ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලියා දන්වන වග නම් යුද්ධය හෝ බෝම්බ පිපිරවීම නතරවීමෙන් පමණක්ම සාමය උදා නොවේ පුරවැසි කුමුදු කුසුම් කුමාර තිස් වසරක යුද්ධය අවසන් වීමත් සමග සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රාර්ථනාව වී තිබී ඇත්තේ රටේ සාමය සහ ස්ථායීභාවය යි. යුද්ධය අවසන්වීමෙන් හෝ බෝම්බ පිපිරීම නතරවීමෙන් පමණක් ම සාමය උදා නොවේ. සාමය සඳහා යුක්තිය ඉටු විය යුතුය. යුක්තිය යන්න අරුත් ගැන්විය හැකි එක් ආකාරයක් නම්, සාධාරණ අපේක්ෂාවන් ඉෂ්ඨ වීම නිසා කෙනෙකු තුළ ඇතිවන සෑහීමට පත්වීමයි. නමුත්, යුද්ධය අවසන් වී අවුරුදු තුනක් ඉක්ම ගොස් ඇති අදත් රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම තර්ජනයට පත්ව ඇතැයි මාධ්‍ය වලින් ප්‍රකාශයට…
'kathika' social, cultural and political review
From දේශපාලනය
රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි
රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි කුමුදු කුසුම් කුමාර පෙරටුගාමී සමාජවාදී පක්ෂය උතුරු නැගෙනහිර දෙමළ ජනයා සමග දේශපාලනය කරන්නට එළඹීම නිසා ගෝඨාභය රාජපක්ෂ එහි බලවත් වීම දකිනු ඇත්තේ ත්‍රස්තවාදය යළි හිස එසවීමට අවස්ථාවක් නිර්මාණය කිරීමක් ලෙසින් විය හැකිය. ඔහු දකින පරිදි දේශප්‍රේමීන් මේ බව වටහා ගෙන කටයුතු කරන ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවලට තම කටයුතු නිසි ලෙස ඉටු කිරීමට ඉඩ දිය යුතුය. එමෙන්ම සමාජවාදය තේමාව කරගත් පක්ෂයක් යලිත් ලංකාවේ බලවත් වීම තමන් ප්‍රිය කරන ධනේශ්වර මොඩලයේ දියුණුවක් කරා ලංකාව ගෙන යාමට බාධාවක් වනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ විශ්වාස කරනවා විය හැකිය. දේශප්‍රේමීන් එබඳු සමාජවාදී වැඩ පිළිවෙළකට සහයෝගය නොදිය යුතු යැයි…
ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දැරූ පමණින් කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි – අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය
ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දැරූ පමණින් කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි – අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය “ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දැරූ පමණට කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධය. මිනිස් උත්තරීතරත්වය කෙලෙසීමකි. එය සෑම ආගමික චින්තනයකටම විරුද්ධ වේ. රටේ පොදු නීතියට විරුද්ධව යමෙකු කටයුතු කර ඇත්නම් ඔහුට හෝ ඇයට පොලිසිය හෝ උසාවිය මාර්ගයෙන් දඬුවම් ලබාදීමට සැලැස්‌වීම විනා වෙනත් විකල්ප සාධාරණීය කරණය කිරීම වරදකි. මෙය භයානක තත්ත්වයකි.“ යැයි අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය ප්‍රවෘත්ති නිවේදනයක් ප්‍රකාශයට පත්කරමින් කියා සිටී. එහි මෙසේද සඳහන් වේ. ශ්‍රී ලංකාව තුළ 1970 දශකයේ සිට විවිධ රජයන් හා දේශපාලන පක්‍ෂ මෙන්ම අන්තවාදී ආයුධ හරඹවල යෙදුණු කණ්‌ඩායම් ද තමන්ගේ…
