – නිර්මාල් රංජිත් දේවසිරි පසුගිය දිනෙක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කරතිබූ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි මාධ්‍යවේදීන්ට කොළඹ විශ්වවිද්‍යාල භූමිය තුළට ඇතුල් වීමට ඉඩනොදීම නිසා ඇතිවූ තත්වය පිළිබඳව ඇතැම් මාධ්‍යවල වාර්තා වී තිබුණි. මෙය අලූත් තත්වයක් නොවේ. පසුගිය වසරේද කොළඹ විශ්වවිද්‍යාලය තුළ මෙවැනිම තත්වයක් ඇතිවිය. මෙම අවස්ථා දෙකේදීම මේ සිදුවීමට අදාලව විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පාර්ශවයෙන් සෘජුව ගනුදෙනු කළ පුද්ගලයා ලෙස මේ සිදුවීමෙන් මතුවල වැදගත් ගැටලූ කීපයක් සම්බන්ධව සාකච්ඡාකිරීම උචිත යයි සිතමි. බැලූ බැල්මටම පැහැදිළි වන්නාවූ දෙයක් නම් මෙම සිදුවීම අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධව බරලතල ගැටලූවක් මතුකරන බවයි. එය සාමාන්‍ය තතත්වයට වඩා බරපතල…