උත්කෘෂ්ඨම දේශපාලන ගැටළුව සදාචාරමය මිස සංවිධානමය නොවන්නේය. – ෂේඩියාඩ්‍රෑරි, The Political Ideas of Leo – Strauss ‘රාවය’ තම සංවත්සරය වෙනුවෙන් ‘සියලු දෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ආදරණීය ශ‍්‍රී ලංකාවක් ඇති කර ගන්නේ කෙසේ ද?’ යනුවෙන් ප්‍රශ්නයක් නැඟීමෙන් මතු කරන ප්‍රධාන කරුණු දෙකක් මම දකිමි. ඉන් පළමුවැන්න නම්, වත්මන් ලංකාව එබඳු රටක් නොවන බව අප පොදුවේ…
'kathika' social, cultural and political review
Tagged කුමුදු කුසුම් කුමාර
“ජනවර්ග පදනම් කර ගෙන නොව පුරවැසියන්ට දේශපාලන බලය දෙන විසඳුමක්…”- කුමුදු කුසුම් කුමාර
බලය බෙදුවොත් වෙනම දෙමළ රාජ්‍යයක් හදාවි කියන බිය ගොඩ නගන්නේ කවුද, කුමන දේශපාලන අවස්ථා මුල් කර ගෙන ද කියලා…………මේ මතය ජනතාවට ගෙන යන්නේ සිංහල බෞද්ධ ජන කොටස් තුළ අනියත බියක් ඇති කරලා එහි දේශපාලන වාසිය ලබා ගන්න අපේක්ෂා කරන කොටස්……සිංහල බෞද්ධ ජන කොටස්වල ඇති කරන මේ අනියත බියට හේතු සාධක වන කාරණා විග්‍රහ කරන්නත් කටයුතු…
“බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනැමීම සංඝ සංස්ථාව දූෂණයට බඳුන් වීමට හේතුවක්” – කුමුදු කුසුම් කුමාර
අනාගමික රාජ්‍යයක් යනු කුමක් ද? අප මේ ප්‍රශ්නය මතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව වාර්තාවේ ආගම පිළිබඳ කර ඇති එක් නිර්දේශයක් වන “ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු ය” යන අදහස මුල් කොට ගෙන මතු වී ඇති ආන්දෝලනය සලකන විට ය. මහජන අදහස් විමසීමේ කමිටුවේ එම නිර්දේශය ඉදිරිපත් කළ එක් කමිටු…
නලින් ස්වාරිස් : මිතුරන්ගෙන් දේශපාලන සත්‍යවාදී බව අපේක්ෂා කල ඔහු – කුමුදු කුසුම් කුමාර විසිනි.
ආචාර්ය නලින් ස්වාරිස් – අනුස්මරණය උපත 1938.11.06 විපත 2011.04.17 නලින් අප අතරින් වෙන්ව ගියේ හදිසියේ ම ය. ඒ අපවත්, ඔහුවත් බලාපොරොත්තු නොවූ ලෙස ය. ජීවත්ව සිටිය දී මෙන්ම තම මරණයේදීත් නලින් තම සමීපතමයන්ගේ බලවත් අවධානය තමා වෙත ඉල්ලා සිටියේ ය. නලින්ගේ ඇසුර ලැබූ පවුලේ ඥාතීන් සහ මිතුරන්ගේ ජීවිතවලට සහ අපගේ පොදු ලෝකයට නලින්ගේ ජීවිතයෙන් ජනිත…
ව්‍යවස්ථා සම්පාදනය හා පුරවැසි ක්‍රියාකාරීත්වය – වීඩියෝ
ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මහජන අදහස් විම්සීමේ කමිටුව නියෝජනය කරන ආචාර්ය හරිනී අමරසූරිය සහ ආචාර්ය කුමුදු කුසුම් කුමාර ව්‍යවස්ථා සම්පාදනය හා පුරවැසි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජාතික රූපවාහිනියේ ආයූබෝවන් සුභ උදෑසනක් වැඩසටහන සඳහා 2016.01.22 දින ලබා දුන් සම්මුඛ සාකච්ඡාව සහිත සම්පූර්ණ වීඩියෝව මෙහි දැක්වේ.
ධනේශ්වර සංවර්ධනය අනිවාර්ය ඓතිහාසික ඉරණමක් නොවේ – කුමුදු කුසුම් කුමාර
ගෝලීය නව ලිබරල්වාදී යුගයේ වමේ දේශපාලනය “මෙහිදී පළමුව, ඓතිහාසික භෞතිකවාදය පිළිබඳ මාක්ස් ගේ විග්‍රහය විශ්වීය ඓතිහාසික අනිවාර්යයක් පිළිබඳ න්‍යායක් නොවන බව අප වටහා ගත යුතුය. යුරෝපයේ පැවැති තත්වයන් පිළිබඳ අධ්‍යයනයකින් මාක්ස් ගොඩනැඟූ ඓතිහාසික භෞතිකවාදය “ තමන් එතුළ සිටින ඓතිහාසික තත්වයන් කුමක් වුවත් හැම ජනතාවක් මත ඉරණම විසින් පණවනු ලැබූ ලැබූ පොදු මාවතක් (marche generale) පිළිබඳ…