රටේ සිදුවන දේවල් ගැන ලාංකිකයකු වශයෙන් ලැජ්ජා වෙනවා – රත්නසිරි වික්‍රමනායක
රටේ සිදුවන දේවල් ගැන ලාංකිකයකු වශයෙන් ලැජ්ජා වෙනවා – රත්නසිරි වික්‍රමනායක වර්තමානය වන විට රට තුළ සිදුවෙමින් පවතින පැහැරගැනීම් වැනි අනීතික ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකු වශයෙන් ලැජ්ජාවට පත්වන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඊයේ (11) ඉංගිරියේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය: “මිනිසෙකුට නිදහසේ පාරේ යන්න බැහැ පැහැර ගෙන යනවා. ධාර්මිෂ්ට රටක, නිදහස් රටක, ප්‍රජාතන්ත්‍රවාදී රටක එවැනි දේ සිදු නොවිය යුතුයි. කවුරු කරනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් රජයේ වගකීමක් තිබෙනවා ඒ කරන අය නීතිය ඉදිරියට ගෙනැල්ලට ඔවුන්ට දඩුවම් දෙන එක. අපි පාරේ යන කොට කවුරු හරි ඇවිල්ලා උස්සන් යනව නම් මොකක්ද අපට තියෙන…
මේ අතුරුදහන් කිරීම් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ! – විද්වත්තු කියති
මේ අතුරුදහන් කිරීම් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ! – විද්වත්තු කියති සමාජවාදී පෙරටුගාමී පක්ෂයේ නායකත්වයට යෝජනා වී සිටින ප්‍රේම්කුමාර් ගුණරත්නම් සහ එම පක්ෂයේ ජාත්‍යන්තර සහ කාන්තා කටයුතු ලේකම්වරිය වන දිමුතු ආටිගල යන දේශපාලන ක්‍රියාකාරීන් පැහැරගැනීමට ලක්වීම තරයේ හෙළා දකින බවත්, එය දේශපාලනය කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට එල්ල වී ඇති අහියෝගයක් ලෙස තමන් භාරගන්නා බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් , මාධ්‍ය සහ දේශපාලන ක්‍රියාකාරිකයින් ගණනාවක්ම අද(8) කොළඹ දී මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය. පාතාල නායකයින් පැහැරගනිමින් ද, ඔවුන් මරා දමමින් ද ඇරඹුණු මෙම පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් ප්‍රවණතාව අද ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතු වල නියැලෙන දේශපාලන ක්‍රියාකාරීන් පැහැරගැනීම දක්වා වර්ධනය වීම සාමාන්‍ය තත්වයක් සේ නොගත…
සිදුවීමට ඉඩ ඇතැයි අප බියපත් වූ දෙය දැන් සිදු වී තිබේ
සිදුවීමට ඉඩ ඇතැයි අප බියපත් වූ දෙය දැන් සිදු වී තිබේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රසිද්ධ පක්ෂ සම්මේලනයක් පවත්වා මහජන තලයේ දේශපාලනයට නිල වශයෙන් පිවිසීමට දින දෙකකට පෙර එම පක්ෂයේ නායකයන් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම පශ්චාත් යුද ලංකාවේ සාමකාමී සහ ස්ථායී දේශපාලන සහ සමාජීය පසුබිමක් ගොඩ නඟාගැනීමට ලාංකේය ජනයා තුළ ඇති අභිලාෂයට බලවත් පහරකි. අලුතින් දේශපාලන පක්ෂ සහ සංවිධාන බිහිවීම අප සමාජයේ දේශපාලන සාකච්ඡාව පුළුල් සහ ගැඹුරු කරන්නට හේතු විය හැකිය. දකුණේ හෝ උතුරේ වුව ජනයාට, විශේෂයෙන් තරුණ ජනයාට විවෘත දේශපාලනයේ යෙදීමට අවකාශය සකසා දීමෙන් දේශපාලන අභිලාෂයන් පාතාලභූමි ගත වීම වළක්වා අප සමාජය යහපත් එකක් බවට පත්…