From දේශපාලනය

දෙමළාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සිංහල-බෞද්ධයාගේ නාසිස්සම වින්දනය

දෙමළාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සිංහල-බෞද්ධයාගේ නාසිස්සම වින්දනය – නිර්මාල් රංජිත් දේවසිරි නාසිස්සස් යනු ග‍්‍රීක මිත්‍යා සම්ප‍්‍රදායේ එන චරිතයකි. ඔහු අතිශයින් රූමත් ශරීරයක් ඇත්තෙකු ලෙස ප‍්‍රකටය. දිය පොකුණක සිය රූපයේ පිළිබිඹුව දැකීම නිසා ඔහු සිය ශරීරයට දැඩි ලෙස ආශා කිරීමට පටන් ගත්තේය. මෙහි ප‍්‍රතිඵලය ලෙසම ඔහු තමා වෙත මරණය ද කැඳවා ගත්තේය. නූතන මනෝ විශ්ලේශනයේ පුරෝගාමියා ලෙස සැලකෙන සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් නාසිස්සස් කුමාරයා පිළිබඳ මෙම කතාව ආශ‍්‍රය කරගෙන පුද්ගලයාගේ අනන්‍යතාවය නිර්මාණය වීමේ එක් අවස්ථාවක් ඔහුගේ නමින් නම් කලේය. මෙයින් කියැවෙන්නේ තමාගේ ආශාවේ වස්තුව තමාම බවට පත්වීම පුද්ගල අනන්‍යතාවයේ එක් අංගයක් බවයි. කෙසේ වෙතත් මෙම නැඹුරුවේ අන්තය වන්නේ බාහිර වස්තුව සහ තමා අතර ඇති…

අතුරුදහන්වීම් හා ආණ්ඩුවේ පැස්බර න්‍යාය

අතුරුදහන්වීම් හා ආණ්ඩුවේ පැස්බර න්‍යාය – නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රෙමකුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල අතුරුදහන් වීම හා ඔවුන් නැවත හමුවීම සම්බන්ධ සිදුවීම් දාමය ජනමාධ්‍ය තුළ වාර්තා වූ ආකාරය ඉතාම සිත්ගන්නා සුළුය. බොහෝ දෙනෙක් උත්සුක වී තිබුනේ මෙම සිදුවීම් දාමය අතුරුදහන් වීමට ලක් වූ දෙදෙනා අයත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේම සැලසුමක් බව ඇඟවීමටයි. බැසිල් රාජපක්ෂ මහතා උපහාසයෙන් යුතුව ප‍්‍රකාශ කලේ මේ සමස්ත සිදුවීම් දාමයෙන්ම වාසි ලැබුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම බවයි. ඒමගින් ඔහු ඇඟවූයේ මෙය එම පක්ෂයේම සැලසුමක් බවයි. බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප‍්‍රකාශ කරන විට ධම්ම දිසානායක මහතා ඔහු පසුපසින් සිට එවැනිම උපහාසයකින් හා රාජපක්ෂ මහතාගේ ප‍්‍රකාශය අනුමත කරන ආකාරයෙන් ද…

ආගමික සහජීවනය දඹුල්ලේදී පරීක්ෂාවට ලක්වීම

ආගමික සහජීවනය දඹුල්ලේදී පරීක්ෂාවට ලක්වීම – නිර්මාල් රංජිත් දේවසිරි බොරලැස්ගමුවේ පිහිටි සුප‍්‍රසිද්ධ පිල්ලෑව පූජා ස්ථානය ඉදිරිපිට හොරණ පාරේ පිහිටුවා ඇති විශාල දැන්වීම් පුවරුවක අපූරු පාඨයක් දක්නට තිබේ. ඒ මෙසේය: ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර ශ‍්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් වේවා’’. බැලූ බැල්මට ම මෙම ප‍්‍රකාශයේ එන සංඝඨක දෙක එකිනෙකට පරස්පර වේ. කෙසේ වෙතත් එය පරස්පර නොවන ප‍්‍රකාශයක් ලෙස කියවීමටද හැකියාව තිබේ. එක් ආකාරයක් නම් ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර’’ යන්න නිෂේධාත්මක ප‍්‍රකාශයක් ලෙස ගැනීමෙනි. ඒ හරියට ‘‘අපරාධ වලින් පිරි ලංකාව අපරාධ වලින් තොර දේශයක් වේවා’’ යන ප‍්‍රකාශයේ ‘‘අපරාධ වලින් පිරි ලංකාව’’ මෙනි. එසේ වුව ද මෙම ප‍්‍රකාශයේ ‘‘සියලූ ජාති…

යුද්ධය හෝ බෝම්බ පිපිරවීම නතරවීමෙන් පමණක්ම සාමය උදා නොවේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලියා දන්වන වග නම් යුද්ධය හෝ බෝම්බ පිපිරවීම නතරවීමෙන් පමණක්ම සාමය උදා නොවේ පුරවැසි කුමුදු කුසුම් කුමාර තිස් වසරක යුද්ධය අවසන් වීමත් සමග සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රාර්ථනාව වී තිබී ඇත්තේ රටේ සාමය සහ ස්ථායීභාවය යි. යුද්ධය අවසන්වීමෙන් හෝ බෝම්බ පිපිරීම නතරවීමෙන් පමණක් ම සාමය උදා නොවේ. සාමය සඳහා යුක්තිය ඉටු විය යුතුය. යුක්තිය යන්න අරුත් ගැන්විය හැකි එක් ආකාරයක් නම්, සාධාරණ අපේක්ෂාවන් ඉෂ්ඨ වීම නිසා කෙනෙකු තුළ ඇතිවන සෑහීමට පත්වීමයි. නමුත්, යුද්ධය අවසන් වී අවුරුදු තුනක් ඉක්ම ගොස් ඇති අදත් රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම තර්ජනයට පත්ව ඇතැයි මාධ්‍ය වලින් ප්‍රකාශයට…

රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි

රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි කුමුදු කුසුම් කුමාර පෙරටුගාමී සමාජවාදී පක්ෂය උතුරු නැගෙනහිර දෙමළ ජනයා සමග දේශපාලනය කරන්නට එළඹීම නිසා ගෝඨාභය රාජපක්ෂ එහි බලවත් වීම දකිනු ඇත්තේ ත්‍රස්තවාදය යළි හිස එසවීමට අවස්ථාවක් නිර්මාණය කිරීමක් ලෙසින් විය හැකිය. ඔහු දකින පරිදි දේශප්‍රේමීන් මේ බව වටහා ගෙන කටයුතු කරන ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවලට තම කටයුතු නිසි ලෙස ඉටු කිරීමට ඉඩ දිය යුතුය. එමෙන්ම සමාජවාදය තේමාව කරගත් පක්ෂයක් යලිත් ලංකාවේ බලවත් වීම තමන් ප්‍රිය කරන ධනේශ්වර මොඩලයේ දියුණුවක් කරා ලංකාව ගෙන යාමට බාධාවක් වනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ විශ්වාස කරනවා විය හැකිය. දේශප්‍රේමීන් එබඳු සමාජවාදී වැඩ පිළිවෙළකට සහයෝගය නොදිය යුතු යැයි…

ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස්‌ දැරූ පමණින් කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි – අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය

ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස්‌ දැරූ පමණින් කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි – අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය “ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස්‌ දැරූ පමණට කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධය. මිනිස්‌ උත්තරීතරත්වය කෙලෙසීමකි. එය සෑම ආගමික චින්තනයකටම විරුද්ධ වේ. රටේ පොදු නීතියට විරුද්ධව යමෙකු කටයුතු කර ඇත්නම් ඔහුට හෝ ඇයට පොලිසිය හෝ උසාවිය මාර්ගයෙන් දඬුවම් ලබාදීමට සැලැස්‌වීම විනා වෙනත් විකල්ප සාධාරණීය කරණය කිරීම වරදකි. මෙය භයානක තත්ත්වයකි.“ යැයි අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය ප්‍රවෘත්ති නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කරමින් කියා සිටී. එහි මෙසේද සඳහන් වේ. ශ්‍රී ලංකාව තුළ 1970 දශකයේ සිට විවිධ රජයන් හා දේශපාලන පක්‍ෂ මෙන්ම අන්තවාදී ආයුධ හරඹවල යෙදුණු කණ්‌ඩායම් ද තමන්ගේ…